Health
දත්වල මැලියම් ඉවත්කර ගැනීමට දත් මැදිය යුතු අන්දම
වීදුරු මස් රෝගී වන්නේ දත්වල මැලියම් ඇති නිසයි
දත් නැති දා උක්දඬු ගිනි තපින්නදැයි පැරණි කියමනක් තිබේගඑය අගනා කියමනකිග මන්ද දත් නැති කල අපගේ මුළු පෞරුෂයම බිඳ වැටෙනු පමණක් නොව ඒ සෞඛ්‍ය ගැටලුව අපගේ මුළු දිවියම යම් විටක එපා කර දැමිය හැකි බැවිනිග එබැවින් අපගේ දත් ටික රැක ගැනීම නම් අත්‍යවශ්‍යම කරුණකිග
දන්ත සෞඛ්‍යය ගැන කතා කරන විට ප්රමුඛව අවධානයට ලක්වන කරුණක් වනුයේ විදුරුමස් රෝගයිග විදුරුමස් රෝග හඳුනාගැනීමට පෙර අප නිරෝගී
විදුරුමසක ස්වභාවය හඳුනාගැනීම ද වැදගත්යග
නිරෝගී විදුරුමස
නිරෝගී විදුරුමස් සාමාන්‍යයෙන් දොඩම් ලෙල්ලක ස්වභාවය ගනීග රෝස පාටක් ඇතග සමහර විට කළු පැහැයක් ද විය හැකග :නමුත් රතු පාට නොවේග-
විදුරුමස් දාරය පිහිතලයක පෙනුමක් ගනීග නිරෝගී විදුරුමස් හොඳින් පැතිරුණු දිලිසෙන ස්වභාවයෙන් යුක්තයග
තවද එම විදුරුමස් දාරය වටා දත සහ විදුරුමස අතර මිග මිග දශම 5ක පමණ කුඩා පරතරයක් ද පවතීග එය සාමාන්යයග
නමුත් රෝගී වූ විදුරුමස ඉදිමුණු ස්වභාවයක් ගනීග එසේම විදුරුමස් දාරයේ හා දත් මතුපිට දත් මැලියම්ද එකතු වී පවතිග විදුරුමස රතු පාට වියහැකි අතර තද කළ විට රුධිරය පිටවිය හැකි අතර දුගඳක්ද හැමිය හැකග
මෙය විදුරුමස් රෝගයක මුල් අවස්ථාව වශයෙන් ද හඳුනාගත හැකග එසේ නම් විදුරුමස රෝගී වීමට බලපාන ප්‍රධානතම සාධකය කුමක්දරෑ
දත් මැලියම්
විදුරුමස් රෝගී වීමට බලපාන මූලික හා ප්‍රධානතම සාධකය දත් මැලියම්යග
මොනවාද මේ දත් මැලියම්ගගගගරෑ
දත් මැලියම්වල බැක්ටීරියා සහිතයග තවද බැක්ටීරියාවල බහිස්රාවීය ද්‍රව්‍යල කෙළවල කොටස්ල අප ගන්නා ආහාරවල කොටස් යනාදී සියල්ලේම එකතුවකි දත් මැලියම්ග
තවද අප ගන්නා ආහාරවල ඇති සීනි මත ප්‍රතික්‍රියා කොට අම්ලවර්ග මෙන්ම වෙනත් විස ද්‍රව්‍ය ද සාදනු ලබයිග එම විස ද්‍රව්‍ය හේතුවෙන් විදුරුමස් රෝග ඇති වේග මේ හේතුවෙන් විදුරුමස ඉදිමීම රුධිරය ගැලීම වැනි තත්ත්ව හටගත හැකිවේග
හොඳින් දත් මැදීමෙන්
දත් හොඳින් නිසියාකාරව මැදීමෙන් මෙම මැලියම් ඉවත් වී එහි ඇති විසබීජ ඉවත්වීමෙන් විදුරුමස ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වේ
ප්‍රධාන හේතුව නොදැනුවත්භාවයයිග
