කොලෙස්ටරෝල් යනු මොනවාද?
කොලෙස්ටරෝල් යනු ශරීරයේ තිබෙන මේද වර්ගයකි. මෙය ශරීරයට අත්‍යවශ්‍ය ය. හමේ විටමින් D නිෂ්පාදනයට,ස්නායු පටකයට, සමහර හෝමෝන වර්ග නිෂ්පාදනයට මූලික සංඝටකය වන්නේ කොලෙස්ටරෝල් ය. එම නිසා කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය දෙයකි. කොලෙස්ටරෝල්
ඇති වන්නේ සතුන් තුළ පමණි. කොලෙස්ටරෝල් අඩංගු ලිපිඩ ප්‍රෝටීන අංශු වර්ග ( Lipid Protin Particles) කිහිපයක් තිබේ. උදාහරණ වශයෙන්
* HDL( High Density Lipoprotines)
* LDL ( Low Density Lipoprotines)
*VLDL ( very Low Density Protines) වශයෙන් දැක්විය හැකි ය.
සාමාන්‍ය රුධිර පරීක්ෂාවක දී ලබා ගන්නා Lipid Profile වාර්තාවක අඩංගු වන කොටස් නම්
1-Total Chorelrol
2-HDL
3-LDL
4-VLDL
5-Triglycrides
කොලෙස්ටරෝල් නොවන Triglycrides යනු වෙනත් මේද වර්ගයකි.මෙයින් LDL අංශු අක්මාවේ නිපදවෙන කොලෙස්ටරෝල් ශරීරයේ විවිධ කොටස් වෙත රැගෙන යයි.එම නිසා LDL රුධිරයේ වැඩි වු විට රුධිර වාහිනීවල කොලෙස්ටරෝල් තැන්පත් වීමත් වැඩි වේ. HDL අංශු ශරීරයේ විවිධ කොටස්වල සිට අක්මාව වෙත කොලෙස්ටරෝල් රැගෙන එයි.එම නිසා HDL වැඩි වු විට රුධිර වාහිනීවල කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු වේ.
කොලෙස්ටරොල් නිසා ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් මොනවා ද?
කොලෙස්ටරෝල් කාලයත් සමඟ රුධිර වාහිනී බිත්තියේ තැන්පත් වේ. එසේ තැන්පත් වීමෙන් පසු එම ස්ථානයේ රුධිර වාහීනී බිත්තිය දුර්වල වී එම ස්ථානයේ ප්‍රෝටීන සහ කොලෙස්ටරෝල් බැදේ. එම නිසා රුධිර වාහිනිය අවහිර වීමට පුළුවන.
මෙසේ අවහිර වන රුධිරවාහිනිය පිහිටන ඉන්ද්රිය අනුව විවිධ රෝගාබාධ ඇති වේ.
හෘදයේ ධමනියක් අවහිර වුවහොත්, හෘදයාබාධයක් ( Heart Attack) එකක් ඇතිවිය හැකි ය.මොළයේ රුධිර වාහිනියක් අවහිර වුවහොත් අංශභාගය ( අඝාතය , Stork) ඇති විය හැකි ය.පාදවල රුධිර වාහිනී අවහිර වුවහොත් ගමන් කරන විට පේශී වල වේදනාව ( Intermittent Claudication) හෝ ඇඟිලි කුණු වීමට පුළුවන.( Gngrene)
වකුගඩුවලට ඇති රුධිර වාහිනිය අවහිර වුවහොත් වකුගඩු දුර්වල විය හැකි ය.
ළමයින්ටත් මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි ද?
උප්පත්තියේ සිටම රුධිරයේ කොලෙස්ටරෝල් ඇත. ඒවා තැන්පත් වීම ද උප්පත්තියේ සිට ම ආරම්භ වේ. නමුත් රෝගයක් ලෙස මතු වන්නේ වසර ගණනාවක් ගිය පසු ය. වැඩිහිටිවියේ දී හෘද රෝග වැනි තත්ත්වයක් ඇති වන්නේ කුඩා කල සිට ම මේ දක්වා තැන්පත් වුණු කොලස්ටරොරෝල්වල ප්‍රතිඑලයක් ලෙසිනි.
සෑම දෙනෙකුගේ ම ශරීරයේ කොලෙස්ටරෝල් ඇත්නම් සමහර අයට පමණක් හෘද රෝග ඇති වන්නේ ඇයි?
කොලෙස්ටරෝල් රුධිරවාහිනීවල තැන්පත් වීමට බලපාන හේතු රාශියක් ඇත. ඉන් ප්‍රධාන ඒවා නම් කොලෙස්ටරෝල් ප්‍රමාණය වේ. විශේෂයෙන් ම LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය වේ.
