ප්රශ්නය - අප දන්නා පරිදි ආයුර්වේදයේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විවිධ රෝගාබාධ හෝ ඖෂධ ගැන නවීන විද්‍යාත්මක පර්යේෂණ ඇති නොවීම.....
වෛද්‍ය ආචාර්ය ප්‍රියානි පීරිස් - සම්පූර්ණ දුර්මතයක් තමයි ඔබ දරන්නේ. නූතන ආයුර්වේදයේ රෝග නිශ්චය කටයුතු සඳහා සියලු ආකාරයේ නවීන උපකරණ යොදා ගන්නවා. ඔබට මා තවත් කාරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් පිළිගැනීමක් තිබෙනවා ඇතැම් ලෙඩ රෝගවලට ප්‍රතිකාර ආයුර්වේදයේ නැහැයිකියලා. මෙයත් සම්පූර්ණ මිථ්‍යාවක්. බටහිර වෛද්‍ය විද්‍යාවේ වගේම රෝග ශ්‍රේණිගත කිරීම, ශරීරයේ රෝග පවතින කලාප, ශ්‍රේණි පවා ආයුර්වේදයේ තිබෙනවා.
ප්රශ්නය - කන, නාසය, උගුර (ENT) පිළිබඳ ආයුර්වේද ක්ෂේත්රයේ සිටින ප්‍රාමාණික විද්වත් වෛද්‍යවරිය බවයි දැනට ඇති පිළිගැනීම. මොකද්ද මේ කන, නාසය, උගුර කියන අංශය?
වෛද්‍ය ආචාර්ය ප්‍රියානි පීරිස් - මෙය එක්තරා ආකාරයක රෝග කලාප ශ්‍රේණිගත කිරීමක්. ආයුර්වේදයේ මෙය විග්රහ කෙරෙන්නේ කන, නාසය, උගුර යන කොටස් තුනට සීමා නොවී වඩාත් පුළුල් ලෙසයි. එනම්. නාසා, කර්නා, අක්ෂි, ශිරෝ. මුඛ යනාදී වශයෙනුයි. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේදී මෙය Otorhinolaryngology ලෙස හඳුන්වනවා. මේ කලාපය සම්බන්ධයෙන් විශේෂීකරණය වූ වෛද්‍යවරුන්ට කියනවා ENT වෛද්‍යවරු කියලා. ආයුර්වේදයේ දී මේ කලාපය තුළ හට ගන්නා රෝග අර්ථකථනය කරන්නේ පහත සඳහන් විදියටයි.
1. නාසා රෝග - නාසය තුළ හට ගන්නා රෝග ගැනයි මෙයින් කියෑවෙන්නේ.
2. කර්ණා රෝග - මෙයින් හැඳින්වෙන්නේ කන තුළ හටගන්නා රෝග පිළිබඳවයි.
3. මුඛ රෝග - මුඛය තුළ සහ දත් ආශ්‍රිතව හටගන්නා සියලු රෝග මෙයින් ආවරණය වෙනවා.
4. ශීර්ෂ රෝග - හිස් කබල සහ එය ආශ්‍රිතව හටගන්නා මිග්රේන් සහ සසිනොසයිටිස් වැනි රෝග මේ කොටස මගින් ආවරණය වෙනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රධාන සම්ප්රදායයන් දෙකක් මත ගොඩනැඟී ඇති වෛද්‍ය ක්‍රමයක් එයින් ධන්වන්තරී සම්ප්රදාය අනුව ගොඩනැඟුණු වෛද ක්ෂේත්රය තමයි ශාලාක්‍ය තන්ත්රය මෙහි මූලික ආචාර්යවරයා හැටියට සලකන්නේ ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ පියා වන සූශ්රැත ආචාර්යතුමා. මෙතුමාගේ විශ්ලේෂණය අනුව ශාලාක්‍ය තන්ත්රයේ තිබෙනවා අක්ෂි රෝග 76 ක්. මුඛ රෝග 65 ක්, කර්ණා රෝග 28 ක් නාසා රෝග 31 ක් ශිරෝ රෝග 11 ක් යනාදී වශයෙන් ආයුර්වේදයේ සඳහන් වෙනවා.
ප්රශ්නය - ENT රෝග සඳහා ප්රත්යක්ෂ ප්‍රතිකාර ආයුර්වේදයේ තිබෙනවද?
වෛද්‍ය ආචාර්ය ප්‍රියානි පීරිස් - ස්ථිර වශයෙන් ම තිබෙනවා. කිසිදු අතුරු ආබාධයක් නැති, ශාක සාරමය ඖෂධවලින් උගුර, කන, නාසය ආශ්රිත රෝග සුව කරන්න පුළුවන්.
ලබන සතියේ සිට ENT රෝග ගැන වඩාත් පුළුල්ව කතා කරමු.