Health
කිසිදා සුව නොවන හිඟන්නාගේ තුවාලේ වගේ
සාමාන්‍යයෙන් අපගේ ශරීරයට සිදුවන තුවාලයක් දින කිහිපයක් තුලදී සම්පූර්ණයෙන්ම සුව වී යනවාග නමුත් සමහර රෝග තත්ත්වයන්හිදී මෙම තුවාල සුවවීම තරමක් කල්ගත වනවාග සමහරවිට අවුරුදු ගණනක් සුව නොවන තුවාල පවා රෝහල්වලදී දකින්නට ලැබෙනවාග
අද අපි කතා කරන්නේ දියවැඩියාව නිසා තුවාල සුව නොවීම පිළිබඳවයිග කාලයක් තිස්සේ තමන්ට තිබුණු දියවැඩියා තත්ත්වය නිසා ශරීරය තුළ ඇති ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් රාශියක් සිදුවෙනවාග මෙහි ප්‍රතිඵලයක් ලෙසට තුවාල සුව වීමට උපකාරී වන තුවාලය තුළින් දකින්නට ලැබෙන ර්ණරතු මස” granulation tissue කිසියම් අසාමාන්‍ය විකෘති ස්වරූපයක් දකින්නට ලැබෙනවාග
ඒ වාගේම එහිදී නිපදවන AGE (Advanced glycation end products) ඒ තුළ ඇති ප්‍රෝටීන මත ඇති වීල සමේ ගැඹුරින් තුවාලය සුව කිරීම අවහිර කරනු ලබනවාග මීට අමතරව සම තුළ ඇති විවිධ පටක වර්ග වලට ද මේවා බලපාමින් තුවාල වූ ප්‍රදේශය ශරීරය මඟින් අලුත්වැඩියාව අවහිර කර දමනවාග
තුවාලයක් සඳහා බෙහෙත් දැමීමේදී බොහෝවිට සිදු කරන්නේ තුවාලය මතුපිට ඇති විෂබීජ අපද්‍රව්‍ය පිරිසිදු කරල ඉවත් කර එය මත නැවතත් විෂබීජ ඇතිවීම වැළැක්වීමට බැක්ටීරියා නාශකයක් යෙදීම පමණයිග ඒ කියන්නේ තුවාලය බාහිර විෂබීජ වර්ගවලින් පැසවීම වැළැක්වීම පමණයිග තුවාලය සම්පූර්ණයෙන්ම සුව කරනු ලබන්නේ ශරීරය විසින්මයිග
මින් ඉහත ජේදයේ දැක්වූ ආකාරයටල ස්වභාවික සුව වීමේ ක්‍රියාවලියට දියවැඩියාව නිසා ඇති කරන බලපෑම මත සුවවීම ප්‍රමාද වෙනවා ඒ කියන්නේ අපි කොයිතරම් විෂබීජ රහිත පරිසරයක තුවාලය පවත්වාගෙන ගියත් දියවැඩියාව නිසා ශරීරයේ සමට යටින් ඇති පටකවලට ඇතිකර තිබෙන හානිය මත තුවාල සුවවීම ප්‍රමාද වෙනවාග
උදාහරණයක් ලෙසට දහඩිය දැමීම අඩුවීම නිසා ඇතිවන වියළි සම පාදයට සිදුවන සුලු හෝ අනතුරුවලට ඔරොත්තු දීම අවම කරන අතරල පහසුවෙන් තුවාලවීමට ඉඩ ඇති තත්ත්වයක් උදාවෙයිග එසේ ඇතිවන තුවාලය සුව වීමට ලිපියේ ඉහත සඳහන් කළ අයුරු පටකවලින් සහයෝගය නොලැබීම එම තුවාලය කල් පැවැතීමට හේතු වෙයිග
ස්නායු සැපයීමට බාධා ඇතිවීම නිසා හිරිවැටීම මඟින් ද තුවාලවල අවදානම වැඩි කරන අතරල අස්ථි හා කාටිලේජවල සිදුවන වෙනස්කම නිසා පාදය විරූපි වී පාදය පොලවේ තබනා ආකාරය අනුව තුවාල සුවවීම කල් පවතියිග රුධිර ගමනය ඇන හිටීම නිසා නිසි පෝෂනයක් නොලැබෙන පටක විනාශ වී තුවාල ඇති වේග
මේ අනුව බලන විට තුවාලය ඇතිවීමට වාගේම කල් පැවතීමට ද කරුණු කාරණා විශාල ප්‍රමාණයක් විවිධ ආකාරයෙන් උදව් වෙන බව පාඨක ඔබට දැන් පැහැදිලි ඇතිග කකුලේ හිරිවැටීමත් (diabetic
neuropathy ලේ නහර අවහිර වීමත් (peripheral vascular disease)- සිගරට් දුම්පානයත්ල දියවැඩියාවේ සීනි මනාලෙස පාලනය නොකිරීම නිසා තුවාල සුව කිරීම පිණිස ටික කාලයක් අවශ්‍ය වුණත්ල අවදානම් කාරණා මනාලෙස පාලනය කිරීමෙන්ල පාදය නොකපා බේරා ගැනීමට ඉවහල් වේග
curtesy :dinamina.lk