Life
ගස්ලබු කොළ පානය කිරිමෙන් ලැබෙන විශ්මිත ප්‍රතිඵල මෙන්න
ගස්ලබු කියන්නේ අපි කවුරුත් ප්‍රියකරන පළතුරක්. මේ පළතුරෙන් අපට සෞඛ්‍ය ප්රතිලාභ රැසක් ලබාදෙනවා. ඒත් අද මේ ලිපියෙන් කියවෙන්නේ ගස්ලබු මෙන්ම ගස්ලබු කොළ පානයෙන් ඔබට ලබාගත හැකි වටිනා ඖෂධීය ගුණයන් පිළිබඳවයි.
ගස්ලබු කොළවල අඩංගුවන කැල්සියම්, විටමින් A, විටමින් B, විටමින් C, විටමින් D, විටමින් E, පොස්පරස්, යකඩ, ප්‍රතිඔක්සිකාරක වැනි වටිනා ගුණයන් මගින් අපගේ ශරීරයේ බොහෝ ලෙඩරෝගවලට ප්‍රතිකාරයක් වනවා.
ගස්ලබු කොළ පානය සකසා ගන්නා අයුරු
නොමේරු ගස්ලබු කොළ කිහිපයක් අරගෙන හොඳින් සෝදලා කුඩා කෑලි වලට කපා ගෙන පිරිසිදු බඳුනකට දා ගන්න. එයට වතුර ලීටර් 1.5ක් 2ක් පමණ එකතු කරලා මද ගින්නේ රත් කර ගන්න. වතුර ප්‍රමාණයෙන් බාගයක් විතර හිඳුනට පස්සේ ලිපෙන් බාගෙන් නිවෙන්න තියලා පසුව පානය කරන්න.
ගස්ලබු කොළ පානය කිරිමෙන් සුවකර ගත හැකි ලෙඩ රෝග
01. ඩෙංගු සුව කිරීම. ඩෙංගු රෝගයේදී අඩු වන රුධිර පට්ටිකා වර්ධනය කිරීම සඳහා උපකාරී වෙනවා
02. දියවැඩියාව පාලනය කරයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරන්න ගස්ලබු කොටා පානයට පුළුවන්
03. පිළිකා වැළැක්වීම. පිළිකා තත්ත්වයන්ට හේතු වන සෛල වල වර්ධනය වැළැක්වීම මගින් පිළිකා මර්ධනය කරයි
04. බැක්ටීරියා නාශකයක්. ඒ මඟින් අහිතකර බැක්ටීරියා වර්ධනයට බාධා පමුණුවනවා
05. මැලේරියා වෛරසයට එරෙහිව සටන් කරයි
06. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක සහ ප්රතිබැක්ටිරියා දියවැඩියා රෝගීන්ගේ තුවාල ඉක්මනින් සුව කරයි
07. ආහාර ජීර්ණය පහසු කරවමින් මලබද්ධය සුව කරයි
08. හිස කෙස් වර්ධනය කරයි
09. ඔපස් වේදනාව අවම කරයි
(under the courtesy of hirutv.lk blog web)