Health
ගැස්ට්‍රයිටීස් රෝගයට නිසි ප්‍රතිකාර නොකළොත් තත්ත්වය දුරදිග යා හැකියි
කාලෙන් කාලෙට පුද්ගලයන්ට මුහුණදීමට සිදුවන බොහෝ ලෙඩ රෝග එක්තරා ආකාරයකට රැල්ලක් වගේ හැම කෙනාගෙම ජීවිතවලට බලපෑම් එල්ල කරනවාග එවැනි ලෙඩරෝග අතර ගැස්ට්‍රයිටීස් කියන්නේ කාගේත් මුවඟ රැඳුණු බොහොම ජනප්‍රිය ඝනයේ රෝගයක්ග ජනප්‍රිය රෝගයක් වගේම කාගේත් ගතට විතරක්ම නෙමෙයිල මේ නිසා සිතටත් එකසේ පීඩා ගෙනදෙන රෝගයක්ග මෙහි කරදරකාරී බව කෙතරම්ද කියනවා නම් නිසි ආකාරයෙන් ප්‍රතිකාරයක් නොකළොත් එමඟින් ඇතිවන ජීර්ණ පද්ධතියේ දුර්වලතාවන් නිසා පසුකාලීනව ඇතිවිය හැකි උපද්‍රවයන් ඉතාමත් පීඩාකාරී විය හැකියිග
මූලික වශයෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කළොත්ගගගගරෑ
ශරීරය සෑදී ඇති පද්ධති සියල්ල සලකා බැලූ විට ආහාර ජීරණ පද්ධතියට සුවිශේෂී තැනක් හිමිවෙයිග පුළුල්ව සිතා බැලුවහොත් අන් සියලුම පද්ධතීන්ටත් වඩා වැදගත්ම පද්ධතිය වන්නේ ආහාර ජීර්ණ පද්ධතියයිග ඊට හේතුව ශරීරයේ අන් සියලුම පද්ධතීන්ට පෝෂණය සැපයීමේ පූර්ණ වගකීම දරන්නේ ආහාර ජීරණ පද්ධතිය වීමයිග
ශරීරයේ කුඩාම තැනුම් ඒකකය වන සෛලවලට පෝෂණය සැපයීමට නම් අප ගන්නා ආහාර එම සෛලවලට උරාගත හැකි මට්ටමට සරල කොටස් බවට පත්විය යුතුයිග ජීරණ ක්‍රියාවලිය අතරමඟ නතර නොවී අප ගන්නා ලද ආහාරවල ඇති පෝෂක කොටස් සෛලවලට උරාගත හැකි අවසාන ඵල බවට පත් කෙරෙන්නේ ජීරණ පද්ධතියේ මූලිකත්වයෙනිග එසේ වීමට නම් ආහාර ජීරණ පද්ධතිය තුළ සිදුවන සියලු ක්‍රියාවන් යහපත් විය යුතුයග නමුත් ගැස්ට්‍රයිටීස් රෝග තත්ත්වය විවිධ ස්වරූපවලින් පවතින විට ආහාර ජීරණ පද්ධතියේ යහපත් වූ ස්වභාවික ක්‍රියාවලිය අක්‍රමවත් වෙයිග අනෙකුත් සියලුම පද්ධතීන්වලට අහිතකර වූ බලපෑම් ඇතිවන්නේ එතැන් සිටයග
ගැස්ට්‍රයිටීස් නිසා ඇතිවන රෝග ලක්ෂණ හා ඒ ආශ්රිත අනෙකුත් ගැටලු මොනවාදගගගගරෑ
ආහාර ගැනීමෙන් පසු උගුරට ඒමල බඩේ දැවිල්ලල බඩ පුරවා දැමීමල ආමාශයේ තුවාලල පපුව හිරවීම වැනි ලක්ෂණ ඇතිවිට පමණක් ගැස්ට්‍රයිටීස් රෝගය ඇතැයි ඇතැමුන් සිතතිග නමුත් මෙම ලක්ෂණ ඇතිව හෝ නැතිව ආහාර ජීරණ පද්ධතියේ ඇතිවන විවිධ සංකූලතා හේතුවෙන් හටගන්නා ආහාර හරිහැටි නොදිරවීම නිසා ඇතිවන තවත් ගැටලු තිබේග
