Health
ඔන්න ආයෙත් ඩෙංගු ඇවිල්ලා
මහින්ද හේමප්රිය
අද මම හිතුවා ර්ණඩෙංගු” ගැන ටිකක් වෙනස් ආකාරයක අපට ප්‍රායෝගිකව වැදගත් වන කරුණු ටිකක් කියලා දෙන්නග විශේෂයෙන් මේ දිනවල අපිට උණ රෝගයක් වැළදුණු විට සිතට ඇතිවන සාධාරණ බියක් තමයි මේක ඩෙංගු උණ ද නැතිද යන කාරණයග අද අපි මේ ගැන දැන ගනිමුග
මෝසම් වැස්ස හා අන්තර් මෝසම් වැස්ස කියන මේ සකල විධි වැසි වලින් පසුව අපි කතා කරන්න පටන් ගන්න මාතෘකාවක් තමයි ඩෙංගු රෝගයග ඩෙංගු රෝගින් රෝහල්වල ප්‍රතිකාර ලබාගෙන පිටවි ගිය සංඛ්‍යාව මේ වන විට වෙනදාට වඩා වාර්ථා වි තිබෙනවාග සෞඛ්‍ය ක්ෂේත්රය ඩෙංගු පිළිබඳ දක්වන දැඩි අවධානය නිසාම රෝහල් ගතවන රෝගීන් සියල්ලම වාගේ වර්තමානයේ සුව අතට හැරී තිබෙනවාග ප්‍රායෝගිකව සංඛ්‍යාලේඛණවලට ගණනය නොවන රෝගීන් සමඟ මේ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා බව නම් විශ්වාසයයිග මීළඟ ගොදුර මෙම ලිපිය කියන්න පාඨක ඔබ හෝ ඔබේ සමීපතමයා වෙන්න පුළුවන් නිසා ඩෙංගු වැළැක්වීම ගැනත් ඔබ පුද්ගලිකවම අවධානය යොමු කළ යුතු වෙනවාග
ඩෙංගු උණ රෝගයේදී උණ ඇතිවෙන්නේ එකවරමයිග සමහර විට මීට පැය කිහිපයකට කළින් හොඳ ශරීර සුවයෙන් සිටි පුද්ගලයාට එකවරම තද උණත් ඇති වෙනවාග සමහර අයට පැය කිහිපයක් ඇතුළත තද උණක් ඇති වීමෙන් ඩෙංගු රෝගය ආරම්භ වෙනවාග ක්‍රම ක්‍රමයෙන් වැඩිවන උණ සමඟ තද මස් පිඩු වේදනාවල කොන්දේ වේදනාව ඇතිවෙනවාග සමහරවිට මෙම වේදනා නිසා ශරීරය සෙලවීමකට ලක්වීම පවා මහත් අපහසුතාවයක් ගෙන දෙනවාග බොහෝවිට වෛද්‍යවරයා ඉදිරියේ වකුටු වී සිටින ස්වරූපයක් පවා දකිනවාග
මේ සමඟ ඇතිවන්නේ තදබල හිසරදයක්ග මෙම තදබල හිසරදය ශරීර වේදනාවත් සමඟ නුරුස්සනා ස්වභාවයක් ඇති කරනු ලබනවාග බොහෝවිට මෙම අපහසුතා අපි එදිනෙදා උණට ලබා ගන්නා පැරසිටමෝල් පෙතිවලට පවා අඩු නොවන ස්වභාවයක්ග මෙහිදී අපි ප්‍රවේශම් විය යුතු කාරණයක් වන්නේ ශරීරයේ වේදනාව හා උණ සඳහා ඇස්පී‍්‍රන් හෝ ඇස්පී‍්‍රන් පවුලට අයත් වේදනා නාශක ඖෂධවලින් වැළකීමයිග මෙහිදී පැරසිටමෝල් ලබා ගැනීම වරදක් වන්නේ නැහැග ඇස්පී‍්‍රන් අඩංගු බෙහෙත් මඟින් රුධිර කැටි ගැසීම වළක්වා රුධිර වහනයක් ඇති කිරීමට ඉඩ ප්රස්ථා ඇති නිසාල ඩෙංගු රෝගයේ මීළඟ දින කිහිපය තුළදී රුධිරය ගලනා ඩෙංගු රක්තපාත රෝග තත්ත්වය ඇති වූවහොත් එම තත්ත්වය ඉතාමත් අසාධ්‍ය එකක් හෝ මාරාන්තික එකක් විය හැකි වනවාග