*දියවැඩියාව
*අධික රුධිර පීඩනය
*දුම්පානය
*ව්‍යායාම මඳිකම
*ජානමය තත්ත්වයන්
ඉහත සඳහන් කරුණු හේතුවෙන් එක් එක් පුද්ගලයාගේ කොලෙස්ටරෝල් තැන්පත් වන ප්‍රමාණයන් වෙනස් වේ.එම නිසා සමහර විට, පුද්ගලයෙකුගේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වුවත් දුම්පානය හෝ පාලනයකින් තොර දියවැඩියාව වැනි තත්ත්ව නිසා රුධිර වාහීනී රෝගී වී ඇත්නම් ඔවුන්ට හෘදයාබාධ ඇති විය හැකි ය.
සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට තිබිය යුතු කොලෙස්ටරෝල් ප්‍රමාණය කුමක් ද?
රුධිරයේ කොලෙස්ටරෝල් අඩු වු විට රුධිරවාහීනීවල තැන්පත් වීම ද අඩු වේ. එම නිසා කොලෙස්ටරෝල් අඩු වන තරමට හොඳ ය. නිරෝගී තරුණ පුද්ගලයෙකුට තිබිය යුතු ප්රශස්ත මට්ටම නම්
LDL< 130 mg/dL
HDL> 45 mg/dL
Triglycrides < 150 mg/dL
Total Chorelrol < 230 mg/dL
වයසක අයට සහ ව්‍යායාම මදි අයට හෝ වෙනත් රෝගී තත්ත්වයක් ඇති අයට , ඉහත අගයන්ට වඩා අඩු කොලෙස්ටරෝල් ඉලක්කයන් පවත්වා ගැනීමට වෛද්‍යවරු උපදෙස් දෙති .
කොලෙස්ටරෝල් මට්ටම දැන ගන්නේ කෙලෙස ද?
කොලෙස්ටරෝල් මට්ටම අනුව ශරීරයේ කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවේ. එම නිසා රුධිර පරීක්ෂාවෙන් පමණක් කොලෙස්ටරෝල් මට්ටම නිශ්චිත වශයෙන් දැක ගත හැක.
කොලෙස්ටරෝල් අඩු කර ගන්නේ කෙලෙස ද?
කොලෙස්ටරෝල් අධික ආහාරවලින් වැළකීමෙන් සහ ව්‍යායාම මඟින් තරමක් දුරට කොලෙස්ටරෝල් අඩු කර ගත හැක. නමුත් බොහෝ විට ඖෂධ ගැනීම අවශ්‍ය වේ. ව්‍යායාමවලින් සිදු වන වැදගත්ම දෙය වන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු වීම ය.
ගැබිණි මවකට කොලෙස්ටරෝල් තිබීම මඟින් ඉපදෙන දරුවාට සිදු වන බලපෑම කුමක් ද?
කිසිදු බලපෑමක් සිදු නොවේ.ගර්භනී කාලයේ දී කොලෙස්ටරෝල් ඖෂධ ගැනීම අහිතකර ය.
කොලෙස්ටරෝල් ඖෂධ කොපමණ කාලයක් ගත යුතු ද?
ඖෂධ මඟින් සිදු කරන්නේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු කිරීම ය.එය සිදු වන්නේ ඖෂධ ගන්නා තෙක් පමණි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තබා ගැනීම දීර්ඝ කාලීනව සිදු කළ යුතු දෙයකි.එම නිසා ඖෂධ දීර්ඝ කාලීනව ගත යුතු ය.
කොලෙස්ටරෝල් නිසා අක්මාව හෝ වකුගඩු නරක් විය හැකි ද?
එය බොරු මිත්‍යාවකි. ඖෂධ නොගත හොත්, රෝගී තත්ත්වයන් නිසා මිය යෑමට පුළුවන. මරණයට වඩා අතුරු අබාධවලට බිය වීම විහිලුවකි.
කොලෙස්ටරෝල් අඩු ආහාර මොනවා ද?
කොලෙස්ටරෝල් නිපදවන්නේ සතුන් විසින් පමණි. එම නිසා කොලෙස්ටරෝල් අඩංගු වන්නේ මස් වර්ගවල ය. අක්මාවේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇත. එම නිසා මස්, සහ සත්ත්ව අක්මා ආහාරයට ගැනීම නොසුදුසු ය.
හම ඉවත් කළ කුකුල් මස්වල අනෙකුත් රතු පාට මස්වලට වඩා කෙලෙස්ටරෝල් අඩු ය. එළවළු සහ පළතුරු ඕනෑ තරම් ආහාරයට ගත හැක. ශාක තෙල්වල කෙලෙස්ටරෝල් අඩංගු නොවේ. නමුත් තෙල් වැඩිපුර ආහාරයට ගත් විට ශරීරයේ කොලෙස්ටරෝල් නිපද වේ.
අධික කොලෙස්ටරෝල් පවතින පුද්ගලයින්ට ඔබ දෙන උපදෙස කුමක් ද?
මරණයට වඩා භයානක අතුරු ආබාධ නැත. එම නිසා බොරු මිත්‍යාවන්ට නොරැවටී දීර්ඝ කාලීනව සහ නොවරදවා ඖෂධ ගැනීම මඟින් මරණය කල් දමා ගත හැකි ය.