Health
කොළකැඳ වලටත් අහිතකර රසකාරක සහ වර්ණක
දවස ආරම්භයේ දීම කොළකැඳ කෝප්පයක් පානය කිරීමට අද බොහෝදෙනා හුරුපුරුදුව සිටිතිග පාර දෙපස තබාගෙන කොළ කැඳ විකුණන ස්ථානයකින් ඉතාම පහසුවෙන් කොළකැඳ කෝප්පයක් මිල දී ගෙන පානය කරන්නට ඔබත් බොහෝවිට කටයුතු කරනවා ඇතිග කෙසේ නමුත් ඔබ මේ පානය කරන්නේ ක්‍රමානුකූලව සෞඛ්‍යාරක්ෂිතව සකසන ලද කොළ කැඳමදරෑ එසේත් නොමැති නම් විවිධ රසකාරක සහ කෘත්‍රිම වර්ණකල ඩයි වර්ග යොදා සකසන ලද කොළකැඳ දරෑ දෙවරක් සිතීමට දැන් කාලය පැමිණ ඇතග මන්ද අද වෙළෙදපොළේ ලාභය පමණක් සොයා සැරිසරන කූඨ වෙළෙදුන්ගේ ගොදුරක් බවට ඔබද පත්වන්නට ඉඩකඩ බොහෝ ඇති බැවිණිග කෙසේ නමුත් මඟ දෙපස තබාගෙන විකුණන කොළ කැද පිළිබඳවත් කොළකැඳවලට විවිධ රසකාරක හා කලරින් වර්ග මිශ්‍ර කරනවාද යන්න පිළිබඳවත් මෙවර අපි කතාබහ කරන්නට කටයුතු කළෙමුග
ආර්ගඑම්ගජීගබීගරාජනායක
කොළඹ නාගරික අනුමත රස පරීක්ෂක
කොළකැඳ කියන්නේ අපි ආහාරයට හෝ බෙහෙතට යොදා ගනු ලබන කොළවර්ගයක් හෝ කොළවර්ග කිහිපයක් යොදා ගනිමින් සකසනු ලබන ඖෂධීය පානයක්ග කොළකැඳ සැකසීමේ දී බොහෝ විට මේ සඳහා සහල් - පොල්කිරි යොදා ගන්නා අතරම සහල් පමණක් හෝ පොල්කිරි පමණක් යොදා ගෙන ද සකසන්න පුළුවන්ග
මේ මොන විදිහට කොළකැඳ හැඳුවත් එය කොළ පැහැයක් ගන්නවාග කොළ කැඳ හදන්න යොදා ගන්නා කොළවර්ග බොහෝවිට යොදා ගන්නේ අමුවෙන්ග කොළවල කොළ පැහැය දකින්නට ලැබෙන්නේ එම කොළවල ඇති හරිතප්රද වර්ණකය නිසයිග එනිසා කොළකැඳත් හොඳ කොළපැහැයකින් යුක්ත වෙනවාග එනිසා කවරකු හෝ කොළකැඳ සකසත් දී එයට වර්ණකල ඩයිවර්ග යොදනවා නම් එය ඉතාම මෝඩ ක්රියාවක්ග
මොකද කොළ කැදවල පැහැය කොළපාට නිසා එයට අමුතුවෙන් පැහැයක් අවශ්‍ය නැති නිසාග සමහර විට මෙසේ ශරීරයට අහිතකර රසකාරක යෙදුවොත් එය පිළිකා කාරක විය හැකියිග මන්ද උදේම හිස්බඩ කොළ කැඳ පානය කරන නිසා එය ශරීරගත වෙන්නට තිබෙන අවකාශ වැඩි බැවිණිග වාසනාවකට තවමත් කොළකැඳවලට ඩයි හෝ රසකාරක වර්ණක යොදනවා කියා අපට වාර්තා වෙලා නැහැග
නමුත් පාරිභෝගිකයාට යම් සැකයක් හෝ රසකාරක යොදන බවට සාක්ෂි තිබේ නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීමට හැකියිග ඒ වගේම කොළ කැඳ වගේ දෙයකට වර්ණක යෙදීම නීති විරෝධීල තහනම්ල නොකළ යුතු වැඩක්ග මන්ද ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින නිසාග
