Health
දහඩිය ගඳ නැති කරගන්න පුළුවන්
රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය
මහින්ද හේමප්රිය
ර්ණදහඩිය කියන්නේ සාමාන්‍යයෙන් කිසිම ගඳක් සුවඳක් නැති දියරයක්ග නමුත් සම මතුපිට ඇති බැක්ටීරියා විෂබීජ කිහිප වර්ගයක් මඟින් මේ දහඩිය තුළ අඩංගු ප්‍රෝටීන හා තවත් එවැනි දේ මත ක්‍රියාකර ර්ණඅම්ල” හෙවත් ර්ණඇසිඩ්” වලට හරවනු ලබනවාග මෙම ර්ණඇසිඩ්” වර්ගවල ගඳ ර්ණදහඩිය ගඳ” හෙවත් ශරීර ගඳ ලෙස අප විස්තර කරනු ලබනවාග ඇත්තටම මෙම දැනීම ගඳක් දල සුවඳක් ද යන්න නිගමනයකට එන්නට බැහැග අප තුළ මානසික ලෙස මුල් බැස ඇති සංවේදනයන් අනුව එය ගඳක් ලෙස විස්තර කරනු ලබනවාග ඒ වගේම එය අක්‍රිය කිරීමට ද පුරුදු පුහුණුව වී තිබෙනවාග (Perceived as unpleasant) ශරීර දුඟද බොහෝවිට ඇතිවන ස්ථාන ලෙස පා යුගලල ඉකිලියල කිහිලි ප්රදේශල ලිංගේන්ද්‍රිය ආශි‍්‍රත ප්රදේශල රෝම ආශි‍්‍රත ප්රදේශල ගුදය ප්‍රදේශය කන පිටුපස ප්‍රදේශය සහ කලාතුරකින් අනිකුත් ප්‍රදේශ දැක්විය හැකි වෙනවාග මෙම දුඟද එක් එක් පුද්ගලයාට විශේෂිත හා ආවේණික වෙනවාට අමතරව බල්ලන් වැනි සතුන්ට එය පහසුවෙන් හඳුනාගත හැකි වෙනවාග ඉව ලෙස හඳුන්වන මෙය ඉතා ප්‍රයෝජනවත් වෙනවාග ඒ වගේම ශරීර ගඳ අප ගන්නා ආහාරල ස්ත්‍රී පුරුෂභාවයල රෝග තත්ත්වයන් හා ඖෂධ වර්ග අනුව වෙනස් වන බැව් සඳහන් කළ යුතු වෙනවාග
විශේෂයෙන් දැක්විය යුතු කරුණක් වන්නේ කිහිලිල ඉකිලි හා පියයුරු තුඩු ආශි‍්‍රත ප්‍රදේශවල ඇති කිසියම් වර්ගයකට අයත් ශ්වේද ග්‍රන්ථි විශේෂයක් (Apocrine glands) මඟින් ස්රාවය කරනා ආවේණික ගන්ධය ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය කෙරෙහි බලපෑමක් ඇති කරනු ලබනවාග මෙම ස්රාවයන් ර්ණෆෙරමෝන්” Pheromones ලෙස විස්තර කරනු ලබනවාග පුද්ගලයන් අතර සම්බන්ධයන්ට හා ආකර්ශණයන්ට මේවා මඟින් යටි හිතට බලපෑම් එල්ල කරනු ලබනවාග ඒ වගේම මෙම වර්ගයට අයත් දහඩිය ග්‍රන්ථි වලින් ස්රාවය කරන දහඩිය තුළ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි නිසා බැක්ටීරියා විෂබීජ ඒවා මත ක්‍රියාකිරීම පහසු වන නිසාල ර්ණශරීර ගඳ” ඇතිවීමට වැඩි දායකත්වයක් දක්වනවාග බැක්ටීරියාල දහඩිය තුළ ඇති ප්‍රෝටීන් මත ක්‍රියාකර අතුරු ඵල වර්ග දෙකක් ප්‍රධාන කොට සාදනවාග Propionic acid ඉන් එක් වර්ගයක්ග
රසායනිකව මේවා විනාකිරි වලට සමාන නිසා එවැනි ගඳක් මෙමඟින් වහනය වෙනවාග අනික් ඵලය වන්නේ Isovaleric acid යන අම්ලයයිග
