බෙල්ලෙන් අතට යන ස්නායුව අතේ කණ්ඩරාවන්ට සම්බන්ධ වූ විට විශ්වචි තත්ත්වය ඇති වන අතර ස්නායුව පේශියට සම්බන්ධ වීමේදී අවබාහුක තත්ත්වය ඇති වනු ඇත. අවබාහුක තත්ත්වයේදී බාහු ප්‍රදේශයට පමණක් එහි බලපෑම ඇති විය හැකි අතර විශ්වචි තත්ත්වයේදී එය ඇඟිලි දක්වා පීඩාකාරී විය හැකිය.
එදිනෙදා කටයුතු අපහසුතාවට පත් කරන වාත රෝග බොහොමයක් තිබේ. එයින් ප්‍රධාන අවස්ථාවක් ලෙසට අත ඔසවා යමක් කිරීමේ අපහසුතාවය පෙන්වා දීමේ හැකියාව තිබේ.
මෙය අවබාහුක වාත තත්ත්වය නිසා සහ විශ්වචි වාත රෝග තත්ත්වය නිසාවෙන් ප්රකටව දැකිය හැකිය.
අතට සම්බන්ධ ස්නායු සහ ඊට සම්බන්ධ පේශිS දුර්වල කොට පීඩාවට පත් කිරීම රෝගයට හේතුවයි. බොහෝ විට වේදනාව තීව්ර නොවීමට පුළුවන. අදාළ අතෙහි ක්‍රියාකාරීත්වය බෙහෙවින්ම දුර්වල කරනු ඇත. එනම් හැරවීම, එසවීම, පසුපසට ගැනීම ආදී වශයෙනි.
එසේම වාතය කෝප වන සීත හා රාත්‍රි කාලවලදී මෙන්ම අධික වර්ෂා සමයෙහි වේදනාව තීව්ර කොට පැවතිය හැක. එලෙසටම ක්රියාකාරීත්වයේ දුර්වලතා තවදුරටත් වැඩි දියුණු වීමට පුළුවන.
මෙහිදී ඉහත කී පාරිසරික හේතුන් රෝගය කෙරෙහි බලපාන්නේ වාතය නෛසර්ගිකව පවතින සීත ගුණය හේතුකොට ගෙනය. එයින් අදාළ සම්බන්ධ පේශි තවදුරටත් සංකෝචනය කිරීම නිසා ක්‍රියාකාරීත්වය බෙහෙවින්ම අඩපණ කරයි. බොහෝ විට මේ රෝග අවස්ථාවන්හිදී අනුබද්ධතා ලක්ෂණද දැකිය හැක. එහිදී ඒ සියල්ලටම සාධාරණ වන ලෙසින් ප්‍රතිකාර (චිකිත්සාවන්) සිදු විය යුතුය.
ඉහත කී වාත රෝග තත්ත්වයන්ට අමතරව ආගන්තුක ලෙස අතට සිදු වූ යම්කිසි අනතුරක් හේතුකොට ගෙනද එහි ක්‍රියාකාරීත්වය අඩපණ වීමට පුළුවන. එබැවින් රෝගයට හේතු වන කරුණු කාරණා, ඉතිහාසය පිළිබඳ විමර්ශනය ඵලදායි චිකිත්සාවකට හේතු වේ. ඒ මන්ද යත් සඳහන් කළ රෝග හේතුන්ට එකිනෙකාට වෙනස් වූ චිකිත්සාවන් පවතින නිසාය.
සාමාන්‍යයෙන් වාත රෝග උත්සන්න වන වයස් සීමාව මැදි වයස ඉක්ම වූ හෝ මැදි වයසේ පසු වන අයවලුන් කෙරෙහි වැඩිපුර දැකිය හැක.
ඊට හේතුව ක්‍රමයෙන් මහලු වයසට ළඟා වන පුද්ගලයාගේ ශරීරය තුළ වාත දොaෂ ප්‍රධාන ලෙසින් උත්සන්න වන බැවිනි.
එයින්ද අවබාහුක රෝග තත්ත්වය කාන්තා පාර්ශ්වය කෙරෙහි වැඩිපුර දැකිය හැකිය.