ඒ වගේම කොළකැඳ සඳහා භාවිතා කරන කොළ වර්ග ගැනත් සැලකිලිමත් වීම වැදගත්ග මොකද කොළ කැඳ සැකසීමට ගස්වල මෙන්ම පහත්බිම් මට්ටමේ වැවෙන පඳුරු වශයෙන් හා පැලෑටි වශයෙන් වැවෙන කොළද යොදා ගනු ලබන නිසාග එනිසා මහා පරිමාණයෙන් කොළ කැඳ සකස්කරන නිෂ්පාදකයන් ඒ සඳහා තමන් යොදා ගන්නේ පිරිසුදු කොළ වර්ග ද යන්න හැම විටම හොඳීන් දැන සිටිය යුතුයිග
ඒ මන්ද කිව්වොත් සාමාන්‍යයෙන් පඳුරු හා පැලෑටි විදිහට වවන කොළ වර්ගවලට නිරතුරු කෘමිනාශක-බෙහෙත් ගැසීමලපොහොර යෙදීම සිදුවන නිසයිග
මෙනිසා කොළකැඳ සඳහා භාවිතා කරන කොළ හොඳ සේදීමකට ලක්කළ යුතුයිග මන්ද කැඳ සෑදීමට කොළය අමුවෙන් යොදා ගන්නා නිසාග සාමාන්‍යයෙන් අතීතයේ මිනිසුන් කොළකැඳ සැකසීම සඳහා බහුලවම භාවිතා කළේ කැලෑවේ ඉබේ වැවෙන කොළවර්ගග
නමුත් නාගරීකරණය නිසා අද මේ තත්ත්වය වෙනස්ග එනිසා අපි මේ කොළවර්ග ගැනත් අද හොඳීන් සොයා බැලිය යුතුයිග කොළකැඳ ව්‍යාපාරයක් විදිහට කරන කොට නොයෙක් අකටයුතුකම් සිදුවෙන්න පුළුවන්ග කොළවල කෘමීන් ඉන්න පුළුවන්ග නොයෙක් වර්ගයේ අපද්‍රව්‍ය ගෑවී තිබෙන්න පුළුවන්ග එනිසා කැඳ සඳහා යොදා ගන්නා කොළ ඉතා පිරිසුදුව භාවිතා කළ යුතුයිග
එලෙසම පැහැදිළිවම කොළ ලබා ගන්නා පරිසරය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයග තවද ඔබ කොළ කැඳ වෙළෙඳපොළෙන් මිල දී ගෙන පානය කරන්නෙක් නම් ඔබ මිල දී ගන්නා කොළ කැඳ මොන කොළවර්ගය යොදා සකසා ඇත් දැයි දැනුම් වත් වන්නග එලෙසම කොළ කැඳ විකුණන ව්‍යාපාරිකයාගේ ද ප්‍රධාන වගකීමක් වන්නේ තමා කොළ කැඳ සැකසීම සඳහා යොදා ඇති කොළ වර්ගය පිළබඳ තම පාරිභෝගිකයාව දැනුම්වත් කිරීමයිග
වර්තමානයේ කොළ කැඳ අමුද්‍රව්‍ය පැකට් වශයෙන් ද වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට අවස්ථාව ඇතග එම ද්‍රව්‍ය යොදා කොළකැඳ සකස් කළ විට දක්නට ලැබෙන්නේ තරමක් දුඹුරු පැහැයට හුරු කොළ පැහැයකිග
ඒ මන්ද යත් එම පැකට් තුළ ඇති කොළ කපා කුඩු කරත්දී එහි සෛලවල ඇති එන්සයිම දුඹුරු පැහැයට හැරී ඇති බැවිණිග දුඹුරු පැහැයට හුරු කොළ පැහැයක් එම කොළ කැඳවලින් දිස් වුවද එය ගැටලුවක් කර නොගත යුතුයග
කෙසේ නමුත් කොළ කැඳ ශරීරයට විටමින්ලඛණිජ ලවණලමෙන්ම ශක්තිය ලබාදෙන ඹෟෂධීය ගුණයෙන් පූර්ණ ආහාරමය ඔසුවකිග එනිසා කොළ කැඳ වීදුරුවක් පානය කිරීම ඉතාම ගුණදායකයග මෙනිසාම වඩා වැදගත් වන්නේ උදෑසන පැය භාගයක් කලින් අවදි වී කොළ කැඳ සඳහා යෝග්‍ය කොළ වර්ගයක් හෝ කොළවර්ග කිහිපයක් භාවිතා කොට තමා විසින්ම නිවෙසේ කොළ කැඳ විදුරුවක් සකසා සෞඛ්‍යරක්ෂිතව පානය කිරීමයිග
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
curtesy :dinamina.lk