Beauty
කරදරකාර “Blackheads” නැත්නම් කළු ලප අයින් කරන ක්‍රම
අපේ මුහුණේ Blackheads ආවහම මූණ අඳුරු වෙනවා. සැලුන් එකකට ගිහින් අයින් කර ගත්තම මූණ එළියයි. නමුත් කොච්චර නම් වියදමක් යන වැඩක්ද? මෙවුව පහසුවෙන් ගෙදරදී ඉවත් කරන ක්‍රමය සහ ඇති වීම වලක්වා ගන්නා ක්‍රමය ඔබට කියා දෙන්න අපි තීරණට කළා.
මොනවද මේ Blackheads කියන්නේ?
ඔබේ මුහුණේ සමේ ඇති කුඩා සිදුරු මුහුණේ ඇති අමතර තෙල් සහ මැරුණ ශෛල වලින් හිර වෙලා වැහිලා ගියහම තමයි මේ Blackheads හැදෙන්නේ. සමේ තෙතමනය රැකගන්න සහ සම පෝෂණය කරන්න තමයි සමේ තිබෙන ග්‍රන්ථි මගින් මේ තෙල් ශ්‍රාවය කරන්නේ. මුහුණේ ඇති සිදුරු ඇරිලා තිබෙනවා නම් තෙල් සහ මැරුණ සම( sebum and dead skin cells) ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා කළු වෙනවා. Blackheads ඇති වෙන්නේ කුණු දූවිලි නිසා නෙවෙයි කියන එක අපි පැහැදිලිව වටහා ගත යුතුයි.
පමණට වඩා තදින් හේදීම , ස්ක්‍රබ් කිරීම මගින් වෙන්නේ සම වියළි වෙද්දී ග්‍රන්ථි මගින් තව වැඩියෙන් තෙල් ශ්‍රාවය කිරීම සහ එම නිසා Blackheads වැඩියෙන් ඇතිවීමයි.
බිත්තර සුදුමද වෙස්මූනක්
තිබෙන Blackheads අයින් කරන්නටත් , අලුතෙන් ඇති වීම වළක්වන්නත් පුළුවන් හොඳ ක්‍රමයක් . සමේ සිදුරු තද වීමක් මෙමගින් සිදු වෙනවා. බිත්තර සුදුමදය කියන්නේ ඔබේ සම පෝෂණය කරන පෝෂණ පදාර්ථ යහමින් තිබෙන, සමේ වියලීම පවා අවම කරන හොඳ ඔසුවක්. බිත්තර සුදුමද 1 ක් , මූණ පිහන ටිෂූ , පොඩි භාජනයක්, පිරිසිඳු තුවායක් මේ සඳහා අවශ්‍යයි.
මුහුණ සෝදා තෙත මාත්තු කරන්න. බිත්තර සුදු මදය ගෙන මූණේ ආලේප කරන්න. ඒ උඩින් ටිෂූ පටියක් අලවන්න . මේ විදිහට මුළු මූනෙම ටිෂූ අලවන්න. ඒක වේලෙන්න අරින්න. දෙවෙනි වරට තව තට්ටුවක් පළමු තට්ටුවට උඩින් අලවන්න. වේලෙන්න තියල තුන් වෙනි බිත්තර සුදුමද ටිෂූ තට්ටුවක් අලවන්න. මේ මාස්ක් එක වෙලෙද්දී මූණට තද ගතියක් දැනේවි. ටිෂූ ඉවත් කරන්න. ඉන් පසු පිරිසිඳු වතුරෙන් සුමුදු ලෙස සෝදන්න. තෙත හොඳින් මාත්තු කරන්න. ඔබ බිත්තර සුදුමද තට්ටු වලට වේලෙන්න නිසි වෙලාවක් නොදුන්නොත් මේ ප්‍රතිකාරයෙන් වැඩක් නැති වෙනවා.
මේ ප්‍රතිකාරය සතියකට දෙපාරකට වඩා කරන්න එපා.