අවබාහුක තත්ත්වයේදී ප්‍රධාන වශයෙන් බාහුව වේදනාවට පත් වේ. අතේ ක්‍රියාකාරීත්වය හීන වේ. ඒ ප්‍රධාන රෝග ලක්ෂණය. තවද ක්‍රියාකාරීත්වයේදී වේදනාවක් දැනීමට පුළුවන.
ප්‍රතිකාරය සඳහා නිවැරදිව රෝගය හඳුනාගත යුතුය. එයට හේතුව තවත් රෝග මේ හා සමානව තිබෙන නිසාවෙනි.
පොදුවේ ගත් කල වාත කෝප හේතු ඇති කරන ආහාර පාන, විහරණ ආදියෙන් වැළකීම යහපත්ය. සීත අධික, රළු (කඩල වැනි ශුෂ්ක ධාන්‍ය වර්ග) ගුණයෙන් යුත් ආහාර, අධික ව්‍යායාම, නිදි වැරීම, බර ඉසිලීම මෙන්ම වෙහෙස කර දුරගමන් සුදුසු නැත. එයට හේතුව අත සහිත පාර්ශ්වය පීඩාවට පත්වීමෙන් එය ස්නායුවට බලපාන නිසාවෙනි.
අවබාහුක තත්ත්වය ඇති වන්නේ බෙල්ලේ සිට අතේ බාහුවට එන ස්නායුව පීඩාවට පත්වීමෙනි. ඒ නිසා ප්‍රතිකාර කළ යුතු වන්නේ අතට නොව බෙල්ලටයි.
මෙවැනි අවස්ථාවල අතට පමණක් ප්‍රතිකාරයෙන් රෝගය සුව නොව බවක් බොහෝ අවස්ථාවල අසන්නට ලැබෙන්නේ රෝගය නිවැරදිව හඳුනා නොගැනීම නිසාවෙනි. මෙවැනි අවස්ථාවල මූලික අවස්ථාවේදීම නිසි දැනුමින් රෝගය හඳුනා ගැනීමේදී ඉක්මනින් සුවය ලබාගත හැක. කල්ගත වීමේදී රෝගය සංකීර්ණ තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකිය.
කෝප වූ වාතය සමනයට අවශ්‍ය පාන ඖෂධ, බාහිරින් තෙල් ආලේපය, (ගි්රව කශේරුකා, බෙල්ල ආශ්‍රිතව තෙල් වැටි යෙදීම) හුමාලය ඇල්ලීම, පොට්ටනිස්වේදය, ලේප පත්තු ප්‍රතිකාර මෙන්ම පුනරුත්ථාපන ව්‍යායාම චිකිත්සා මගින් රෝග සුවය ලැබේ.
ආගන්තුක හේතුවක් නිසාවෙන් අවබාහුක තත්ත්වය ඇති කරන අවස්ථාවන් තිබේ. එනම් වැටීමකදී, තැලීමකදී උර සහ බෙල්ල ආශ්‍රිතව නිසි ප්‍රතිකාර නොගැනීම තුළ මෙවැනි තත්ත්වයකට පත්වීමේ හැකියාව තිබීමයි.
බෙල්ලෙන් අතට යන ස්නායුව අතේ කණ්ඩරාවන්ට සම්බන්ධ වූ විට විශ්වචි තත්ත්වය ඇති වන අතර ස්නායුව පේශියට සම්බන්ධ වීමේදී අවබාහුක තත්ත්වය ඇති වනු ඇත. අවබාහුක තත්ත්වයේදී බාහු ප්‍රදේශයට පමණක් එහි බලපෑම ඇති විය හැකි අතර විශ්වචි තත්ත්වයේදී එය ඇඟිලි දක්වා පීඩාකාරී විය හැකිය.
සැබැවින්ම අත සම්බන්ධ පීඩාකාරී තත්ත්වයකදී එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටලුවකදී රෝගය නිවැරදිව හඳුනාගත යුතු වන්නේ රෝග කිහිපයක් තිබෙන නිසාවෙන් නිවැරදි ප්‍රතිකාර වෙනුවෙනි.