Life
එයා මෙයා ගැන වැඩියෙන්ම සැක ඇතිවෙන කාලයක්
කායික, මානසික සාමාජීය සහ ආධ්‍යාත්මික ගැටලුවලින් වේදනාබරිත නොවූ සුන්දර බිරියක්.... ආදර්ශවත් සැමියකු සිටින සාමකාමී කැදැල්ලකින් සැබෑවටම දෝරේ ගලනුයේ සිරියාවයි.
එහෙත් අද එවැනි බිරියන් සහ සැමියන් අහම්බයක් බඳුය. දහසකුත් බලාපාරොත්තු සිත්හි රුවා ගෙන අරඹන පවුල් දිවියේ ගැටුම්වල ආරම්භය සනිටුහන් කරනුයේ දෙදෙනාම වයස අවුරුදු හතළිහේ සීමාවට පැමිණි පසුය. එය එසේ නොවිය යුතුය. දෙදෙනා තුළ ඇති අන්‍යෝන්‍ය අවබෝධය දිනෙන් දින තර කරගැනීම ගැටුම්, ගැටලු බොහොමයක් නොසෑහෙන ලෙස අවම කරගැනීමට හේතු වේ.
සැමියා සහ බිරියගේ සිතුම් පැතුම් එකම නවාතැන්පලකට ගෙන ඒම තරමක් අසීරුය. එකෙක් මුනිවත රකින්නට වඩාත් ප්‍රිය කරද්දී අනෙකා ඕනෑවටත් වඩා විවෘතවීම ගැටුමකට මුල පුරයි. ප්‍රශ්නයක්, ගැටලුවක් හමුවේ එය දෙදෙනාම විවෘතව කතාබහ කිරීම වැරැදි අවබෝධයන්ගෙන් මිදීමට මඟ පාදයි. අවුරුදු හතළිහේ සීමාවට පැමිණි සැමියා හා බිරිය ශාරීරික අපහසුතාවලට ලකවීම ක්‍රමක්‍රමයන් අරඹයි. ශාරීරික අපහසුතාවන් ඉසව් කිහිපයකින්ම ඇරඹේ.
හන්දි වේදනා
එහිදී සැමියාට සාපේක්ෂව බිරිය කොන්දේ වේදනාවන්, හන්දි අමාරු යනාදියෙන් ඉක්මනින්ම පීඩාවට පත්වන්නට පටන් ගනියි. සැමියා ඇගෙන් පෙරපරිදිම කාර්යක්ෂම බවක් අපේක්ෂා කරයි. එසේ නොවන විට ඔහුගේ සිතට නැගෙනුයේ දැන් කිසිම ඕනෑකමක් නැහැ, කම්මැළි වෙලා.... යනාදි කරුණු ය. බිරිය, සැමියා සමඟින් බොහෝ සේ විවෘතව තම ශාරීරික අපහසුතාවන් නොවළහා පැවසීම ඇය කෙරෙහි දයාව, කරුණාව, අනුකම්පාව වැඩි කරලීමට හේතු වේ. තමාගේ වේදනාබරිත තත්ත්ව, ශක්තිය හීනවීම කාර්යක්ෂමතාවේ අඩුවක් දැකීම, හන්දිපත් රෝග සඳහා දෙදෙනාම කැටුව වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් යෝග්‍ය වේ. වේදනාව තනිව විඳදරා ගනිමින් අපහසුවෙන් එදිනෙදා කර්තව්‍යයන්හි නියැළෙනවාට වඩා මෙය කෙතරම් සාර්ථක ක්‍රමයක් ද?
නිරවද්‍යතාවේ ගැටලු
වෙනදාට වඩාත් නිරවද්‍ය ලෙස ගණනක පිළිතුරක් සැපයූ ඔබ අවුරුදු හතළිහේ සීමාවෙන් පසු ඒ පිළිබඳ ඇති කාර්යක්ෂමතාව ද ක්‍රමයෙන් අඩු වේ. උදාහරණයක් ලෙස මුදලක් ගණන් කිරීමේදී ඉතිරි මුදල පවා වැරැදීමට පුළුවන. මේ නොසැලකිල්ල නිසා යැයි සිතුවත් එසේ වන්නේ මනසට ව්‍යායාම නොමැති නිසායි. ප්‍රහේලිකා විසඳීම, යම් යම් ගාථා පාඨ මතක තබා ගැනීමට උත්සාහ කිරීම එම තත්ත්වය මඟහරවාලීමට රුකුලක් වනු ඇත. ගණිත ගැටලු මනෝමයෙන් විසඳන්නට උත්සාහ කිරීමත් වැදගත්ය.
