මොකක්ද මේ ස්ක්‍රබ් කියන්නේ ? එය භාවිතා කළයුත්තේ කොහොමද?
ස්ක්‍රබ් එකකින් කරනු ලබන්නේ සමේ තිබෙන මැරුණු සෛල ඉවත් කිරීමයි. සිරුර සම්පූර්ණයෙන්ම ස්ක්‍රබ් කිරීම අප හඳුන්වන්නේ ‘Body Scrub’ එකක් වශයෙන් මුහුණ ස්ක්‍රබ් කිරීම හදුන්වන්නේ ‘Face Scrub’ ලෙසයි.
අපට භාවිතා කළ හැකි ස්ක්‍රබ් වර්ග විවිධ ආකාරයෙන් ලබාගන්නට පුළුවන්. එනම් ස්ක්‍රබ් කී්රම්, ස්ක්‍රබ් මුස්, ස්ක්‍රබ් පැක් , ස්ක්‍රබ් ජෙල් වශයෙන්.
මෙවන් දේ තමන්ගේ සමට ගැළපෙන ආකාරයෙන් තෝරා ගන්නට නම් රූපලාවන්‍ය ආයතනයකින් උපදෙස් ලබා ගැනීම සහ දැනුවත් බවකින් යුතුව මිල දී ගැන්ම වැදගත් මැරුණු සම නිසි ඉවත් ලෙස නොකිරීම නිසා සමේ පැහැපත් බව නැතිවීම, කළුලප ඇතිවීම, දුර්වර්ණවීම සහ අපිරිසුදු ස්වභාවයක් ඇතිවීම විය හැකියි.
එමනිසා මැරුණු සම ඉවත් කළ යුතුයි. සමහරුන් මුහුණ ස්ක්‍රබ් කළත් තමන්ගේ සිරුර ස්ක්‍රබ් කරන්නේ නැහැ.
මුහුණ මෙන්ම සිරුරද ස්ක්‍රබ් කළ යුතුයි.සිරුර ස්ක්‍රබ් කිරීමක් කරනවා නම් සතියකට වරක් එය කිරීම ප්‍රමාණවත් වන අතර මුහුණ ස්ක්‍රබ් කිරීම සතියකට දෙවසරක් හෝ තුන්වරක් කළයුතු වනවා.
නිතර නිතර සමේ කළුලප ( බ්ලැක් හෙඩ්ස් ,වයිට් හෙඩ්ස් ) ඇතිවනවා නම් සමේ තෙල් ගතිය අධික නම් එවන් අයට සතියකට දවස් හතරක් පමණ ස්ක්‍රබ් එකක් කළ යුතු වනිවා. නිසි පරිදි මුහුණේ මැරුණු සෛල ඉවත් විමෙන් සමෙහි නිරොගිමත් බවක් පැහැපත් ස්වභාවයක් ගෙනදෙනවා.
ස්ක්‍රබ් එකක් භාවිතා කරන්නේ කොහොමද ?
අප මුලින් සඳහන් කළ ආකාරයෙන් ස්ක්‍රබ් වර්ගයක් තෝරා ගන්න. මේ සඳහා රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත්. සාමාන්‍යයෙන් ස්ක්‍රබ් එකක් කළ යුත්තේ මුහුණ ක්ලෙන්සර් කිරීමෙන් පසුවයි.
ස්ක්‍රබ් එක භාවිතයට පෙර මුහුණණ සෝදා පිරිසුදු කර තෙත් ගතිය තිබිය දීම ස්ක්‍රබ් කිරීමට පටන් ගන්න. මුලින් ඔබ තෝරා ගත් ස්ක්‍රබ් එක් මුහුණේ තැනින් තැන මද වශයෙන් තවරා ඉන්පසු කවාකාර ලෙස මෘදු ආකාරයෙන් සම්භාහනය කරමින් ස්ක්‍රබ් කරන්න.
ස්ක්‍රබ් කරන විට සම නොඇදෙන ආකාරයෙන් එය කිරීමට වගබලා ගත යුතුයි. ස්ක්‍රබ් කරන විට සම සීරෙන ද්රව්ය්ය අඩංගු ආලේපන භාවිතා නොකිරීමට වගබලා ගන්න.
විනාඩි තුනක් සහ පහක පමණ කාලයක් ස්ක්‍රබ් කළ පසු එය ඉවත්කර මුහුණ සෝදන්න ඉන්පසු ටෝනර් ටිකක් තවරන්න. නැත්නම් මොයිස්චරයිසර් කී්රම් ස්වල්පයක් තවරන්න.
ස්ක්‍රබ් කිරීමට සූදනම් වන ඔබ සැලකිලිමත් බවක් දැක්විය යුතු කරුණක් තිබෙනවා. ඔබට තිබෙන්නේ කුරුලෑ සහිත සමක් නම් එවන් සමකට ස්ක්‍රබ් කිරීම සුදුසු වන්නේ නැහැ. හේතුව සම සිරීමෙන් කුරුලෑ බිබිලි කැඩී ආසාදනය වීමට එය හේතුවක් විය හැකි නිසයි.
(under the courtesy of goodhousekeeping.lk web)