ජල වාෂ්ප සත්කාරය
ජල වාෂ්ප මගින් සිදුරු වල සිරවී ඇති තෙල් සහ මැරුණ ශෛල වල පෙනීම අවම කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය විශාල භාජනයක්, ජලය සහ සුමුදු , පිරිසිඳු තුවායක් පමණයි.
භාජනය නටන වතුරින් පුරවන්න. ටිකක් වෙලා සිහිල් වෙන්න ඉඩ දීල ,තුවාය ඔලුව වටේ දමාගෙන භාජනයට මුහුණ සමීප කරන්න. මේ විදිහට විනාඩි පහත දහයත් අතර කාලයක් ඉන්න. තුවායෙන් එලියට ජල වාෂ්ප නොයන විදිහට හොඳින් වසා ගන්න. සැලකිය යුතුයි උණුවතුරෙන් පිලිස්සෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් මේ කටයුත්තේ යෙදෙන්න. මේ ටික කරලා උණු වතුරින් මූණ හෝදලා හොඳින් පිස දමන්න. මැරුණ සම සහ Blackheads මේ සමග ඉවත් වේවි.
දහදිය පිට කිරීම
දහදිය පිට වීම කියන්නේ ඔබේ සමේ හැම ආකාරයකම රෝග වලට ඉතාම හොඳ පිලියමක්. දහදිය දමන්න ව්‍යායාම වල නිරත වෙද්දී සමේ සිදුරු වසන ඕනෙම දෙයක් සමෙන් ඉවත් වෙනවා. නමුත් මතක තබා ගත යුතුයි ව්‍යායාම වලට පෙර සහ පසු සම හොඳින් පිරිසිදු කිරීමට. ඔබ make up එක්ක ව්‍යායාම කරොත් සම තුලට රසායන ද්‍රව්‍ය ගමන් කරනවා. ඒ වගේම දහදිය මූනෙම වේලුනහම ඒ සමග තෙල් සහ සමත් සමේ සිදුරු වල තැම්පත් වෙනවා. එමනිසා පළමුව මුහුණ හොඳින් සෝදලා ව්‍යායාම පටන් ගත යුතුයි. දෙවනුව ව්‍යායාම කරලා ඉවර වුණා විගසම වතුරෙන් මුහුණ සෝදලා හොඳින් තෙත මාත්තු කරන්න පුළුවන්.
ටෝනර් මගින් සිදුරු වසන්න
ඇරුන සිදුරු මගින් Blackheads ඇති කරන නිසා සිදුරු යට කිරීම යම් තරමකට ප්‍රතිපල දායකයි. දෙහි යුෂ කියන්නේ ඉතාම හොඳ ටෝනර් එකක්. මෙයින් සමට පැහැපත් පෙනුමකුත් ලබා දෙනවා. නමුත් මෙහින් ඔබේ සම ඉර එලියට සංවේදී වෙන්න තිබෙන ඉඩ වැඩියි. එම නිසා මේ ප්‍රතිකාරය කරනවා නම් අවුවේ යද්දී sun screen එකක් ගාන්න අමතක කරන්න එපා.
පොඩි බෝතලයක්. පුළුන් සහ දෙහි ගෙඩියක් මෙයට අවශ්‍යයි. මුහුණ සෝදා තෙත මාත්තු කර ගන්න. දෙහි ගෙඩියේ යුෂ බෝතලයට මිරිකන්න. දැන් පුළුන් වල දෙහි යුෂ තවරාමුහුණේ ආලේප කරන්න. මේක කරන්න ඕනේ නින්දට පෙරයි. උදේ අවධි වෙලා මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදලා තෙත මාත්තු කර ගන්න පුළුවන්. සතියට තුන් හතර වතාවක් මේ සත්කාරය කිරීම හොඳයි. ඔබේ සම සංවේදී නම් දිහි යුෂට ජලය ස්වල්පයක් එකතු කරන්නත් අමතක කරන්න එපා.
goodhousekeeping.lk
(under the courtesy of goodhousekeeping.lk web)