උණල ශරීර වේදනාවල හිසරදයට අමතරව ඇස්වල හා ඇස් පිටුපස ඇතිවන වේදනාවත්ල ශරීරය ශීතල වීම හෝ වේව්ලීම වැනි තත්ත්වයන් ඇතිවීමත්ල ඔක්කාරය හෝ වමනය තදබල ලෙස ඇතිවිය හැකි වීමත් අපි දකිනවාග ඉතිං කිසියම් උණ රෝගයක් ආරම්භයේදීමල මෙම රෝග ලක්ෂණ ඒ ආකාරයටම හෝ කිසියම් මට්ටමකට පහළ වී ඇතිනම්ල එම උණ රෝගය ර්ණඩෙංගු” විය හැකි බවට සැක කළ යුතු වෙනවාග ඒ සමඟම කෑම අරුචිය තදබල ලෙස ඇතිවිය හැකි බවද සිහිතබා ගත යුතුග මෙම රෝග ලක්ෂණ වලට අමතරව නාසයෙන් සොටු ගැලීමල කිවිසුම් යාමල උගුරේ වේදනාවල කැස්ස ආදී ශ්වසන පද්ධතිය ආශි‍්‍රත රෝග ලක්ෂණ පහළ වී ඇත්නම් එම උණ රෝගය ඩෙංගු වීමේ අවදානම හෝ ඉඩකඩ අඩු වන බව සැලකිය හැකි වනවාග නමුත්ල උණ හා ශරීර වේදනාව වැනි රෝග ලක්ෂණ තදින් ඇතිවිට මේ පිළිබඳව නිසි වෛද්‍ය උපදෙස් ලබාගෙන ඩෙංගු රෝගය පිළිබඳව සැක සංකා දුරු කර ගත යුතුයිග
මේ දිනවල පවතින ඩෙංගු රෝග වෛරසයේ කිසියම් වෙනස්වීමක් නිසාදෝ ඉතා තදබල රෝග ලක්ෂණ දැකිය හැකි වනවාග ඩෙංගු පිළිබඳ මිනිසුන් දැනුවත් වීම මඟින් ගෘහ ආශි‍්‍රතව රෝග ව්‍යාප්තිය මඳක් අඩු වුවත් වැඩිපුර අවධානයක් නොපවතින වැඩිබිම්ල කම්හල් ආදී ස්ථානවලින් රෝගීන් වැඩිපුර වාර්තා වනවා විශේෂයෙන් ගොඩනැගිලි හා ඉදිකිරීම් සිදු කරනා වැඩබිම් ආශි්රතවල එහි භූමියේ ඇති සංකීර්ණල අපිරිසිදු භාවයත්ල එවැනි ස්ථානවල සේවය කරනා පුද්ගලයන්ගේ අඩු සෞඛ්‍ය හෝ සාමාන්‍ය දැනීමත් වර්තමාන රෝග ව්‍යාප්තියට පිටිවහලක් වී තිබෙනවාග මේ නිසාම මෙවැනි ස්ථානවල සේවය කරනා පුද්ගලයන්ට උණක් සෑදුණු විට ඩෙංගු රෝග තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවාග
පළමු දින තුනට පසුව සාමාන්‍ය ඩෙංගු රෝගයේදී ඇණ බැසගොස්ල සුවයක් ලැබුණදල ඩෙංගු රක්තපාත තත්ත්වයට වර්ධනය වන රෝගීන්ගේ තුන්වන දිනයේ සිට නැවත රෝග තත්ත්වය උග්‍ර වීමට පටන් ගන්නවාග නමුත් මේ දිනවල පවතින ඩෙංගු රෝග තත්ත්වයේදී පළමු දින පටන්ම එක දිගටම තදබල රෝගී තත්ත්වයෙන් පසුවීම කිසියම් විශේෂයක් ලෙස නිරීක්ෂණය කර තිබෙනවාග
ඩෙංගු රක්තපාත තත්ත්වයේදී රෝග ලක්ෂණ ලෙස උණ සීතලක් සමඟ බැසයාමල ශරීරයේ දුර්වල ස්වභාවයල සුදුමැලි බව නොසන්සුන් බවල නිදිමත ගතිය සමඟ බඩේ වේදනාව ඇති වෙනවාග සමහර විට තදබල ලෙස ඇතිවන බඩේ වේදනාව ඩෙංගු රක්තපාතය ප්‍රධාන ලක්ෂණයක් විය හැකි වනවාග සමේ රතු ලප ඇතිවීමල නාසයෙන් විදුරුමස් වලින් රුධිරය ගැලීමල දුඹූරු පාට හෝ කලුපාට වමනය කිරීමල මලපහ සමඟ රුධිරය පිටවීමල තාර කලු වැනි මලපහ පිටවීම අභ්‍යන්තර රුධිර වහනයේ සලකුණු විය හැකි වනවාග මෙවැනි රෝගීන් වහාම රෝහල් ගත කිරීම සිදුකළ යුතුයිග
උණ ඇතිවී පළමු පැය 48කට පසුවල ඩෙංගු රෝගයේ සළකුණු රුධිර පරීක්ෂාවලින් පෙන්නුම් කිරීමට පටන් ගන්නවාග දිනපතා රුධිර පරීක්ෂා කිරීම මඟින් රෝගය අසාධ්‍ය වීම හඳුනාගත හැකි වනවාග ෘැබටමැ Aබඑසටැබ ඔැිඑ මඟින් තමනට වැළඳී ඇති උණල ඩෙංගු උණ ද යන්න පළමු දින 2 -3 තුළදීම තහවුරු කර ගත හැකියිග
කෙසේ වෙතත්ල අද ලිපියේ පරමාර්තය වන තමන්ට වැළඳී ඇති උණ රෝගය ඩෙංගු උණ රෝගයේ වීමේ ඉඩකඩ මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකි ආකාරය පාඨක ඔබට පැහැදිලි ඇති බැව් මම හිතනවාග
curtesy :dinamina.lk