Health
කොළ කැඳවල අඩංගු ඖෂධීය ගුණ
විශේෂඥ වෛද්‍ය
ශික්ෂණ රෝහල - බොරැල්ල
මංගලා මහලේකම
අපගේ සිරුරේ නීරෝගී බව ආරක්ෂා කර ගැනීමට ආහාර පානවලින් සිදුවන්නේ විශාල මෙහෙයක්ග විවිධාකාරයෙන් සකසන මේ ආහාරපාන ක්‍රමානුකූලව නිසි පිළිවෙලකට අනුගතව ගැනීමෙන් ඔබගේ නීරෝගි බව තවත් ආරක්ෂා වනු ඇතග අපේ මුතුන්මිත්තන් අතීතයේ පටන් නිතර භාවිතා කළ පානවර්ගයක් ලෙස කොළ කැඳ හඳුන්වා දිය හැකියිග පුරාණයේදී මිනිසා උදෑසන ආහාරයක් ලෙස කොළ කැඳ ඉහළ තලයක තබා ඇතග
මෙහි පවතින පෝෂණ ගුණය නිසා එදා සමාජයේ වෙහෙස වී වැඩ කරන අයට ඉතාමත් ශක්තිජනක ආහාරයක් වියග උදෑසනින් කොළ කැඳ කෝප්පයක රහ බැලීම එදා වගේම අද ද පුරුද්දක් වී ඇත්තේ ඒ නිසා විය හැකියිග මින් නිරෝගී බව රැකෙනවා පමණක් නොව වයසට යාම වළක්වන ගුණයක් ද ඇතග ආයුෂල බලයල ශක්තිය ඇතුළු බොහෝ ගුණ රාශියක් කොළ කැඳ ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි බව පුරාණයේ පටන් හොඳින් දන්නා කරුණක්ග ඒ විතරක් නොව දරුඵල ඇති කිරීමල බඩගින්න ඇති කිරීමල සම රැලි වැටීම අඩු කිරීමල අකලට හිසකෙස් පැසීම නැවැතීම වැනි ගුණ රාශියකින් කොළ කැඳ උදෑසන කොළ කැඳ පානය කිරීමෙන් ලැබෙනු ඇතග කොළ කැඳ සඳහා භාවිතා වන කොළ වර්ග බොහෝ ඇතග ඉන් කිහිපයකි මේග
ගොටුකොළ කැඳ
පහසුවෙන් සොයාගත හැකි ගොටුකොළ බොහෝදෙනා අතර ජනපි‍්‍රය කැඳ වර්ගයකිග රසයෙන් හා ගුණයෙන් වැඩියිග මුළු ශාකයම ප්‍රයෝජනයට ගත හැකියිග
ධාරණ ශක්තිය ඇති කරයිග අලස බව දුරු කරයිග බොහෝවිට කුඩා ළමුන්ගේ මොළය වර්ධනය කර ගැනීමට ගොටුකොළ කැඳ සුදුසුයිග බුද්ධිය ඇති කරයිග කිරිදෙන මව්වරුන්ට ගුණදායකයිග සිරුරට සිසිලස ලබා දෙයිග ඇස් පෙනීමේ දුර්වලතාවය නැති කරයිග රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයිග හිසකෙස් වඩයිග හිසකෙස් දීප්තිමත් කරයිගක්රියාශීලි බවින් ජීවිතය පවත්වා ගැනීමට උදව් වෙයිග බොහෝ රෝගවලට ගුණදෙයිග රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කරයිග පිළිකා රෝගවලට යෝග්යවෙයිග කොලෙස්ටරෝල්ල අධි රුධිර පීඩනයල දියවැඩියාව වැනි රෝගවලට ගුණ දෙයිග විටමින් ඛ් බහුලව පවතීග ක්ෂුද්‍ර පෝෂක ඇතග ලේ පිරිසිදු කරයිග ගොටුකොළ කැඳ දිනපතා පානය කළාට වරදක් නැතග
මුගුණුවැන්න
පලාවර්ග අතරින් ඉතාම ජනපි්රයයිග කොළ කැඳ ඉතාම රසවත්යග ශරීරයේ විෂ පහ කරයිග ඇස් පෙනීම වැඩි කරයිග විටමින් ඒ බහුලව ඇතග සිරුරට අවශ්‍ය සියළුම පෝෂණ පදාර්ථ ශරීරයට අවශෝෂණය කරයිග ක්ෂුද්‍ර පෝෂක වලින් ඉහළ පෝෂණීය ගුණයක් ඇති පොටෑසියම්ල සින්ක්ල කැල්සියම් ඇතග දත් වැඩේග ප්‍රතිශක්තිය වැඩි කරයිග පටකවල ගෙවි යාම අඩු කරයිග මල පිටවීම හොඳින් සිදු කරයිග මල බද්ධයට හිතකරයිග රුධිරයේ පවතින විෂ දෝෂ නැති කරයිග කුෂ්ට රෝග දුරු කරයිග සිරුරේ දැවිල්ල නැති කරයිග
