Beauty
ගර්භණී මව්වරුනි මේ ස්පා ප්‍රතිකාරය ඔබටයි
ගර්භණී භාවය ස්ත්‍රියකගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක්. මෙහිදී සෑම මවක්ම බලාපොරොත්තු වන්නේ ආරක්ෂිත ගර්භණී භාවයක් පහසු ප්‍රසවයක් මෙන්ම නිරෝගී දරු සම්පතක්. ගර්භණී කාලය තුළ විවේකීව සිටීමෙන් පමණක් මේ සියල්ල ලැබෙතැයි ඔවුන් අපේක්ෂා කරයි. නමුත් මෙම අවධියේදී කායික මෙන්ම මානසික සැහැල්ලු භාවය ද අත්‍යවශ්‍යයි.
ගර්භණී බවත් සමඟ ඇතිවන හෝමෝන විෂමතා හේතුවෙන් ආතතිය වැනි මානසික වෙනස්වීම් කායිකව ඇතිවන තෙහෙට්ටු බව, අතුල් පතුල්වල ඉදිමුම් වේදනා සහ සමේ වර්ණ විපර්යාස ඇතිවීම ස්වාභාවිකය. නමුත් අද බොහෝ දෙනා මෙම ස්වාභාවික ලක්ෂණ පාලනය කරගැනීම පිණිස විවිධ ක්‍රම අනුගමනය කරයි.
නමුත් සාමාන්‍ය ස්ත්‍රියකට වඩා ඉතා ආරක්ෂිත ක්‍රමවේදයන් මෙම කාලයේදී භාවිත කිරීම අත්‍යවශ්‍යයි. එහිදී විශේෂයෙන් සමහර සම්බාහන ක්‍රම, නිල උත්තේජන හා සමහර පංචකර්ම කිරීම සුදුසු නොවේ.
* ගර්භණී භාවය සඳහා ඇති ස්පා ප්‍රතිකාර මොනවාද?
කායික සැහැල්ලු බව හා වේදනා කැක්කුම් සමනය සඳහා විශේෂිත ඉතා විධිමත් අයුරින් සිදුකරන සම්බාහන ක්‍රමවේදයන් භාවිත කිරීමත් ඒ සමඟ විශේෂ අවගාහණ ක්‍රම එනම් ශරීරය පාද ඖෂධීය ජලයේ ගිල්වා තැබීම සහ ඖෂධීය ජල ස්නානය, තැවීම සහ විශේෂ ජල තරංග ප්‍රතිකාර ද සිදුකරනු ලැබේ.
එසේම ඒ අවධියේදී ඇතිවන සමේ දුර්වර්ණතා බිබිලි සඳහා වන විශේෂ මුහුණු සත්කාර මෙන්ම සම්පූර්ණ ශරීරය සඳහා වන විශේෂ සත්කාරද පවතියි.
එමෙන්ම ප්‍රසවයට ආසන්න කාලයේදී සිදු කරන වස්ති ප්‍රතිකාර ආරක්ෂිත පහසු ප්‍රසවයක් ලබාගැනීමට ඉවහල්වේ.
මෙහිදී සාමාන්‍ය පුද්ගලයකුට බෙහෙවින් වෙනස් ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කළයුතු අතර එය පූර්ව වෛද්‍ය අධීක්ෂණය යටතේ පුහුණු චිකිත්සකයෙක් විසින් සිදු කිරීම අනිවාර්යය වේ.
* ගර්භණී ස්පා ප්‍රතිකාර මගින් ගර්භණි මවකට ලැබෙන වාසි මොනවාද?
මෙය ලංකාවට තරමක් ආගන්තුකය. නමුත් බොහෝ බටහිර රටවල අද මෙය බහුලව යොදා ගනියි. මෙම ස්පා ප්‍රතිකාරයන් වෙනස් මුහුණුවරකින් ඈත අතීතයේ සිටම අපේ ජනතාව සිදුකරනු ලැබූ පූර්ව ප්‍රසව චර්යාවන්ට අදාළය. මෙමඟින් කායික සහ මානසික සැහැල්ලු බව ඇති කරමින් ගර්භණි ස්ත්‍රියට ප්රසවය සඳහා පූර්ව සූදානමක් ඇති කරයි. එසේම ඇයගේ මානසික සැහැල්ලු බව ඇති කරයි.
මවගේ කායික මානසික තුලිතභාවය ඍජුවම කුස තුළ සිටින දරුවාගේ කායික මානසික වර්ධනයට බලපායි. එනිසා මෙය මවට මෙන්ම කුස තුළ සිටින දරුවාට ද කරනු ලබන ප්‍රතිකාරයකි.
(under the courtesy of goodhousekeeping.lk web)