Life
කුඩා දරුවන්ට අහිතකර ආහාර
දරුවා මාස 4 සිට 6 පසු කරන විට ස්වල්ප වශයෙන් කිරි හැරුණුකොට වෙනත් ආහාර වලට පුරුදු කිරීමට පටන් ගැනීම සාමාන්‍යයයි. නමුත් ඔබ දන්නවා දරුවා මෙම ලෝකයට අලුත්. ඉතින් හුරු කරවීම ක්‍රමක්‍රමයෙන් සිදු කල යුතුයි. සමහර ආහාර ඔබ නොසිතන තරම් බරපතල තත්වයන් ඇති කිරීමට සමත් නිසා ඔබ මේ ගැන දැනුවත් වීම වැදගත්.
කුඩා දරුවා ඉතාම කුතුහලයෙන් යුතුව සියලු දේ දෙස බලයි. ඒ වගේම ඔබ ලබාදෙන කුමන ආහාරයක් උනත් රස බැලීමට මාලි වන එකක් නැහැ. ඉතින් ඔබෙට වගේකීමක් තිබෙනවා නිසි දේ තෝරා දරුවාට ලබා දෙන්න. විශේෂයෙන්ම ඔබ සලකා බැලිය යුතුයි මෙම ආහාර උගුරේ හිරවීමට හැකියාවක් තිබේද කියා. ඊට අමතරව සමහර ආහාර දැඩි අසාත්මිකතා ඇති කරනවා. ඇතැම් යට රටකජු නිසා ඇතිවන අසාත්මිකතාව මරණයෙන් පවා කෙළවර වන අවස්ථා තිබේ. තවත් සමහර ආහාර දිරවා ගැනීමට සිඟිත්තාට අපහසුයි වගේම අද කාලයේ ඇති ක්ෂණික ආහාර, පෙර-පිසූ ආහාර ආදිය දීමත් ඉතාම ප්රවේශමින් කල යුතුය.
ඒ වගේම කුඩා දරුවා ඔබ ළඟ නොමැති වෙලාවට (ඔබේ අධීක්ෂණය නැති විට) කිසිවක් කෑමට ඉඩ තියන්න එපා.
* උගුරේ සහ ස්වසන මාර්ගයේ හිර විය හැකි ආහාර
දරවාගේ උගුර තවමත් ප්‍රමාණයෙන් ඉතා කුඩා බව ඉතා පැහැදිලි කරුණක්. බොහොමයක් ආහාර දරුවාගේ උගුරේ හිරවීමට ඉඩ තිබෙනවා. ඉතින් පහත දැක්වෙන ආහාර දිය යුත්තේ අවම වශයෙන් මාස 12ක් වත් ගත වූ පසුවයි.
- කජු, රටකජු, ආමන්ඩ්, කඩල ආදිය: මේවා පැහැදිලිවම උගුරේ හිරවීමේ අවධානමක් දක්වයි. අමතක කරන්න එපා දරුවාට මෙය හැපීමට දැනුමක් නොමැති බව. එනිසා දත් තිබුනත් මෙම කජු, කඩල ආදිය කුඩු කර දීම සුදුසුය.
- පලතුරු හා එළවලු: ඇතැම් පලතුරු හපා කොටස් වශයෙන් කෑමට සිදු උනත් මිදි, ස්ට්‍රෝබෙරි, මල්බෙරි ආදී කුඩා පලතුරු එක වර ගිල දමන්නට දරුවා උත්සහ කරයි. සියලුම පලතුරු ඉතා කුඩා කැබලි වලට කපා ආහාරයට දෙන්න. බොහොමයක් එළවලු වර්ග මෘදු වන තුරු තම්බා ඉතා කුඩා කැබලි වලට කපා කැවීම සුදුසුය.
- මුද්දරස්පලම්: ඇත්තෙන්ම මුද්දරස්පලම් ඉතා කුඩා නිසා ඔබ සිතනවා ඇති එය එක වර කෑමට දීම සුදුසු යයි කියා. නමුත් ඔබට මතකද එය කද්දී සිනහවක් ඇවිත් පිට උද්ගුරේ ගිය අවස්තාවක්? ඉතා අපහසුයි නේද? මෙය කුඩා දරුවකුට වීමට ඇති ඉඩ තවත් වැඩියි. එනිසා අතිශය වියලි මිදී දෙනවානම් එය ජාලයේ පොඟවා කුඩා කැබලි වලට කපා දෙන්න.
- Popcorn, Toffee, Jujub වැනි පැහැදිලිවම උගුරෙ හිරවන, පිට උගුරේ යන කෑම තරමක් වැඩෙන තුරු නොදී සිටිය යුතුය.