ඒවා නම් හිසේ කැක්කුමල ක්ලාන්ත ගතියල කරකැවිල්ලල පිට කොන්දෙ කැක්කුමල ඇඟපත අමාරුවල අලස බවල අධික ලෙස කේන්තියාමල ශරීරයේ අප්‍රාණික බවල නිතර නිදිමත හෝ නින්ද නොයෑමල මලමුත්‍ර පිටවීමේදී ඇතිවන අපහසුකම් සහ අක්රමිකතාවන් ආදී ලක්ෂණයන්යග මෙසේ මුල් අවදියේදීම මෙවැනි ලක්ෂණ පහළවීමෙන් පෙනී යන්නේ ගැස්ට්‍රයිටීස් හෝ ජීරණ පද්ධතියේ ඇති දුර්වලතාවන්ගේ බලපෑම අනෙකුත් සියලුම ඉන්ද්‍රියයන්ට හෝ පද්ධතීන්ට බලපෑ ඇති බවයිග
මෙවැනි ජීරණ දුර්වලතාවන් කල් යත්ම දිගුකාලීන ආපදාවන් ඇති කරනු ලැබේග ගැස්ට්‍රයිටීස් හෝ වෙනත් ආහාර ජීර්ණයේ දුර්වලතාවන් ඇතිවිට ගන්නා ලද ආහාර සිරුරට අවශෝෂණය කළ හැකි අවසාන ඵල බවට පත් නොවේග එනම් ඒවා විසක් ලෙස රුධිරයට එකතු වෙයිග මේවා ආයුර්වේදීය වෛද්‍ය විද්‍යානුකූලව හඳුන්වනු ලබන්නේ ර්ණආම” යනුවෙනිග එම ආම තත්ත්වය යනු සැබෑ ලෙස නොදිරවූ ආහාර රසයකිග එයින් ශරීරයේ කිසිදු සෛලකයට නිසියාකාරව ක්‍රියාකාරී වීමට නොහැකි වෙයිග
මෙම ආම රසය රුධිරය හරහා කුමන පද්ධතියකටල ඉන්ද්රියයකටල පටකයකට හෝ සෛලකට ගෙනගියද එම ස්ථානයෙහි ස්වභාවික ක්‍රියාවන් අක්‍රමවත් කරවයිග එය පිටතට පෙන්වන්නේ රෝගයක් හෝ රෝග ලක්ෂණයක් ලෙසටයිග උදාහරණ වශයෙන් හිස කැක්කුමල ඇඟපත රිදීම්ල මල පිටවීමේ අක්රමිකතාග
නමුත් දිගුකාලීන රෝග ඇති කරන්නේ ඉහත කී විස කොටස් මඟින් තෝරාගත් පද්ධතියක් හෝ අවයවයක් මුළුමනින්ම අකර්මණ්‍ය කළ විටයිග උදාහරණ ලෙස එම විස කොටස් බලපෑම් එල්ල කළේ වකුගඩු හා මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව නම් වකුගඩු ආබාධල මුත්‍රා රෝග ආදී ඇතිවිය හැකියිග
ගැස්ට්‍රයිටීස් රෝගයට නිසි ප්‍රතිකාර නොකළොත් තත්ත්වය දුරදිග යා හැකියි
මෙම සියලු රෝගී තත්ත්වයන් ඇති කිරීමට මූලික හේතුව වන්නේ ගැස්ට්‍රයිටීස් හෝ ආහාර ජීරණ පද්ධතියේ විවිධ අක්රමිකතාවයන් බැවින් එම තත්ත්වය අප විසින් හැකි ඉක්මනින් සුව කර ගත යුතුයිග මෙම රෝගී තත්ත්වය නිට්ටාවටම සුව කළ හැක්කේ නිවැරදි ආයුර්වේදීය වෛද්‍ය ක්‍රම භාවිතා කිරීමෙනිග නමුත් වර්තමානයේ බොහෝ දෙනාගේ කාර්යය බහුලත්වය නිසා බොහෝ අය ආයුර්වේද ඖෂධ සැකසීමට මැලිවූවත් පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි නිෂ්පාදනය කරන ලද ආයුර්වේදීය ඖෂධ මඟින් රෝගී තත්ත්වයන් පහසුවෙන් සමනය කළ හැකියි
curtesy :
dinamina.lk