සුබ නැකත් නැති කෝණ මාසයක් නිමාවට පත්වීම ඔක්තෝබර් 17 වැනිදා සිදුවේ. මෙදින කන්‍යා නම් වූ කෝණ මාසයේ අවසානය ද රවි තුලා රාශියට ප්‍රවිෂ්ඨ වීම ද සිදුවේ. තුලා රාශිය යනු රවි දුබලතාවෙන් නීචභාවයට පත්වන රාශියයි. රවි නීචව තුලා රාශියේ නොවැම්බර් 16 දක්වා ගමන් කරනවා ඇත. මේ රවි නීචව ගමන් කරන මාසය තුළ රටට හා ඔබට උදාවිය හැකි සුබාසුබ පිළිබඳ සාකච්ඡුාවකි.
ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ අටවැන්නේ ගමන් කළ රවි භාග්‍යස්ථානයට මාරු වීම සිදුවන අතර මිශ්‍රඵලදායක කාලයක් බව පෙනේ. රවි නීචවීම විවිධ අංශවල පාලන කටයුතුවල යෙදෙන අයට බාධා ඇතිකරන බව ද පෙනේ. නමවැන්නෙන් කියැවෙන පූජ්‍ය පක්ෂයේ නායක උතුමන් අධිකරණ අංශවල නායකයන් උසස් අධ්‍යාපනය, විශ්වවිiාල පාලනය කරන අය වැනි නායකයන්ට අපලදායක බව පෙන්වන අතර දුර වන්දනා ගමන්වල ද විවිධ කරදර ඇතිවේ.
රාජ්‍ය අංශය රවිගෙන් සංකේතවත් කරන නිසා පූජ්‍ය පක්ෂයේ නායකත්වය දරන හිමිවරුන් හා පාලක පක්ෂය අතර මතගැටුම් නිර්මාණය වීමට ඉඩ තිබේ. විශ්වවිiාලවල පාලනයට ද බාධා ඇතිවිය හැකියි. කෙසේ නමුත් ශුභඵල දීමේ ප්රමුඛ ගුරු ග්‍රහයා ද 10 වැන්නේ ගමන් කරන නිසා ආගමික නායකයන් ප්රවේශමින් කටයුතු කළ යුතු බව පැවසීය යුතුව තිබේ.
රවි මාරුව උපන් ලග්න අනුව ඇතිකරන සුබාසුබ මෙසේය.
මේෂ
ලග්නයේ හත්වැන්නට රවි මාරුවීම සිදුවේ. මේ නිසා හතෙන් කියන විවාහ ජීවිතය, හවුල් ව්‍යාපාර ආදියට තරමක බාධා ඇති වීමට ඉඩ තිබේ. අඹු දරුවන්ට ද බාධා කරදර ඇතිවිය හැකියි. හවුල් ව්‍යාපාර හා මුදල් එකතුකිරීමේ කටයුතුවලින් නින්දා අපහාස විඳීමට සිදුවිය හැකියි. එමෙන්ම අනාගතය ගැන අවිනිශ්චිත බව හා බයක් දැනෙනවා ඇත. මංගල යෝජනාවලට බාධා පැමිණිය හැකියි. අඹු - සැමි බේද ඇතිවිය හැකි නිසා බිරිඳ හෝ සැමියා සමඟ කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලාගන්න. ශරීර සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීම ද වැදගත් වේ.
වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නයෙන් හයවැන්නට රවි මාරුවීම සුබදායකයි. උත්සාහය, ධෛර්යය වැඩිවේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. පවුලේ අය සමඟ සතුටින් කාලය ගතකරන්නට ඉඩ ලැබේ. සතුරන් හා තරගකරුවන් පරාජය කළ හැකි වේ. සේවක පක්ෂයේ සහයෝගය නොඅඩුව ලැබෙන බැවින් රැුකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. සේවක ගැටලූවලට විසඳුම් ලැබේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබාගැනීමට පහසුකම් සැලසේ. අසනීපවලින් සුවය ලැබේ. ශනි දශා ගතකරන අයට තරමක් අපලයි.
