Health
ඉරුවාරදය නිට්ටාවට සුවකළ හැකියි
ජීවිතයේ අපට මුහුණ දෙන්නට වෙන සමහර අත්දැකීම් කරදරයක් කියලා හිතුණ වෙලාවට ර්ණමේක නම් මහා හිසරදයක් කියලා” බොහෝ දෙනෙකුට කියවෙන්නේ ඉබේටම වගේ කරදර ඇති වුණාම ඒ විදිහට කිව්වට හිසරදයක් ඇත්තටම ඇති වුණාම සමහර අයට ඒ විදිහට කියනවා තබා කථා කරගන්නවත් බැහැග එහෙම කථා කරගන්න බැරි වුණාට කථා නොකරම බැරි හිසරදය ප්‍රධාන රෝග ලක්ෂණයක් වුණු ර්ණඉරුවාරදය” පිළිබඳව මෙවර ආයුර්වේද වෛද්‍ය සාකච්ඡාවේ අවධානය යොමු කරමුග
මූලිකව සිදුකරන්නේ රක්ත ශෝධන ප්‍රතිකාරයයි
මානසික ආතතියල අධික මත්පැන් පානය හොඳ නැහැ
ඉරුවාරදය යනු රෝගයකට වඩා රෝග ලක්ෂණයකිග මෙහිදී දැකගත හැකි ප්‍රධාන රෝග ලක්ෂණය බවට පත්වන්නේ අධිකව ඇතිවන හිස කැක්කුමයිග ඇතැම් අවස්ථාවල මෙසේ ඇතිවන හිස කැක්කුම් තත්ත්වයේ විශේෂත්වය වන්නේ හිසේ එක් පැත්තකට වන්නට කැක්කුම ඇතිවීමයිග ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාවේ මෙම තත්ත්වය ර්ණඅර්ධාවභේදය” යන නමින් හැඳින්වේග
ඉරුවාරදය ඉතාමත් දිගු ඉතිහාසයකට හිමිකම් කියන රෝගී තත්ත්වයකිග ඒ වගේම බොහෝ දෙනා අතර ඉතා සුලබව දැකගත හැකිවීම ද තවත් විශේෂත්වයකිග
රෝගය ඇතිවීම සඳහා බලපාන හේතු
නිදි වැරීමග
මානසික ආතතියග
අධික මත්පැන් පානයග
උෂ්ණල කටුකල ආම්ලික ආහාර පමණ ඉක්මවා ආහාරයට ගැනීමග
ආහාර ජීර්ණයේ පවතින විවිධාකාර දුර්වලතාග
අධිකව පවතින මලබද්ධ තත්ත්වයන්ග
විශේෂයෙන් කුඩා දරුවන්ට උදෑසන ආහාරය පරිපූර්ණව නොදීම නිසා ඇතිවන පෝෂණ ඌණතාග
කුඩා දරුවන් මෙන්ම ඕනෑම අයකුට නිසි ආකාරව සුදුසු වේලාවන්වල පෝෂ්‍යදායී ආහාර නොලැබුණහොත් මේ තත්ත්වයට මුහුණදීමට සිදුවිය හැකියිග
තවද ගැස්ට්‍රයිටීස් වැනි ජීර්ණ පද්ධතිය ආශ්රිත රෝගී තත්ත්ව වලදී අධික ලෙස අම්ල පදාර්ථ රුධිරයට මිශ්‍ර වන අතර ඒවා මොළය දක්වා ගමන් කරන ස්නායුවලට බලපෑම් ඇති කරනු ලැබේග එවිට එම ස්නායුවලට අදාළ සංවේදනයන් නිසි පරිදි සිදුනොවේග මේ නිසා ද ඉරුවාරදය රෝගී තත්ත්වයට මුහුණදීමට සිදුවේග
ප්‍රතිකාර
මෙවැනි රෝග තත්ත්ව ආයුර්වේදීය ප්‍රථිකාර ක්‍රම හරහා නිට්ටාවටම සුවකළ හැකි අතර වර්තමාන කාර්යබහුලත්වයට උචිත වන පරිදි ඒ සඳහා යෙදිය යුතු ඖෂධ වර්ගද මේ වන විට නිපදවා තිබීමද ඉතා විශේෂිතයිග එවැනි ප්‍රතිකාර යටතේ මූලිකව සිදුකරනු ලබන්නේ ර්ණරක්ත ශෝධන ප්‍රතිකාරයයි” මෙම ප්‍රතිකාරය ආයුර්වේද මූලධර්මවලට අනුව සිදුකළ යුතු ප්‍රධාන කාර්යයිග ඒ වගේම ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත දුර්වලතා මඟහැරවිය යුතු අතර මෘදු ආහාර රටාවකටද යොමු කළ යුතුවේග ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්රමයටට අනුව මෘදු විරේචන ඖෂධ යෙදීමක් මෙහිදී සිදුකරනු ලැබේග
රෝග ලක්ෂණ
නොරිස්සුම් සහගත බව මෙහිදී දැකගත හැකි තවත් ප්‍රධාන රෝග ලක්ෂණයකිග එහිදී මෙවන් රෝගීන්ට ආලෝකය දැකීම පමණක් නොව වෙනත් අයෙක් තමා සමඟ කතා කිරීම පවා නුරුස්සන ස්වභාවයක් ඇති කරවයිග
ඇස්වලල නාසය ආශ්රිත කලාපවල දැවිල්ල ස්වභාවයක් ඇතිවේග
හිසෙහි මෙන්ම නාසයෙහි ඇතිවන බර ගතියග
උදෑසන කාලයේ ඇතිවන රෝගී තත්ත්වය ක්‍රමයෙන් දිවා කාලය වන විට මඟහැරී යනු ලැබේග
තවද ඉර මුදුන් වන විට ඇහි බැම යට කැක්කුම් ඇතිවේග
ඇහි බැම උඩ ඉදිමී නාසය දෙපස ඇති ඛේට ග්‍රන්ථි ඉදිමේග
දෑස්වලින් කඳුළු වැගිරීම් ඇතිවේ
curtesy :
dinamina.lk