ජීවන කුසලතා
ජීවන කුසලතාවලින් සැලකිය යුතු මට්ටමක සිටි ඔබ ඒවා කරන්නට උත්සාහ ගත්තත්, අත්දැකීම් සමඟින් දැනුම බොහෝ සේ ලැබ සිටියත් වයසත් සමඟින් ඉතා ඉක්මනින් වෙහෙසට පත්වේ. බිරිය මල්පැළ සිටවීම, සාත්තු කිරීම යනාදියේ දීත් සැමියා නිවෙසේ අලුත්වැඩියාවකට සහය වුවත් වෙහෙස සමඟින් කාර්යක්ෂම බව අඩුවේ. “උනන්දුවෙන් කරන්නේ නෑනේ” වැනි හැඟීමක් සැමියා පිළිබඳ බිරියටත්, බිරිය පිළිබඳ සැමියාටත් දැනෙනු ඇත.
වෙනදා දෙදෙනාම එකට දිව්වත් දැන් මහන්සි නිසා තරමක් වේගයෙන් ඇවිදින්න, පිහිනීම, බයිසිකල් පැදීම යනාදිය දෙදෙනාට එක්ව කළහැකියි.
කායික ඇසුර
අවුරුදු හතළිහෙන් පසු සීමාව සැමියා බිරිය යන දෙදෙනාම කායික ඇසුර කෙරෙහි යම් උදාසීනත්වයක් දක්වන්නට අරඹන කාලයයි. එමෙන්ම බිරිය බොහෝවිට හොර්මෝන අඩුකම, දැවිල්ලක් හටගැනීම වැනි අපහසුතා නිසා එය ප්‍රතික්ෂේප කරයි. ශාරීරිකව සිදුවන මෙම පෙරළියේ දී ඇය ඔහුව මෙම කාර්යයේ දී යම් තරමකට
ප්‍රතික්ෂේප කරයි. සැමියා ලිංගික දුබලතාවකට, ලිංගික අප්‍රාණික බවකට මුහුණපාන්නේත් මේ වයසේදීය. මෙහිදී බිරියට සිතෙනුයේ සැමියාට තමාව එපාවෙලා ද, වෙනත් කතක ඇසුරු කරනවා ද කියාය.
මෙම ශාරීරික අපහසුතාව දෙදෙනාට විවෘතව කතාබහ කළහැකියි. බිරිය නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලැබීම, එහිදී ඇයට එම කටයුත්තේදී ලිහිසි ද්‍රව්‍යයක් පාවිච්චියට අවස්ථාව ලබාදීම, හෝර්මෝන ප්‍රතිකාර ලබා ගැනීම විකල්ප ක්‍රමවලට යොමුවිය හැකිවේ.
මුත්‍රා ආසාදන
ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයටම මුත්‍රා ආසාදන වැඩිපුර දැකිය හැකිවන්නේත් මෙම වයස් කාණ්ඩයේදීය. සැමියා, බිරිය දෙදෙනා මනා සන්නිවේදනයකින් යුතුව කටයුතු කරන්නේ නම් ඊට ද කදිම පිළියම් ලැබෙනු ඇත.මෙහිදී සිදුවනුයේ ශරීරයේ තිබෙන ලවණවල වෙනස්වීමකි. වේදනාව සමඟින් මුත්‍රා යෑමේ වාරගණන වැඩි නම්, මුත්‍රා පහවීමේ දී දැවිල්ලක් හටගන්නේ නම් එය මුත්‍රා ආසාදනයක ලක්ෂණ විය හැකියි. අත් බෙහෙත් කරමින් පසුව ළතැවෙනවාට වඩා අවශ්‍ය පරීක්ෂණ වර්ග සමඟින් වෛද්‍යවරයකු හමුවට යෑම වැදගත්වේ.
බෝ නොවන රෝගවලින් පීඩා
දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග වැනි දේ නිසා ශාරීරික අපහසුතා හා දුබලතා ඇතිවීම ඇරඹිය හැකිවන්නේත් මේ කාලවකවානුවේදීය. බෝ නොවන මෙම රෝග සඳහා ගන්නා ඖෂධ ලිංගික අප්රාණිකබවට හේතුවක් වේ නම් විකල්ප ඖෂධ කරා යෑමේ අවස්ථාව උදාවේ.
Wmqgd .ekSu wo forK fjí wvúh