ශරීර දුඟද සාමාන්‍ය හා ස්වභාවික දෙයක් නිසා ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැග නමුත් එය සීමාව ඉක්මවා ඇතිවිට හා විශේෂයෙන් තමන්ගේ සමීපතමයන් විසින් පවසන විට ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වනවාග මේ සඳහා සිදුකළ හැකි ප්‍රතිකාර විධි කිහිපයක් ගැන සරලව විමසා බලමුග
ර්ණකිහිලිර්ණ ප්‍රදේශය ශරීර දුඟද ඇති කිරීමට බොහෝ සේ ඉවහල් වන නිසා ඒ ආශි‍්‍රතව සිදු කළ යුතු කාර්යයන් කිහිපයක් වනවාග ඉන් ප්‍රධාන වන්නේ සබන් යොදා නිතර පිරිසිදු කිරීමයිග මේ මඟින් බැක්ටීරියා ගහනය පාලනය මඟින් ර්ණඅම්ල” සෑදීම අඩු වෙනවාග ප්‍රායෝගිකව වැදගත් කරුණක් වන්නේ විවිධ වූ ඖෂධ අඩංගු සබන් හා ආලේපන ගැන සැලකිලිමත් වීමයිග මේ මඟින් ශරීරය මත රැඳී සිටින අනෙකුත් බැක්ටීරියා ද විනාශ වීම මඟින්ල දහඩිය දුඟද ඇති කරන බැක්ටීරියා ගහනය වැඩි වීමට ඉඩ ප්රස්ථා පෑදිමත්ල දිලීර වැනි අනිකුත් ආසාදන වැඩිවීමටත් හේතුවිය හැකි වනවාග ප්‍රායෝගිකව වඩාත් වැදගත් වන්නේ කිසියම් එක් සරල සබන් වර්ගයකට හුරුවීමයිග කිහිලි ආශි‍්‍රත අනිකුත් කාරණය ර්ණරෝම” යිග මෙම රෝම දහඩිය වාෂ්ප වීම අඩාල කරනා බැවින් ගඳ ඇතිවීමේ ඉඩකඩ වැඩි කරනවාග නිරන්තරයෙන් පිරිසුදු රේසරයක් මඟින් රෝම ඉවත් කිරීම දහඩිය ගඳ අඩු කිරීමට ඉවහල් වෙනවාග
මීට අමතරව වෛද්‍යවරුන් විසින් Botulinum නම් වූ උග්‍ර විෂ වර්ගයක් සැර බාලකර එන්නත් කිරීමෙන් දහඩිය ඇති කරන ස්නායු ක්‍රියාකාරීත්වය අඩු කර දමනවාග
කිහිලි හැරුණු කොට පොදුවේ ගත් කල පහත සඳහන් ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවාග දිනපතා ස්නානය හා ශරීරය පිරිසුදුව තබා ගැනීමල මඳ උණුසුම් වතුරින් ශරීරය පිරිසුදු කිරීම හා උෂ්ණාධික දිනවල දහඩිය නිතර ඇතිවන නිසා නිතර පිරිසිදු වීමත් වැදගත් වනවාග ඒ වගේම ඇඳුම් පැලඳුම් තෝරා ගැනීමේදී කපු වැනි ස්වභාවික නූල් වලින් සෑදූ රෙදි භාවිතය දහඩිය උරා ගැනීම හා එමඟින් පිටතට වාෂ්ප කිරීම මැනවින් සිදුවනු ලබනවාග
කෘත්‍රිම රෙදි වර්ග මඟින් :නයිලෝන්ල පොලියෙස්ටර්- දහඩිය උරා ගැනීමක් නිසිපරිදි සිදු නොවන නිසා දුඟද වැඩි වෙනවාග අප ගන්නා ආහාරත් දහඩිය දුඟද කෙරෙහි බලපානු ලබනවාග කුළුබඩු අධික ආහාරල මස් වර්ග අධිකව අනුභව කිරීමත් දහඩිය දුඟදට බලපානවාග
ශරීර දුඟද හෙවත් දහඩිය ගඳ ගැන ඔබගේ දැනුම පුළුල් කිරීමට අද ලිපිය ඉවහල් වුණා කියා මා සිතනවාග
curtesy :dinamina.lk