ඔහු ගැන අපට දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. ඒ අපගේ මිතුරකු වෙතිනි. මිතුරාගේ 16 හැවිරිදි දියණියගේ කොඳු ඇට පෙළ ඇද වී තිබිණ. එය ඇද වන්නට පටන් ගන්නේ ඇය 8 වන වියෙහි පසුවන විටය. මුලින්ම දුන්නක හැඩයට ඇද වෙන්නට පටන් ගත් කොඳු ඇටය ක්‍රමයෙන් S අකුරේ හැඩය දක්වා ගියේය. මුල සිටම විවිධ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි නැඹුරු වී සිටි මගේ මිතුරා ඉන් පළ නොලැබ අවසානයේදී විකලාංග චිකිත්සකයකු මගින් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවිය.
"මෙතැනදී කරන්න තියෙන්නේ Open Suygery එකක් කරලා කොඳු ඇට පෙළට PIN ගහන එක." ශල්‍ය වෛද්‍යවරයා අපේ මිතුරාට කීවේය. "හැබැයි ලක්ෂ 30 ක් විතර යාවි..."
ඊළඟට මිතුරා කළේ Second Opnion ලෙස හැඳින්වෙන 'විකල්ප අදහසක්' ලබා ගැනීම සඳහා වෙනත් ශල්‍ය වෛද්‍යවරයකු හමුවීමය.
"ඕකෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොඳු ඇටය දිගට පින් දමලා කෙලින් කළාම පින් කැඩෙන අවස්ථා තියෙනවා. ඒක අවදානම් තත්ත්වයක්. මොකද පුංචි ළමයකුට කියන්න බැහැනේ මෝල්ගහක් ගිල්ල වගේ පැය 24 ම කෙළින් ඉන්න කියලා."
අපේ මිතුරගේ සිහිය විකල් විය. දියණියගේ ඉනේ සිට උරහිස දක්වා වූ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඇදවීම නිසා ඉමහත් විකෘති සහගත බවක් දැක්වින. ඇදවුන කොඳු ඇට කෙළින් කරන වැලිගම එම්. ඒ මදනායක නමැති දේශීය වෛද්‍යවරයා ගැන ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඒ අතරය. එතැන් සිට කතාව අප මිතුරාගේ වචනයෙන් මෙසේය. "මේ වෛද්‍යවරයා කොඳුඇට පෙළ කෙළින් කරන්නේ කිසිම සැත්කමක් නොකර අතින්මයි. ඔහු මුලින්ම කොඳු ඇට පෙළ දිගේ තෙල් වර්ගයක් ගාලා සම්බාහනය කරනවා.
මදනායක වෛද්‍යවරයා මේ සියල්ල කරන්නේ සියතිනි. ඒ සඳහා ඔහු රෝගියා තම වෙදහලේ නවත්වා ගනී. රෝගියා ඔහුදෙන කසාය පානය කළ යුතු අතර ඔහු දෙන ආහාර ගත යුතුය. ඔහුගේ විස්මිත හැකියාව සියෑසින් දැක ගනිමින් ඔහු සමග පැවැත්වූ සාකච්ඡා පෙළක් ඔබ වෙත ගෙන එමු.
ප්රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ කොඳු ඇට පෙළෙහි කාටිලේජ දියවීම ගැනයි. එම රෝගයෙන් පීඩා විඳින කාන්තාවක් සම්බන්ධයෙන් ඔබගේ වෛද්‍ය අත්දැකීම ඔබ විස්තර කළා.
වෛද්‍ය එම්. ඒ. මදනායක - බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේ රෝගයට යොදන නම තමයි (Degenarative disc Diseasa) යන්න. මෙය හටගැනීමට කාරණා ගොඩක් තිබෙනවා. ප්‍රධානතම කාරණයක් තමයි වියපත් වීම. කෙනෙකු වියපත් වීමත් සමඟමකය වැහැරෙනවා. අස්ථි වර්ධනය වීම, කාටිලේජ වර්ධනය වීම නවතිනවා. සමහර විට අස්ථි ක්ෂය වෙන්නටත් පටන් ගන්නවා. ඒ අතර තවත් වැදගත් කාරණයක් කිව යුතුයි. මේ රෝගය අවුරුදු 20 තරම් තරුණ අයටත් වැළඳෙනවා. කාටිලේජය තමයි ඇට පුරුක් දෙකක් අතර තිබෙන කුෂන් එක. එය නිකම් කොට්ටයක් වගේ දෙයක්. ඇට පුරුක් වෙත එන පීඩනය බෙදී යන්නේ කාටිලේජ කොට්ට මගින්. මේ නිසා කාටිලේජවල පැවත්ම ශරීරයට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ගන්න පුළුවන්.
ප්රශ්නය - කාටිලේජ දියවෙලා හෝ ඇට පුරුක් අතර කාටිලේජ අඩුපාඩුවක් හට ගත් බවක් දැන ගන්නේ කොහොමද?
වෛද්‍ය එම්. ඒ. මදනායක - ප්‍රධානම ලක්ෂණය තමයි වේදනාව.එය ගෙල අසල සිට කොඳුඇට පෙළ දිගේ පහතට ගමන් කරනවා. මෙය ටිකෙන් ටික වැඩි වෙනවා.
ප්රශ්නය - මේ රෝගයට වැඩිපුරම ලක් වෙන්නේ කොඳුඇට පේළියේ කවර කොටස් ද?
වෛද්‍ය එම්. ඒ. මදනායක - අපට තිබෙනවා කොඳු ඇට පුරුක් 33 ක්. මේ කොඳු ඇට පුරුක් 33 කොටස් හතරකට බෙදා ගන්න පුළුවන්. ගෙළ, පිට මැද. පිටේ පහළ කොටස සහ උකුලේ පහළ කොටස යනාදී වශයෙන්. කාටිලේජ ඌණතාව වැඩිපුරම හට ගන්නේ උකුලේ පහළ කොටසට අයත් ඇට පුරුක් අතරයි.
ප්රශ්නය - ඇට පුරුක් අතර කාටිලේජ කොට්ට දිය වුණාම ගත යුතු මූලික පියවර කුමක්ද?
වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔබට තිබෙන්නේ මේ රෝගය කියලා වෛද්‍යවරයා නිශ්චිත වශයෙන් කී විට මුලින්ම කළ යුත්තේ දින කිහිපයක් ඇඳට වෙලා විවේකයෙන් කාලය ගත කිරීමයි. ඔබ ශාරීරිකව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් ඔබේ කොඳු ඇට පෙළ ඉතා දරුණු ලෙස වේදනා දෙන්නට පටන් ගන්නවා. ඔබ මේ කාලය තුළ කිසියම් ආකාරයක ව්‍යායාමයක් කරනවා නම් එය සැහැල්ලු ලෙස ඇවිදීම වැනි සරල දෙයකට සීමා කළ යුතුයි.
ප්රශ්නය - මේ රෝගය සුව කරන්න සැත්කම් කළ යුතුද?
වෛද්‍ය එම්. ඒ. මදනායක - බටහිර වෙදකමේ නම් සැත්කම් සිදු කරනවා. ප්‍රධාන සැත්කම් තුනක් තිබෙනවා. එහෙත් පාරම්පරික සිංහල වෛද්‍යවරුන් වන අප නම් නිර්දේශ කරන්නේ සැත්කම් නොවන ශාකසාර ප්‍රතිකාරවලට යන ලෙසයි.