හෙයාකට් එකකින් තමන්ගේ මුහුණට කොණ්ඩයට ලස්සන පෙනුමක් ගෙන දෙන්නට පුළුවන්. නමුත් මෙහිදී නිවැරැදිව තමන්ගේ මුහුණේ හැඩය කොණ්ඩේ ස්වභාවය හඳුනාගෙන හෙයාකට් එක කිරීම ඉතාමත් වැදගත් බව අමතක නොකළ යුතුයි. බොහෝ විට අප මෙහි ඉදිරිපත් කරන හෙයාකට් විලාසිතා තුළින් ඔබ වඩාත් පි‍්‍රය කරන ඔබටම ගැළපෙන නවතම හෙයාකට් පිළිබඳව කිසියම් අදහසක් ගන්නට හැකිවේයැයි අප විශ්වාස කරනවා.
ඔබේ හිසකෙස් පිළිබඳ කැමැති හෙයාකට් එක පිළිබඳව මෙම කේශලාවණ්‍ය ශිල්පීන්ව සහ ශිල්පිනියන්ව විමසිය යුතු නම් මෙහි දැක්වෙන ඔවුන්ගේ දුරකථන අංකයට කතා කරන්න ඔබට පුළුවන්.
අපි බලමු මෙවර හෙයාකට් එක සිදු කරන්නේ මොන ආකාරයෙන්ද කියා.
හෙයාකට් විලාසිතා අතර ලේයර් කට් එක වඩාත් ජනපි‍්‍රය බව ඔබ දන්නවා. ලේයර්කට් කී විට මෙය එක් එක් අයගේ කොණ්ඩේ ස්වභාවය, කොණ්ඩේ දිග ප්‍රමාණය අනුවයි සිදු කෙරෙන්නේ. සමහරුන් තම කොණ්ඩේ දිග ප්‍රමාණය එලෙසින්ම පවත්වා ගනිමින් ලේයර් එක සිදුකරන අවස්ථා තිබෙනවා. නදීෂාට අවශ්‍ය වුණෙත් තමන්ගේ කොණ්ඩයේ ලෙන්ත් එක එසේම තිබියදී කොණ්ඩය ලේයර් කරන්නයි.
නදීෂා උස - ඕවල් හැඩයේ මුහුණක් ඇති යුවතියක්. එමෙන්ම ඇය රැකියාවක නියුතු යුවතියක්.
ඇයට අවශ්‍ය වුණේ තමන්ගේ මුහුණේ පෙනුමට කොණ්ඩයට අනුව ගැළපෙන හෙයා කට් එකක් කර ගැනීමටයි.
නදීෂාගේ හෙයාකට් එක කරන්නේ කොහොමද?
යොෂාන් ඒ ගැන මෙහෙම පවසනවා.
නදීෂාගේ හෙයාකට් එකේදී දෙපසින් පිරුණු ස්වභාවයක් (ෆුල්නස්) තැබීම අවශ්‍යයි. ඇය උසින් යුත් කෙනෙක්. මේ නිසා ඒ අනුව ඇයට පෙනුමක් ගෙන දෙන ආකාරයට හෙයාකට් එක කිරීම අවශ්‍යයි. නදීෂාගේ හෙයාකට් එකේදී මම ලේයර් එක කළේ ස්ලයිසින් කරන ක්‍රමයට.
එය හෙයාකට්වලදී භාවිත කෙරෙන එක ටෙක්නික් එකක්. මේ ආකාරයට ලේයර් එක කිරීමෙන් කොණ්ඩයට ෆෙදර් ලුක් එකක් එන නිසා ලස්සන පෙනුමක් ගෙන දෙන්න පුළුවන්.
කොණ්ඩයට සැහැල්ලු ආකාරයක් ගෙන දෙන විලාසිතාවන්ට පි‍්‍රය කරන යුවතියන්ට මෙවැනි ලේයර් කට් එකක් වඩා සුදුසුයි. මම ඉහත කී ආකාරයෙන් කොණ්ඩය ස්ලයිස්කර කපනවිට කොණ්ඩයේ එම මෝස්තරයට අනුව කැපීයන ප්‍රමාණය ද වෙනස් වනවා. කොණ්ඩය සෙට් කරන විට ජෙල් හෝ මූස් දමා රෝලර් සෙට් එකකින් සෙට් කරන්නට පුළුවන්. එවිට එහි නිමාව ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් ගෙන දෙනවා.
එසේ නොමැති නම් සාමාන්‍ය ආකාරයට වුවද සෙට්කර ගන්න පුළුවන්.
බොහෝ විට කොණ්ඩය තෙත්කර සෙට් කරනවාට වඩා කොණ්ඩය ස්වභාවිකව වියැළෙන්නට හැර සෙට් කිරීමෙන් එහි නියම පෙනුම ලබාගත හැකියි.
මෙසේ සෙට් කිරීමේ දී හෙයා ඩ්‍රයරයේ ඩ්රිපියුසරය යොදා ගෙන රෝලර් බ්‍රෂ් එක ආධාරයෙන් සෙට් කිරීම වඩාත් සුදුසුයි.
ලේයර් එක කිරීමෙන් පසු ඉන් ගෙන දී ඇති පෙනුම බලන්න. ඔබටත් මේ ආකාරයෙන් ලේයර් එකක් කිරීමෙන් ලස්සන පෙනුමක් ලබාගත හැකි වේවි.
(under the courtesy of goodhousekeeping.lk web)