Health
ඔසප් චක්‍රයේ වෙනස්කම් ඇති කාන්තාවන් නිරෝගී නැද්ද?
මවගේ කිරිවලින් හා හිරුගේ රශ්මියෙන් පෝෂිත වූ මේ ලෝකය නිර්මාණය වුවා සේම දරුවකු ජනිත වීමත් සමඟම කාන්තාවක් මාතෘත්වයට පත්වීම සම්පුර්ණ වන වග අප දන්නා කාරණයක්ග මාතෘත්වය යනු කාන්තාවකටම ස්වභාව ධර්මයා විසින් ලබා දී ඇති විශේෂ අවස්ථාවකිග ඇයට නිනැනින්ම උරුම වී ඇති උතුම්ම පදවිය මෙම මව් පදවියයිග
විශේෂයෙන් වයස අවුරුදු 16න් පසුව එළැඹෙන ර්ණයුවතී” යන අවස්ථාවේ සිට ඇය මව් පදවිය ලැබීමට සුදුසුකම් කියයිග
ඕනෑම කාන්තාවක් සුදුසු වයසට පත් වූ වහාම අවශ්‍ය කාලයේ දී විවාහ ගිවිස වූ පසු දරුවන් ලැබීමට ස්වභාව ධර්මයා විසින් ම සරිලන අදාල පරිසරය ශරීරය තුළ සකසා දුන්නත් ඊට අවකාශ ලබා නොගන්නේ නම් එය කාන්තාව ලබන දුක්ඛදායක තත්ත්වයකිග එවැනි අවස්ථාවන්ගෙන් මිදීමට කාන්තාවක් නිරතුරුවම වෙහෙස ගෙන නිසි වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කළ යුතුයිග ඊට අදාලව පවතින ගැටළු තුරන් කිරීමට තමා උත්සුක විය යුතු බවත් තම මව් පදවියට උරුමය ලබාගැනීමට නම් තමා තුළ පවතින ගැටළු නිරාකරණය කළ යුතු බවත් පවසන්නේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ දේශිය විශේෂඥ වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධනයිග
මාතෘත්වය අපේක්ෂා කළත් එය නොලැබී යාමට හේතු ලෙස ඇය දක්වා සිටියේ විශේෂයෙන්ම ඔසප් චක්‍රයේ අක්රමිතතා ඇති බවයිග එය විවාහවීමට පෙර සිටම පැවතීම විශේෂ වේග ඊට අමතරව තවත් විශේෂ වු කරුණු කිහිපයක් ඇය විස්තර කළේ මෙසේයිග
ඔසප් වීමේ දී වැඩිපුර රුධිරය පිටවීම හෝ ඔසප් වීමේදී ඉතාමත් අඩුවෙන් රුධිරය පිටවීම නිසාත් මාතෘත්තවයට බාධා ඇතිවීමේ පුර්ව ලක්ෂණ විය හැකියිග දින 28කට වරක් ඔසප් නොවී මසකට කිහිපවරක් හෝ මාස 6 7 ට වරක් ඔසප් වීම වැනි අසාමාන්‍ය තත්ත්ව හමුවේද ගර්භණී වීමට ඇති ඉඩකඩ අහුරයිග
ඔසප් සිදුවන කාලය තුළත් ඊට දින කිහිපයකට පෙර සිටම අධික වේදනාවක් දැනීම ද සිදුවිය හැකියිග ඇතැම් විට එය ක්ලාන්තය දක්වා ද ඇතිවන තවත් තත්ත්වයක් බැවින් මෙවන් කරුණු හමුවේ ඔබගේ මාතෘත්වයට බාධා බව නම් සහතික විය හැකි නිසා මුල සිටම සැලකිලිමත් වීම වඩාත් උචිතයිග
මෙවැනි ඔසප් වක්‍රයේ විවිධ වෙනස්කම් සහිත කාන්තාවන්ට තමන් නිරෝගී නැතිබව තමන් තුළින් පහළ වන ලක්ෂණවලින් ම හඳුනා ගත හැකියිග එනම්ල
උසට සරිලන බව නොමැතිකම
ඉතා කෘෂ හෝ ඉතා අධික ස්ථුල වීම
නිකට සහ බෙල්ලේ ඇතිවන රෝම තත්ත්වයන්
කම්මැලිකමල නිදිමතල මතක ශක්තිය අඩුවීම
කෑම අරුචියයි
කාන්තාවකට යම් කාලවකාවනුවලදී හෝර්මෝනවල වෙනස්කම් ඇතිවිය හැකියිග විශේෂයෙන් වයස අවුරුදු 40 පසුවනවාත් සමඟම අතවශ්‍ය හෝර්මෝනයක් වන ඊස්ට්‍රජන් හෝර්මෝනය අඩුවීමට පටන් ගනියිග එවිට ශාරීරිකව ඇයට මුහුණ පාන්නට වන ගැටළු බොහෝයිග
ගර්භාෂගත ගෙඩි
අධික ලෙස දහඩිය දැනීම
අධික උෂ්ණ ගතිය
අස්ථි සන්ධි වේදනා
ශරීරයේ අධික තරබාරු බව :කොතරම් ව්‍යායාම වල යෙදුනත් ස්ථුලත්වය අඩු නොවේ-
අවශ්‍ය කාලයේදී දරුවකු නොලැබීම
හිස කෙස් යෑම
මුහුණ අඳුරු පැහැවීම
බෙල්ල මහත්වීම හා කළුවීම
සමාජයට පි‍්‍රයමනාප නොවීම
නොරිස්සුම් බව හා කලකිරීම
හෝර්මෝන විෂමතාවලට
ලක්වූුවන් ගත යුතු ආහාර
කුඩාමාළු මේ සඳහා විශේෂිත වේග ෆයිටො ඊස්ට්‍රජන් අඩංගු ආහාර ගැනීම ඉතාමත් සුදුසුයිග හාතාවාරිය මෙයට කදිම ආහාරයක් වන්නේයග බැබිලල ගොටුකොළල කංකුං මුකුණුවැන්නල කතුරු මුරුංගා වැනි පලාවර්ග දියර කිරි සහ ප්‍රෝටීන් සහිත රනිල කුලයේ ආහාරයිග
මාතෘත්තවයට බාධා පමුණුවන තවත් ප්‍රධාන කරුණක් නම් විශේෂයෙන්ම ප්‍රජනන ඉන්ද්‍රීය අවයවයේ පිරිසුදු කම ගැන සැලකිලිමත් නොවීම දැක්විය හැකියිග
ගැබ්ගෙල හා බාහිර ලිංගේන්ද්‍රිය පද්ධතිය තුළ පිහිටි යෝනි විවරය අතර ප්‍රදේශය යෝනි මාර්ගය ලෙස හැඳින්වේග එය බාහිරට නිරාවරණය වී අභ්‍යන්තරයට යොමු වී ඇති නිසා විවිධ විෂබීජ හා දිලීර ආසාදන ඇතිවිය හැකියිග ඒ නිසා අපි මේ පිළිබඳව වඩාත් සැළකිලිමත් වී සිටීම වැදගත්ග යෝනිමාර්ගය කැසීමල සුදයාම :ශ්‍රාවය වීම-ල දුර්ගන්ධය වැනි ලක්ෂණ පහළ වී තිබීම මෙවන් ආසාදන තත්ත්වයිග
එම තත්ත්වයන් ගණන් නොගෙන සිටීමෙන් පාලෝපීය නාල අවරෝධ දක්වාම ආසාදන තත්ත්වය වර්ධනය විය හැකියිග එය මාතෘත්වයට තදබල තර්ජනයක් වන බැවින් කල් නොහැර ම වෛද්‍ය උපදෙස් මත එවැනි තත්ත්වලින් මිදීමට කටයුතු කළ යුතුයි
curtesy :dinamina.lk