Beauty
ඇස් යට කළු වීමට නිවසේදීම ප්‍රතිකාර කර ගමු
තරුණ වියේ පසුවන පාඩම් කරන දරුවන්ට මෙන්ම මැදිවිය පසු වූ අයට පවා මෙම තත්ත්වය ඇති විය හැකියි. මේ සදහා බලපාන හේතු වන්නේ ,
� මානසික ආතතිය.
� අධික නිදිවැරීම.
� ශරීරය විඩාවට පත්වීම.
� ස්නායු ආශ්රිත රෝග හෝ ඇස් ආශ්රිත රෝගවලට ප්‍රතිකාර නොගෙන සිටීම.
� පීනස හා වෙනත් සෙම් රෝග නිසා ඇස් කැසීම.
� මුහුණේ ගල්වන ආලේපන ඇස් වටා තැවරීම.
නිවසේදී පහසුවෙන් කර ගත හැකි පහත ප්‍රතිකාර මගින් ඇස් වටා කළු පැහැය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගන්න පුළුවන්
සවස නින්දට යාමට පෙර ආමන්ඩ් තෙල් ස්වල්පයක් හෝ රෝස වතුර භාවිත කර දෑස්වලට සියුම් සම්භාහනයක් මුදු ඇගිල්ල භාවිත කරලා කරන්න. පසු දින උදයේ එය සිතල වතුරෙන් සෝදා දමන්න. ඇස් වටා කලු පැහැය ඉවත් වන තුරු මෙය දිගටම කරන්න
සතියකට දෙවරක් කෝමාරිකා යුෂ හෝ තක්කාලි ඉස්ම හෝ අල පෙති ඉස්ම හෝ තේ කහට යන ද්‍රව්‍යවලින් එක් වර්ගයක් ගෙන දෑස් මත පැක් එකක් ලෙස තබා විනාඩි 15කින් පමණ තියලා සෝදා ඉවත් කර ගන්න. අනතුරුව පුළුන් කැබලි ගෙන එය ආමන්ඩ් තෙල්වල පොගවා දෑස් මත තබා විනාඩි 5ක් පමණ මෘදු සම්භාහනයක් කර ඉවත් කර ගැනීමටත් පුළුවන්.
(under the courtesy of goodhousekeeping.lk web)