මිථුන
මිථුන ලග්න හිමියන්ගේ ලග්නයෙන් පස්වැන්නට රවි මාරුවේ. දරුවන් හා ශිෂ්‍යයන් පිළිබඳව අමතර වෙහෙසක් දරන්නට සිදුවේ. දරුවකුට අපලදායකයි. අධ්‍යාපන කටයුතුවලට තිබිය යුතු උනන්දුව අඩු වී යයි. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතාවලට බාධා පැමිණිය හැකියි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් උනන්දුවෙන් කටයුතු කළ යුතු කාලයකි. ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කරන විට දුරදිග බලා කටයුතු කරන්න. උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න.
කටක
කටක ලග්නයෙන් හතර වැන්නට රවිගේ පැමිණීම සිදුවන අතර හතරේ රවි නීචව ගමන් කිරීම ගෘහ ජීවිතය පිළිබඳ ප්‍රශ්න හෝ සිත් තැවුල් ඇතිවීමට ඉඩ තියෙනවා. මවුපියන්ටත් තරමක අපලදායක මාසයක් විය හැකියි. ඉඩම්, ගෙ වල්වල දියුණුවට කරන කටයුතුවලට බාධා ඇතිවීමට හැකි බව මතක තබා ගැනීම මැනවි. ඔබ රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝගවලින් පෙළෙන්නේ නම් නියමිත වේලාවට ඖෂධ ලබාගැනීම ගැන සැලකිලිමත් වෙන්න. එසේ වුව ද පස්වැන්නේ ගුරු බලවත්ව ගමන් කිරීම නිසා පවතින අපල බොහෝ දුරට අඩුවිය හැකියි.
සිංහ
සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවි නීචව තුන්වැන්නට මාරු වී ගමන් කරනවා ඇත. රවි තුන්වැන්නේ ගෝචරව ගමන් කරන කාලය සුබඵලදායක බව පුරාණ ග්‍රන්ථවල සඳහන්ව තිබේ. එහෙත් නීච බැවින් උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබීමට බාධා පැමිණිය හැකියි. නිශ්ඵල ගමන් යෙදේ. නීතිමය ලිපි ලේඛනවලට අත්සන් කරන විට දුරදිග බලා කටයුතු කරන්නේ නම් මැනවි. බාල සහෝදරයකුට අපලයක් පෙන්වයි. අසල්වැසියකු අමනාප විය හැකි නිසා කල්පනාකාරී වෙන්න.
කන්‍යා
රවි ධනස්ථානයේ ගෝචරව ගමන් කරන මෙම මාසය තුළ ඔබේ වියදම් බලාපොරොත්තු වූවාට වඩා ඉහළ යෑමට ඉඩ තිබේ. සමහර විට තැන්පත් ධනයත් පවා වැයවීමට කරුණු යෙදේ. මේ නිසා පවුලේ වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වීම වැදගත්ය. ඇස්වල රෝග ඇති අය ප්‍රතිකාර ගැනීම ගැන සැලකිලිමත් වෙන්න. උසස් අය අමනාප විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. රවි දශා අන්තර් දශා ගතකරන අය විශේෂයි.
තුලා
තුලා ලග්න හිමියන්ගේ ලාභස්ථානයට අධිපති රවි ලග්නයේ නීචව ගමන් කරන මෙම මාසය මිශ්‍රඵලදායක බව පෙනේ. ඔබේ තනතුරට හෝ තත්ත්වයට අභියෝග එල්ල වීමට ඉඩ තිබේ. හිතවතෙකුට හෝ වැඩිමහල් සහෝදරයකුට අපලදායකයි. හිසේ හෝ ඇස්වල රෝග උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වීම වැදගත්ය. බිරිඳ හෝ සැමියා අමනාප විය හැකි බැවින් ඉවසීමෙන් ක්‍රියාකිරීමට සැලකිලිමත් වන්න. හවුල් ව්‍යාපාරවලට බාධා තිබේ.
