Beauty
ඇස් යට කළුවීමට ප්‍රතිකර්ම
ඇස් යට කළුවීම සුලබ ව දක්නට ඇති සරළ දසිද්ධියකි. එහෙත් එයින් බොහෝ දෙනෙක් පීඩා විඳිති. රූප ස්වභාවයට දැඩි ලෙසම බලපාන ඇස්යට කළුවීම වළකා ගැනීමට අනුගමනය කළ යුතු තවත් සුවිශේෂී ක්‍රමෝපාය කීහිපයක් ඇත.
මේ තත්ත්වය ඇතිවීම කෙරෙහි නිදි වැරීම බොහෝ සෙයින් බලපානු ලබයි. එසේ නැතිනම් සුවදායක නින්දක් නොමැතිවීම ද හේතුවකි.
ඔබ දන්නවා, යහපත් ලෙස සෞඛ්‍යය පවත්වාගෙන යාමට නම් පැය 08 ක නින්දක් අත්‍යාවශ්‍ය බව. නිදි වැරීම නිසා ඔබේ මුහුණේ සාමාන්‍ය ස්වරූපයට කිසියම් වූ වෙහෙසකර බවක් එක්වෙයි.
වැඩි කාලයක් නොවේ දින දෙකක් රාත්‍රි හරිහැටි නින්දක් නැතිව සිට පසුවදාට නැගිටින විට ඔබේ ඇස්දෙක වෙන දා මෙන් නිරෝගී නැති බව ඔබටම දැනේවි. දිගින් දිගටම මෙසේ නිදිවැරීම නිසා ඇස් යට ගිලුණු ස්වරූපයකුත් ඇස් වටේ කළුවුණු ස්වරූපයකුත් ඇති වේ. එබැවින් ඇස් යට කළුවීම වළක්වා ගන්නට නම් අනිවාර්යයෙන් ම සුවදායී නින්දක් ඔබ ලැබිය යුතුය. පැය 06 – 07 ක නින්දක් නම් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.
දීර්ඝව ඇස් වෙහෙස කිරීමත් මේ තත්ත්වය සඳහා දැඩිව බලපාන බව ඔබ දන්නවා ද? නමුත් දීර්ඝ කාලීනව ඔබේ ඇස් පොත මත දිව යවමින් ඇස් වෙහෙසට පත් නොකරගෙන මේ ක්‍රමය අනුගමනය කරන්න. විනාඩි 15 ක් පොත් කියවූ පසු ඇස්දෙක ඉන් ඉවත්කරගෙන කිසියම් නිදහසක් ලබා දෙන්න.
මනසත් නිදහස් කරගන්න. මේ ආකාරයට කළහොත් ඇස් දෙක අධික ලෙස වෙහෙසවන්නේ නෑ, අනිත් කාරණාව තමයි පරිගණක භාවිතය. වැඩි වේලාවක් පරිගණක තිරය දෙස බලා සිටීමද ඇස් යට කළුවීමට හේතුවක්. ඒ නිසා පරිගණක භාවිතයේදීත් වරින්වර තිරයෙන් ඇස් ඉවතට රැගෙන කිසියම් නිදහස් වීමක් ඇස් දෙකට ලබා දිය යුතුයි.
මුහුණට නිතර නිතර මේක් අප් (mak-up) යොදන අයද ඇස් යට කළු වීම පිළිබඳ පරිස්සම් විය යුතු ය.
සමහරවිට මුහුණට යොදන මේක් අප් ඇස්යට තැවරීමෙන් සම දුර්වර්ණ විය හැකි ය. විශේෂයෙන්ම මුහුණට හා ඇස අවට ආලේපනය කරන ක්‍රීම් වර්ග under – eye ක්‍රීම් ආදිය මිල දී ගැනීමේ දී නියම ප්‍රමිතියකින් යුතු ආලේපන වර්ග තෝරා ගැනීමටත්, ඒවා කල් ඉකුත් වී තිබේ ද යන්න ගැන හොඳින් පරීක්ෂා කර බලා ගැනීමටත් ඔබ සැළකිලිමත් විය යුතු ය.
එසේම කිසිම මොහොතක මුහුණට පාවිච්චි කරන ක්ලෙන්සර් ක්‍රීම්, ස්ක්‍රබ්, ටෝනර් ආදිය ඇස් යටට පාවිච්චි කළ යුතු නොවේ. ඒ සඳහා ඇස යට පවතින සියුම් සමට හානිදායක නොවන ක්‍රීම් වර්ග හා අනෙකුත් ආලේපන වර්ග වෙනම ඇත.
ඇස් යට කළුවීම වැළැක්වීමේ මාර්ග
ඔබත් මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින කෙනෙක් නම් මේ හේතු මඟ හරවා ගනිමින් තමන්ගේ ඇස් ප්‍රවේසම් කර ගන්නට උත්සාහ ගත යුතුයි. ඒ සමඟම ඇස් යට කළුවීම වළක්වාගැනීම සඳහා නිවෙසේදී ම ඉතාම සරල, පහසු ක්‍රම අනුගමනය කරමින් කළ හැකි ප්‍රතිකාර විධි ද රාශියක් තිබෙනවා. අද අපගේ අවධානය යොමු වන්නේ ඇස් යට කළුවීම වළක්වා ගැනීම සඳහා අපට අනුගමනය කළ හැකි ප්‍රතිකාර විධි සම්බන්ධවයි.
