Health
දද - කුෂ්ට - පොතුකබර - සුදුකබර රෝගීන් කළ යුතු සහ නොකළ යුතු දේ
අපගේ ශරීරයේ විශාලතම ඉන්ද්රිය සමයිග සම බාහිර පරිසරයට නිරාවරණය වීම නිසා විවිධ විපර්යාසයන්ට ලක්වීමට ඇති ඉඩකඩ වැඩියිග එබැවින් ඇතිවන බාහිර බලපෑම හේතුකොට ගෙන නොයෙක් චර්ම රෝගවලට මුහුණ දීමට සිදුවන නිසා සම ආරක්ෂා කර ගැනීම බොහෝ සෙයින් වැදගත්ග ඉක්මනින් සමට විෂබීජ ඇතුළු වීමේ හැකියාව වැඩි බැවින් සමේ රෝග ඇතිවීමේ සම්භාවිතාව වැඩියිග සම ආරක්ෂා කර ගැනීමට උනන්දු වීමෙන් සමේ රෝග වළක්වා ගත හැකියි
හඳුනා ගැනීම
සම මතුපිට ඇතිවන විවිධ රෝග මුලින්ම හඳුනා ගැනීම බෙහෙවින්ම වැදගත් වන්නේ රෝගය කල්තියා හදුනාගැනිම භයානක තත්ත්වයෙන් මුදවා ගැනීමට හොදම මග බැවිණිගග
වෛද්‍යවරයෙකුට මෙවැනි රෝග හඳුනා ගැනීම සඳහා රෝගියා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව රෝගියාව හොඳින් පරීක්ෂා කර ඔහුගේ ජීවන රටාවල වයසල පරිසරය හා ජීවත්වන ආකාරය පිළිබඳව තොරතුරු දැන ගැනීමෙන් එය සුවකළ හැකිද යන්න තීරණය කළ හැකියිග සායනිකව ද රෝගය හඳුනාගත හැකි තවත් ක්රමයකිග
ප්‍රතිකාරයට වඩා වළක්වා ගැනීම
චර්ම රෝග නිසා ඇතිවන අපහසුතා බොහෝ ඇතග රූපය අවලස්සන වීම ඉන් ප්රධානයිග සුමටව දීප්තිමත්ව බැබලෙන සමක් ඇති කර ගැනීමට නම් චර්මය ආශි‍්‍රත රෝග පලවා හැරිය යුතුයිග චර්ම රෝගයේ තත්ත්වය හා චර්මයට බලපානු ලැබූ වෙනත් පාරිසරික හේතු සොයා බලා ඒවාට නිසි පිළියම් යෙදීමෙන් රෝගය වළක්වා ගත හැකියිග මුලින් රෝගය පැමිණෙන විධි සොයා ඒවාට බාධක පැනවීම ද කළ හැකියිග සම මතුපිට මෙන්ම වෙනත් ඉන්ද්‍රියන්වල පවතින රෝග තත්ත්වයන් ද මෙම රෝග ඇතිවීමට බලපානු ලැබේග
රෝග ගණනාවක්
චර්ම රෝග මහා රෝගයකිග කුෂ්ට රෝග ඝනයට අයත්යග ප්‍රධාන වශයෙන් කුෂ්ට රෝග 18ක් ඇති බව ආයුර්වේදයේ සඳහන් වේග මහා කුෂ්ට 7ක් හා ඉතිරි රෝග 11 ක්ෂුද්‍ර කුෂ්ට රෝග ලෙස ගැනේග මින් සුදු කබරල පොතු කබර :ඵධපඪඵඪඵ- ප්‍රධාන ලෙස සැලකිල්ලට ගනු ලබන චර්ම රෝග තත්ත්වයන්යග
චර්ම රෝගයක තිබිය හැකි ලක්ෂණ
සිරුරේ සමේ වර්ණයේ වෙනසක් ඇතිවීමල කැසීමල බිබිලි හට ගැනීමල සමහරවිට කලාතුරකින් වේදනා ඇති වේල දියර බිබිලි හෝ සැරව ඇතිවීමල දද හෝ කුෂ්ට ලෙස ඇති වේල සම තුළ පොදුවේ ඇතිවන වෙනස්වීම් දැකිය හැකි ලක්ෂණයිග
පරීක්ෂා කිරීම හා සැලසුම් කිරීම
චර්ම රෝග පරීක්ෂාවේදී භාවිතා වන ක්‍රම දෙකට ආයුර්වේදය ප්‍රතිකාර ක්‍රමය සැලසුම් කර ඇතග ඒල
