සුන්දර කෙස් කළඹක් ගැන හීන බලන අපේ තරුණියන්ට තිබෙන ලොකු ගැටළුවක් තමයි හිස කෙස් වල ස්වාභාවික පැහැය ආරක්ෂා කර ගැනීම.
කොන්ඩේ Dye කරන්න ගිහින් වරදක් වුනොත් නැති ප්‍රශ්න කෝටියක් ඇති වෙනවා.
අද අපි කතා කරන්නට යන්නේ හිසකෙස් ඩයි කිරීම ගැනයි. මුලින්ම අපි බලමු හිසකෙස් සුදුවීම සිදුවන ආකාර.
1. අකලට කෙස් පැහීම
2. නොයෙක් රසායන ද්‍රව්‍ය භාවිතය
3. පරම්පරාවට අනුව අඩු වයසින් කොණ්ඩය පැසීම
4. නිසි කළ සාමාන්‍ය ආකාරයට කොණ්ඩය පැසීම
අලකට කෙස් පැසීමට හේතුවන කරුණු අතර මුල් තැනක් ගන්නේ හිසකෙස්වලට කිසිදු සාත්තුවක් නොකිරීමයි. බොහෝ දෙනා ස්නානය කරන්නේ සවස් කාලයේයි.
ඉන් සිදුවන්නේ හිස කෙස් වියළීම සිදුනොවීමයි එයින් හිසකෙස් පැසීම සිදුවෙනවා. ඉන් හිස්හොරි සෑදීමත්, උකුණන් ඇතිවීමත් සිදුවේ.
උදය කාලය ස්නානය සඳහා සුදුසු යි. එහෙත් රැකියාවට යන අයට උදේ කාලයේ ස්නානය ගැටලුවක්ව තිඛෙනවා. නමුත් හිසකෙස් ගැන අවධානය යොමු කරලා දිය නාන වේලාවත් වෙන් කරගන්න.
බොහෝ විට හිසකෙස් සකස් කිරීමට අපි ජෙල්, මූස්, හෙයා ස්ප්‍රේ වැනි දේ භාවිත කරනවා. ඒවා නිසිලෙස සෝදා ඉවත් නොකිරීමෙන්ද කෙස් පැසීම ඉක්මන් වෙනවා.
හිසකෙස් සඳහා කරන රසායනික ක්‍රියාවලින් මගින් ද හිසකෙස්වලට හානිවන බව ඔබ දන්නවා. එවැනි අය නිසි ලෙස හිසකෙස්වලට සාත්තු කළ යුතුය.
සාමාන්‍ය ආකාරයට කොණ්ඩය ඩයි කිරීම.
අවශ්‍ය ද්‍රව්‍ය
ඩයි බෝල් එකක්, ඩයි පනාවක්, ඩයි, අත් ආවරණ, කේප් එකක්
කොණ්ඩය පළමුවරට ඩයි කිරීමේදී පැච් ටෙස්ට් එකක් කළ යුතුය. එයට හේතුව බොහෝවිට ඩයි වර්ග නිසා ආසාදන ඇතිවිය හැකි වීමයි.
ඩයි ස්වල්පයක් කණ පිටුපස තවරන්න. ටික වේලාවකින් කැසීමක්, රත් පැහැ වීමක් සිදු නොවුනහොත් එම ඩයි වර්ගය භාවිත කළ හැකියි.
කේප් එක අන්දවා අත් ආවරණ දමාගෙන කොණ්ඩය ගැට හැර පීරන්න.
ඩයි වර්ගයේ නිර්දේශයට අනුව ඩයි සකස් කර හිසකෙස් ඉහළ සිට පහළට ඩයි පනාවෙන් ගා ගන්න.
නියමිත වේලාව තබා සෝදා කන්ඩිෂනර් දමා වියළා ගන්න.
(under the courtesy of goodhousekeeping.lk web)