අසාත්මිකතා (allergy) ගෙන එන ආහාර
කෙනෙකුගෙන් කෙනෙකුට අසාත්මිකතා වෙනස් ලෙස බලපායි. සමහර අයට සුදුසු දේ සමහර අයට සුදුසු නැහැ. එනිසා ඉතා කුඩා ප්‍රමානවලින් කෑමට දී ඔබේ දරුවා යම් ප්‍රතික්‍රියාවක් දක්වයිද කියා බලන්න. සුළු වශයෙන් හෝ ප්‍රතික්‍රියා දක්වයි නම් දරුවා වැඩෙන තුරු එම ආහාර ඈත්කර තබන්න.
- රට කජු: අප ඉහත සඳහන් කල පරිදි රට කජු නිසා සමහරුන්ට දැඩි අසාත්මිකතා ඇතිවේ. එනිසා දරුවා මඳක් වැඩෙන තුරු සිට ඉතා කුඩා ප්‍රමාණයක් කන්නට දී වෙනස්කමක් දක්වයි (උදා: හුස්ම ගැනීමේ අපහසුතා, සමේ රතුවීම, උගුර තුල ඉදමීමක්, අධි වේගයෙන් නාඩි වැටීම ආදිය) නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්න.
- බිත්තර: සමහර දරුවන්ට බිත්තර අසාත්මික විය හැක. සමෙහි රතුවීමක්, බඩ රිදීම, පාචනය (බඩ එළියේ යාම), වමනය ආදිය ඇතිවිය හැක.
- ඉස්සන්, බෙල්ලන්, දැල්ලන් ආදිය: මේවා නිසාද අසාත්මිකතා බහුල නිසා දරුවා වසරකට වඩා වැඩෙන තුරු සිටින්න
- ස්ට්‍රෝබෙරි: ඉතාම ප්‍රනීත පළතුරක් නමුත් මෙයද සමහර දරුවන්ට අසාත්මික විය හැක. දරුවා වසරකට වඩා වැඩෙන තුරු සිටින්න.
- පැඟිරි පලතුරු (දොඩම්, ලෙමන්): සමහර දරුවන්ට මේවා නිසා සමෙහි අසාත්මික ලක්ෂණ පෙන්වයි.
- චොකලට්: මෙය කුඩා දරුවන්ගේ ප්‍රියතම ආහාරයක් බව නොරහසක්! නමුත් චොකලට් නිසා සමහර දරුවන්ට අසාත්මිකතා ඇතිවේ.
වෙනත් ගැටළු
- එළකිරි: මේ අපට ඉතා පහසුවෙන් බොහොමයක් පෝෂ්‍ය පදාර්ථ ලබා ගත හැකි ආහාරයකි. නමුත් එහි ඇති ප්‍රෝටීන සහ වෙනත් ඛනිජ ලවණ දිරවීමට / උරාගැනීමට කුඩා දරුවන්ට නොහැකි නිසා වයස අවුරුද්දක් පසුවන තුරු එළකිරි නොදී සිටින්න
- මී පැණි: තවත් අතිශය රසවත් සහ ගුණවත් ආහාරායක්. නමුත් මෙහි ඇති ඇතැම් සංගටක දරුවන්ට නුසුදුසුයි. අනිවාර්යෙන්ම වයස අවුරුද්ද පසු වන තුරු නොදී සිටින්න
- මාළු: පාරිසර දුෂණය නිසා සමහර මාළු වල රසදිය සහිත සංයෝග තැන්පත් වන බව ඔබ දන්නවාද. බාල මහලු කාටත් එය අගුනයි නමුත් කුඩා දරුවන්ට ඉතාම අගුණ විය හැකි නිසා කෙලවල්ලෝ, ටූනා, සැමන්, මෝර මාළු ආදිය නොදී සිටින්න.
- තේ / කෝපි: කැෆෙන් යනු විවිධ සංකූලථා වලට මුල්වන සන්ගටකයක්. එනිසා කුඩාම දරුවන්ට තේ/කොපි අත්‍යවශ්‍ය නොවන බැවින් දීමෙන් වැලකීම හොඳයි.
- කාබන් ඩයොක්සයිඩ් සහිත (පෙන නගින) බීම වර්ග: වැඩිහිටියන්ටත් තරමට වඩා සුදුසු නැති මෙම බීම වර්ග කුඩා දරුවන්ට එය ඊටත් වඩා නුසුදුසු විය හැකිය.
mathru.lk