රසායනික පරීක්ෂාව හා ස්ථානික පරීක්ෂාවයිග මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී විවිධ ලෙස සිදු කිරීමට යොමුවන්නේල රෝග තත්ත්වය එක් එක් රෝගියාගෙන් රෝගියාට වෙනස් වන නිසයිග ආයුර්වේද රෝහලක සිදු කරනවා නම් බරපතල රෝග තත්ත්ව හමුවේ රෝගියා නේවාසික විය යුතුයිග මෙහිදී පංචකර්ම උපක්‍රම භාවිතා කළ හැකියිග එසේ නම් ඔබට නේවාසිකව ප්‍රතිකාර කිරීම වඩාත් සුදුසු බව සැලකේග සුව කළ හැකි තත්ත්වයේ නම් සාමාන්‍ය පරිදි සිදු කළ හැකියිග
ආහාර රටාව
වෙනත් ලෙඩ රෝග මෙන් නොව මෙහිදී රෝගය උත්සන්න වීමට ආහාර ද බලපාන බව නම් පැහැදිලියිග උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටීම බෙහෙවින් වැදගත් වේග
එළවළු මිශ්‍ර ආහාරල සුදුසු වන අතර සත්ත්ව ප්‍රෝටීනවලින් එන ආහාර එනම් මස්ල මාළුල කිරිල බිත්තර සුදුසු නැතග රෝග තත්ත්වය සුව වන තෙක් මෙවැනි ආහාර නොගත යුතුයිග සැහැල්ලු ආහාර හා සිරුරට හානි කරනොදෙන ආහාර ලබා දීම සුදුසු වේග
මඤ්ඤොක්කාල හතු වර්ගල අන්නාසිල මැංගුස්ල රඹුටන්ල අච්චාරුල මෙවැනි රෝග තත්ත්ව හමුවේ ආහාරයට නොගත යුතුයිග හාල්මැස්සන් පවා උෂ්ණාධික ආහාරයක් ලෙස ගැනෙන නිසා චර්ම රෝගවලදී භාවිතා වන්නේ නැතග චර්ම රෝගවලදි සත්ත්ව ප්‍රෝටීන් අගුණ වෙයිග
චර්යා රටාව
සමේ රෝගවලදී නොකළ යුතු චර්යා රටාවන් කිහිපයක් ඇතග නිදි වැරීම සුදුසු නැතිබව කිව යුතුයිග අඩුම වශයෙන් පැය 6ක් වත් නිදාගත යුතුයිග මෙම තත්ත්වය මැදිවයසේ කාණ්ඩවල අයට විශේෂ වේග බාල හා මහළු අය හැර මෙම චර්යා රටාව අනුගමනය කළ යුතුයිග අධිකව වෙහෙසීම හා බර වැඩ කිරීම එනම් අධික ලෙස දහඩිය දැමීම සුදුසු නැතග දියර පානය කිරිම සුදුසුයිග කුෂ්ට රෝගියෙකු නම් දියර පානය අත්යවශ්යයිග අව්වෙන් වැස්සෙන් වැළකී සිටිය යුතුයිග එසේම රැකියා කරන අවස්ථාවලදි සමට ඇතුළු වන විෂබීජ හෝ අපද්‍රව්‍ය ඇතුළු විමට ඉඩකඩ :සිමෙන්ති කම්හලක අයෙක් නම් සිමෙන්ති වැදීම- වැඩි බැවින් ඉන් වැළකීමට උනන්දු වන්නග
මානසික ආතතිය නැති කිරීම සන්සුන් මනසක් ඇති කිරීමග පමණ දැන ආහාර ගැනීමල ආහාර ගත් විගස නැවත ආහාර නොගැනීම එසේම නොගැලපෙන ආහාර ගැනීමෙන් වැළකිය යුතුයිග උදාග මාළුල මුදවපු කිරිල තක්කාලිල අන්නාසි වේග
ප්‍රතිකාර
වෛද්‍යවරයා විසින් රෝගියාගේ තත්ත්වය අනුව පූර්ව කර්මයක් සිදු කරයිග මෙය ශරීර ශෝධනයකිග මෙය සිදු කරනුයේ රෝගියා තුළ පවතින විෂ පදාර්ථ ඉවත් කිරීම සඳහා එක් තැනකට එක්රැස් කිරීමයිග පසුව මෙම විෂ කොටස් ඉවත් කිරීම සඳහා පංචකර්ම මඟින් බැහැර කිරීම සිදු වේග ඉන් පසු රෝගියාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා පශ්චාත් කර්ම සිදු වේග මෙහිදී සිදුවන්නේ ආහාර රටාවල චර්යාව යළි යථා තත්ත්වයට පත් කර ගැනීමයිග ඒ කියන්නේ මෙම ප්රතිකර්මය යන අතරතුර මෙම රටාවන් වෙනස්වන නිසයිග කුඩා දරුවන් හා වැඩිහිටියෙකු නම් ඖෂධ මඟින්ම ශෝධනයක් සිදු කෙරේ
curtesy :
dinamina.lk