වෘශ්චික
ලග්නයේ දොළොස් වැන්න වූ දෝෂස්ථානයට රවිගේ පැමිණීම සිදුවන නිසා රැුකියා කටයුතුවලට තරමක බාධා ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් විදේශ රැුකියා හෝ විදේශ ගමන් බලාපොරොත්තු වන අයට අදාළ අංශවලින් උදව් උපකාර ලැබේ. විදේශ රැුකියාවල යෙදෙන අයට සුබයි. මේ කාලය තුළ රැුකියා හෝ ව්‍යාපාර අංශවල උසස් කෙනෙකු අමනාප විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. හිසේ හෝ වම් ඇසේ ආබාධ ඇතිවිය හැකි කාලයකි. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම වැදගත්ය.
ධනු
ධනු ලග්න හිමියන්ට රවි මාරුව සුබඵලදාකයි. ලග්නයෙන් එකොළොස්වැන්නේ රවි ගමන් කරන කාලය තුළ ආදායම් මාර්ග ඉහළ යනවා ඇත. අලූත්, බලවත් මිතුරන් හඳුනාගැනීමට අවස්ථා උදාවේ. රජයේ නීතියේ අනුග්‍රහය ලැබේ. රැුකියා හෝ තනතුරුවල උසස්වීම් ලැබීමට ද ඉඩ තිබේ. නායකත්ව ගතිගුණ ඉස්මතු වේ. රැුකියා නැති අයට රැුකියා ලාභ ලැබේ. නමුත් සෙනසුරු දශා ගතකරන අයට මේ සුබඵල අඩුවීමට ඉඩ තිබේ.
මකර
මකර ලග්න හිමියන්ගේ ලග්නයෙන් දහවැන්නේ රවි නීචව ගමන් කරන මාසය තරමක මිශ්‍රඵලදායක තත්ත්වයක් ඇතිකරයි.
රැුකියා හා ව්‍යාපාර අංශවල කරදර, බාධක ඇතිවීමට ඉඩ තිබේ. නීතිමය ගැටලූවලට මැදිහත් නොවීමට වගබලාගන්න. උසස් අය සමඟ කටයුතු කරන විට කල්පනාකාරී වන්න. කෙසේ නමුත් ගුරු බලත්ව ගමන් කරන බැවින් බරපතළ අපල ඇති කරන්නේ නැති බව ද කිව යුතුය. මේ අතර උත්සාහ ධෛර්්‍යය ඉහළ යන නිසා බොහෝ බාධා ජයගැනීමට හැකි වේ.
කුම්භ
රවි මාරුව ඔබේ කේන්ද්‍රයේ භාග්‍යස්ථානයට සිදුවන අතර මිශ්රඵල දායක කාලයක් බව පෙන්වයි. පසුගිය කාලයේ තිබූ කරදර බාධා බොහෝ දුරට මඟහැරෙනවා ඇත. නමුත් තවදුරටත් උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා විදේශ ගමන්වලට බාධා ඇතිවිය හැකියි. ගුප්ත විiා අංශවල කටයුතු කරන අයට තරමක සුබඵල ඇතිවේ. විදේශ ගමන්වලදී ප්‍රවේශම් වන්න. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබෙන කාලයක් වේ. සේවක පක්ෂයේ සහයෝගය ලැබේ.
මීන
මීන ලග්න හිමියන්ගේ අටවැන්නට රවි මාරුවී ගමන් කරන මාසයක කාලය ශරීර සෞඛ්‍ය ගැන දැඩි සැලකිල්ල යොමු කළ යුතු බව පෙනේ. රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග ඇති අය විශේෂයි. රැුකියා හා ව්‍යාපාර කටයුතුවලින් උසස් අය අමනාප වීමට ඉඩ තිබේ. මේ අතර ගුරු බලවත්ව ගමන් කරන නිසා අධ්‍යාපන කටයුතු සාර්ථක ගරගත හැකි වේ. උෂ්ණාධික ආහාර හා උෂ්ණාධික පරිසරය සෞඛ්‍යයට බාධා ඇති කරයි.
කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත්