උත්සව කාලේ උදාවෙලා. නෑදෑ හිතවතුන් එකතු වෙලා පුංචි පුංචි සාද පවත්වන එක මේ දිනවල සාමාන්‍ය දෙයක්. එවැනි සෑම සාදයකදීම පෙරට එන එක් කෑම වර්ගයක් තමයි කුකුළු මස් කියන්නේ. බතට නම් උයනවා. බයිට් එකට නම් බදිනවා. එහෙමත් නැත්නම් ඩෙවල් දානවා. මේ දවස්වල මේ මොන විදියටත් කුකුළු මස් හැදෙනවා. කටයුතු මෙහෙම සිද්ධ වෙද්දී කුකුළු මස් හැදෙනවා. කටයුතු මෙහෙම සිද්ධ වෙද්දී කුකුළු මස් රසට ආසා කරන්නන් විශේෂයෙන් කුකුළු පීකුදුවලට ආසා කරන්නන්ට අසුබදායක විදිහේ ආරංචියකුත් අහන්න ලැබුණා. ඒ කුකුළු පීකුදුවල බැර ලෝහ අඩංගු බව තහවුරු වීමේ පුවතයි.
පසුගිය දිනවල මේ ගැන වඩාත් කතාබහට ලක්වුණා. මේ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කළ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ෙජෙව රසායන පිළිබඳ පර්යේෂණ ඒකකය එම සොයා ගැනීම තහවුරු කිරීමට සමත් වී තිබෙනවා. ජලය, සහල්, ධාන්‍ය වර්ගවල ආසනික් අඩංගු බවට කාලෙන් කාලෙට කතාබහ ඇතිවුණත් කුකුළු මස්වල එහෙමත් නැතිනම් බ්‍රොයිලර් කුකුළාගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික සංඝටක අඩංගු වූ කතාවක් අහන්න ලැබුණේ මෑතකදී
ඒ මීට මාස කීපයකට කලින් තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදු කළ පර්යේෂණයකින්. ආයෙත් ඒ කතාවමයි. සිදු කළ නවතම පර්යේෂණයේ තොරතුරු පිළිබඳ කියන්න එකතු වුණේ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ෙජෙව රසායන පිළිබඳ පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධානී ආචාර්ය රුවිනි ලියනගේ මහත්මිය.
“පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා හැම කෙනෙක්ම කන්න ආසා කරන කෑමක් තමයි කුකුළු මස් කියන්නේ. ෙදෙනිකව අපේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන ලබා ගැනීමට තියෙන පහසුම මගත් කුකුළුමස්. කුකුළු මස් පරිභෝජනය අධික නිසාම එහි ඇති ගුණාත්මක බව තහවුරු කරගන්න අපට ඕන වුණා. ඒ සඳහා අවශ්‍ය පර්යේෂණයන් අපි ආරම්භ කළේ 2016 අවුරුද්දෙදි. මේ පර්යේෂණය සඳහා දේශීය වෙළෙඳපොළේ සිටින කුකුළු මස් නිෂ්පාදකයන් තිදෙනෙකුගේ කුකුළු මස් තෝරා ගත්තා. එම වර්ග තුනෙහි පපු ප්‍රදේශය, පීකුදු හා වැලිබොක්ක විශ්ලේෂණය කළා.”
පර්යේෂණ කණ්ඩායම මෙම විශ්ලේෂණය සඳහා භාවිත කර තිබුණේ ඉතා උසස් මට්ටමේ තාක්ෂණික මෙවලම්. එම මෙවලම් භාවිතයෙන් පර්යේෂණයට භාජනය කළ පීකුදු අතරින් එක් නිෂ්පාදකයකුගේ පීකුදුවල ආසනික් බැර ලෝහය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව තහවුරු කරගෙන තිබුණා.
“මේ නිසාම අපි කුකුළු මස්වලට බැර ලෝහ පැමිණෙන ආකාරය නිගමනය කිරීමට ඉහත පරීක්ෂා කළ කුකුළු මස් නිෂ්පාදකයන් තිදෙනාගේ කුකුළන් සඳහා ලබාදෙන ආහාර වර්ගත් පරීක්ෂාවට ලක් කළා. සාමාන්‍යයෙන් වාණිජ කුකුළු පාලනයේ දී බ්‍රොයිලර් කුකුලන් සඳහා ප්‍රධාන ලෙස ආහාර වර්ග 2 ක් ජීවිත කාලය තුළ දී ලබා දෙනවා.
වාණිජ වශයෙන් නිපදවන එම කුකුළු ආහාර සඳහා කාබනික ඛනිජ ලවණ එක්කරනවා. එහිදී බැර ලෝහ වන ඊයම්, ආසනික්, කැඩ්මියම් අඩංගු දැයි කියලා අපි පරීක්ෂාවට ලක් කළා. ඒ අනුව තමයි බ්‍රොයිලර් කුකුළු ආහාරවල අනුමත ප්‍රමාණයට වඩා බැර ලෝහ අඩංගු බව අනාවරණය වුණේ. මීට අමතරව වාණිජ කුකුළු පාලනයේ දී ඌනතා රෝග වැළැක්වීම පිණිස කුකුළු කෑම සඳහා එක් කරන සින්ක්, කොපර් හා මැග්නීසියම් වැනි අංශුමාත්ර මූලද්‍රව්‍යද අනුමත ප්‍රමාණයට වඩා අඩංගු වී තිබුණා.
ආචාර්ය රුවිනි පවසන පරිදි මෙසේ පීකුදුවලට බැර ලෝහ එකතු වීමට හේතුවිය හැක්කේ සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී යොදා ගන්නා අමුද්‍රව්‍ය අපිරිසිදු වීම, අයහපත් කුකුළු පාලනය හා අපිරිසිදු පානිය ජලය සතුන්ට ලබා දීමයි. කුකුළන්ගේ වර්ධනය වැඩි කිරීම පිණිස වැඩිපුර කාබනික ඛනිජ ලවණ භාවිතය අහිතකර තත්ත්වයක් බවට ආචාර්යවරිය පවසනවා.
“මෙවැනි බැර ලෝහ සහිත කුකුළු මස්, විශේෂයෙන්ම පීකුදු ආහාරයට ගැනීමෙන් ඇතිවන අහිතකර ලෙඩ රෝග අති විශාලයි. බැර ලෝහ අපේ ශරීරයේ විවිධ ඉන්ද්රියයන්හි එකතු වී ස්නායු ආබාධ, අස්ථි ආබාධ හා අක්මාවේ ආබාධ ඇති කරනවා මෙන්ම පිළිකා සඳහාද හේතු වෙනවා. කුකුළු මස් පරිභෝජනයට ගැනීමේදී වඩා සැලකිල්ලට ගත යුත්තේ පීකුදු ආහාරයට නොගෙන සිටීමටයි.
පීකුදු කියන්නේ යකඩ හා ප්‍රෝටීන් බහුල ලෙස අඩංගු ආහාර ප්‍රභවයක් නිසා අපේ මව්වරු නිරතුරු කුඩා දරුවන්ගේ කෑම වේලට පීකුදු එකතු කරනවා. නමුත් දරුවන්ට පීකුදු දෙන්න එපා. පීකුදුවල අඩංගු රසායනික සංඝටක දීර්ඝ කාලීනව දරුවන්ගේ ශරීරය තුළ තැන්පත් වීමෙන් බොහෝ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ගර්භණී මව්වරුන් වගේම කිරිදෙන අම්මලත් පීකුදු කෑමේ දී පරෙස්සම් වෙන්න.”
මේ සියලු කරුණු කාරණා සැලකීමේදී කිව යුතු කරුණ නම් කුකුළු පාලනයේ දී නියමිත ප්‍රමිතීන්ට අනුව විවිධ විටමින් සහ ඛණිජ වර්ග මෙන්ම කාබනික පරිපූරක යෙදීම කුකුළු ගොවිපොළ හිමියන්ගේ ප්‍රථම වගකීම විය යුතු බවයි. එමෙන්ම කුකුළු ගොවිපොළවල තත්ත්ව පාලනය යාමනය කිරීමට රජයේ බලධාරින්ගේ අවධානය යොමු වීමද අත්‍යවශ්‍ය කරුණක් බවත් කිව යුතුමයි.