බඩගින්න ඇති කරයිග සිරුර ප්‍රබෝධමත්ව තබයිග අක්මා රෝගවලට ගුණයිග පීනසට හිතකරයිග හිසරදය දුරු කරයිග රුධිරය පිරිසිදු කරයිග සිරුර සිසිල් කරයිග හොඳින් මුත්‍රා පිටවෙයිග අකලට හිසකෙස් පැසීම නවතාලයිග ඇස් දීප්තිමත් කරයිග හිසකෙස් කළු පැහැ කරයිග මතක ශක්තිය වැඩි කරයිග ඇස්වල ප්‍රභාව වැඩි කරයිග සම පැහැපත් කරයිග
හාතවාරිය
හාතවාරිය කැඳ ගුණාත්මක බවින් වැඩි කැඳ වර්ගයකිග පහසුවෙන් සොයාගත හැකි හාතාවාරිය කොළ කැඳ රසවත් භාවයෙන් යුතුයිග සිරුරේ සිසිලස රඳවා තබයිග මුත්‍රා හොඳින් පිට වේග වාතය නසයිග සිරුරේ බලය ඇති කරයිග සිරුර පෘෂ්ඨිමත් කරයිග අකලට හිසකෙස් පැසීම නතර කරයිග සරු බව ඇති කරයිග චර්ම රෝග නැති කරයිග හෘදයට හිතයිග කුෂ්ට රෝග දුරු කරයිග සන්ධි රෝගවලට සුදුසුයිග මව්කිරි වඩයිග බුද්ධිය වඩයිග සිරුරේ ඉදිමුම නැති කරයිග ස්නායු පද්ධතිය ආශි‍්‍රත රෝගවලට හිතකරයිග රාත්රියේදී ඇස් පෙනීම දුර්වල වූ අයට යෝග්‍ය වේග ඇස් පෙනීම වැඩි කරයිග ලේ පිටවෙන අර්ශස් රෝගයට සුදුසුයිග ආමාශයේ තුවාලවලට හොඳයිග කාන්තා රෝගවලට සුදුසුයිග සිරුරේ දාහය නසයිග සිරුරේ බලය වැඩි කරයිග
වැල් පෙනෙල
ප්‍රධාන ගුණය පෘෂ්ඨිමත් බව වැඩි කිරීමයිග පෙනෙල කැඳ බීමෙන් පුරුෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයිග සරු භාවය ඇති කරයිග අධික රුධිර පීඩනය නැති වෙයිග ශරීරයේ වෙව්ලන බව නැති කරයිග පක්ෂාගාත අර්ධිත රෝගවලට ගුණදෙයිග පිළිකා වළක්වන ගුණය පවතීග ශරීරයේ බලය ඇති කරයිග ස්නායු පද්ධතිය මනා ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගනීග ලේ පිරිසිදු කරයිග ඉදිමුම නැති කරයිග අරුචිය නැති කරයිග
ඉරමුසු
මුළු වසර පුරාම දැකිය හැකි ශාකයකිග මෙය සුලබව පවතියිග රසවත් කැඳක් ලෙස හැඳින්විය හැකියිග ශරීරය සිසිල් කරයිග ශුක්‍ර වර්ධනය කරයිග කුෂ්ට දද නැති කරයිග සිරුරේ දහඩිය දුගඳ නැති කරයිග බඩගින්න ඇති කරයිග පිපාසය නැති කරයිග දාහයල දැවිල්ලල නැති කරයිග ලේ පිරිසිදු කරයිග වාතයට සුදුසුයිග ඉදිමුම නැති කරයිග මව්කිරි පිරිසිදු කරයිග බරවා රෝගයට සුදුසුයිග ස්ත්‍රී රෝගවලට ගුණයිග මුත්‍රා දැවිල්ල නසයිග අක්ෂි රෝගවලට සුදුසුයිග සිරුරේ ඇතිවන තුවාල සුව කරයිග මී විසට හිතකරයිග ඉරමුසු සුවඳවත් නිසා ආහාර රුචිය ඇති කරයිග
ස්වර්ණා ආරියවංශ
curtesy :dinamina.lk