විදුරුමස් රෝග හටගැනීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ අපගේ නොදැනුවත්භාවයයිග නමුත් දන්ත සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්වීමෙන් හා නිවැරදිව දත් මැදීමෙන් එය නැවත නිවැරදි කරගත හැකියග
නිවැරදිව දත් මැදීම මේ තත්ත්වය මඟහරවා ගැනීමට හැකි හොඳම සහ සාර්ථකම ක්රමයයිග නිවැරදිව දත් මැදීම හා නිවැරදි දත් බුරුසුවක් ඒ සඳහා තෝරා ගැනීමද බොහෝ වැදගත් වේග
නිවැරදි දත් බුරුසුවක් තෝරා ගැනීම යනුවෙන් අදහස් වන්නේ කුමක්දගගගගරෑ
හොඳ දත් බුරුසුවක කෙඳි සමාන උසකින් තිබිය යුතුයග කෙඳි සහිත කෙළවර අග රවුම් විය යුතුයග බුරුසුවේ අග කෙළවරද රවුම් විය යුතු අතර මිට නැමි සහිත නම් සෑම දතක්ම හොඳින් පිරිසුදු කිරීමේ හැකියාව ඇතිවේග තවද දත් බුරුසුවක කෙඳි ඕනෑවට වඩා දිගුවීමද අවශ්‍ය නොවේග එය සෙගමීග 2 1රැ2 - 3ක් එනම් පුද්ගලයකුගේ හක්කේ දත් දෙකක පමණ ප්‍රමාණයකින් යුක්තවීම ප්රමාණවත්වේග තවද දත් මදින විට දත මතුපිට ඇතිල්ලීම පමණක් ද ප්‍රමාණවත් නොවේග එය දත් මැදීමේ නිවැරදි පිළිවෙත නොවේග දත් මැලියම් ඉවත් කිරීමට නම් විදුරුමස වටේටම මැදිය යුතුවේග මන්ද වැඩිපුරම මැලියම් ඇත්තේ එහි වන බැවිනිග තවද දත මතුපිට මැදීම ද වැදගත් වේග එහිදී දතේ පිටපැත්තල ඇතුල් පැත්ත සපන පැත්ත ආදී හොඳින් මැදීම වැදගත්යග
උදෑසනට හොඳින් දත් මැදීමට පුුරුදු වන අප එබඳුම සැලකිල්ලක් රාත්‍රී කාලයේදීද දැක්විය යුතුමයග සාමාන්‍යයෙන් දිවා කාලයේදී අපගේ මුඛයේ කෙළ වැඩිපුර පවතීග එබැවින් මුඛයේ ආම්ලික ගතිය මෙන්ම විසබීජ ද අඩු ප්‍රමාණයක පවතීග
නමුත් රාත්‍රී කාලයේ නින්දේදී අපේ මුඛය වඩාත් වියලි ස්වභාවයකින් පවතීග එහිදී මුඛයේ ඇතිවන විසබීජ හා ආම්ලිකතාවද වැඩි වේග මේ නිසා රාත්රියේදී විදුරුමස් රෝග හා දත් දිරායෑමට ඇති හැකියාවද වැඩිවේග අප නින්දට පෙර දත් මැදිය යුත්තේ මේ හේතුව නිසායග
සාමාන්‍යයෙන් කෙළවල ආම්ලික බව අඩු කිරීමේ හා විසබීජ විනාශ කිරීමේ හැකියාවක් පවතින අතර රාත්‍රී කාලයේ මේ ක්‍රියාවලියේ සිදුවීම අඩු මට්ටමකින් සිදුවේග එබැවින් රාත්‍රී නින්දට පෙර අප හොඳින් මුඛය පිරිසුදු කොට තැබීම වැදගත් සාධකයක් වශයෙන් හඳුනාගත යුතුය
curtesy :dinamina.lk