මේ සඳහා අවධානය ප්‍රථමයෙන්ම යොමුවන්නේ නිවෙසේ දී ඔබට කිසිදු වියදමකින් තොරව කළ හැකි ප්‍රතිකාර ක්‍රම පිළිබඳවයි.
අපි බොහෝ වෙලාවට තේ වැක්කිරීමෙන් පසු ඉතිරිවන තේ රොඩු ටික කුණු කූඩයට හළනවා නේද? එහෙත් මින් ඉදිරියට ඔබ ඒ ඉවත දමන තේ රොඩු ටික ප්‍රයෝජනයට ගන්න. එය කරන්නේ කෙසේදැයි අපි ඔබට පහදා දෙන්නම්. ඉවත දමන තේ රොඩු ටික එළියට එන්නේ නැති විදියට පුළුන්වලින් ඔතාගන්න. එසේ නොමැතිව ඔබ Tea bags පාවිච්චි කරන්නේ නම් ඒ Tea bags ද පුළුන්වලින් දවටා ගෙන bags වගේ හදාගන්න. දැන් මේ කුඩා තේ බෑග් දෙක විනාඩි 10ක් පමණ කූල් වෙන්නට ශීතකරණයේ තබන්න. විනාඩි 10ට පසු ටී බෑග් දෙක ශීතකරණයෙන් එළියට ගෙන ඇඳක හාන්සි වී ඇස්දෙක පියාගෙන ඇස් දෙක මත තබාගන්න.
මෙසේ විනාඩි 10 – 15ක් අතර කාලයක් ඇස් දෙක මත Tea bags තබාගෙන සිටීමෙන් ඇස් යට පවතින අඳුරු ස්වභාවය නැති වී පැහැපත් වෙයි. ඔබ රැකියාවට යන කෙනෙකු නම් විවේකීව සති අන්තයේ නිවෙසට වී සිටිනවා නම් මේ සරල පහසු සත්කාරය ඔබට කරගත හැකි ය. මේ ප්‍රතිකාර ක්රමයේ දී ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ Tea bags හදාගැනීමේ දීයි. මේ bags දෑස් මත තබාගෙන සිටින නිසා තේ කුඩු කුමන ආකාරයකින් හෝ පිටතට නොඑන ආකාරයට සාදාගත යුතුයි. මන්ද තේ කුඩු ඔබේ දෙඇස් ඇතුළට වැටුණොත් ඔබ අපහසුතාවයට පත්වේවි.
මේ ආකාරයටම තවත් සරල සත්කාරයක් තිබේ. රාත්‍රියට පිපෙන සමන් පිච්ච මල් මිටක් කඩාගෙන එය පිරිසුදු වතුර වීදුරුවකට දමා වසා තබන්න. මැටි භාජනයකට වතුර පුරවා මේ මල් දමා තබන්න තිබෙනවා නම් වඩාත් හොඳයි.
උදේට මේ භාජනයේ ඇති වතුරවලින් දෙනෙත් හොඳින් සෝදන්න. දිනපතා ඔබට මේ සත්කාරය කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. මේ සමන්පිච්ච මල් වතුරේ සිසිලසින් ඔබේ දෙනෙත්වලටත් සිසිලසක් ගෙන දෙනවා. සියුම් සුවඳකිනුත් යුක්තවන නිසා ඔබට කිසිලෙසකින්වත් අපහසුතාවයකට පත්වෙන්නෙත් නෑ. මේ ප්‍රතිකාර විධි දෙකෙන්ම අපි අපේක්ෂා කරනුයේ ඔබේ ඇස් දුර්වර්ණ වී ඇත්නම් ඇස් යට කළු වී ඇත්නම් ඒ සඳහා ප්‍රතිකාරයක් සිදු කිරීමටයි.
ක්‍රීම් වර්ග ආලේප කිරීමේදී මෙන් ක්ෂණයකින් එසේත් නැත්නම් සතියෙන් දින දහයකින් ආදී වශයෙන් ඉක්මන් ප්‍රතිඵල ඔබට දකින්න නොතිබුණත්, මාසයක් දෙකක් යන විට ඔබටම දැනේවි කිසියම් සහනයක් මේ මඟින් තිබෙන බව. මෙම ප්‍රතිකාර ක්රමයන්ගේ තිබෙන සුවිශේෂීම කාරණයවන්නේ ඉන් වෙනත් උපද්‍රව සිදු නොවන නිසයි. ශරීරයට හිතකර, සියුම් සමට වුණත් ඔරොත්තු දෙන සමට පළුද්දක් ඇති නොවන මෙම ප්‍රතිකාර විධි ඔබත් අනුගමනය කර බලන්න.
(under the courtesy of goodhousekeeping.lk web)