ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය
නොගැළපෙන පාවහන්
තම පාදවලට වඩා කුඩා පාවහන් පැලඳීමෙන් විළුඹ පිටුපස හා ඇඟිලි ආශි‍්‍රත සම ඝනවී වේදනාකාරී විය හැකිය. ඒ පාදවලට ඉඩකඩ මඳවීමෙන් ඇතිවන අධික තෙරපුම නිසාය. මෙවිට නිරුවත් දෙපා අවලස්සනට පෙනීමට ඉඩ ඇත. සැබවිටම තම පාදවලට සරිලන ලෙස සුවපහසු පාවහන් තෝරා ගැනීමට කටයුතු කරන්න.
මේස් භාවිතය
ඔබ සපත්තු සමඟ දිනපතා පළඳින මේස් පිරිසුදු විය යුතුය. අපරිසුදු මේස් පැළඳීමෙන් සමෙහි සුළු සීරීම් ආදිය ආසාදනයට ලක්වෙන්න ඉඩ තිඛෙනවා. ඒ විතරක් නොවේ දිනපතා මේස් පිරිසුදු නොකරන විට සහ තෙතමනය සහිත මේස් පැලඳීමෙන් පාදවල දුර්ගන්ධයක් ඇතිවේ. මෙහි වැදගත් කාරණයක් වන්නේ වැඩිපුර උසින් යුතු පාවහන් පැලඳීමෙන් වැළකීමයි. පාවහන්වල අඩිය පමණට වඩා උසින් වැඩිවන විට සමබරතාවට හානියක් සිදුවනවා වගේම කාලීන වශයෙන් කොන්දේ වේදනාව වැනි රෝග අවස්ථා ඇතිවිය හැකිය.
නිය පිරිසුදු කරන්න
පාදවල නිය පිරිසුදුව තබා ගත යුතුය. ඒවායේ නිය දිරාපත් වී ඇත්නම් ඒ කොටස් කපා දැමිය යුතුය. නියමිත කාලයකට වරක් නිය කොටට කපා දැමිය යුතුය. එසේම නිය හොඳින් පිරිසුදු කළ යුතුය. මේ සඳහා ර්”පචදඨඥ ඵබඪජඬ එකක් භාවිත කළ හැකිය.
පුස්වර්ග අසාදනය වීම
පාද ඇඟිලි එකිනෙකට තද වී ළංවී පිහිටන විට ඒ අතර කුණු සහ වතුර රැඳී ආසාදනයට ලක්වෙන්න පුළුවන්. මෙසේ විශේෂයෙන්ම පුස් වර්ගවලින් ආසාදනයට පත්වේ. එසේම නිය ඇඟිලි ඇතුළට ගිලී ඇතිවිට ඒ තුළද තෙතමනය රැඳී තිබීමෙන් ආසාදන ඇතිවීමට ඉඩ ඇත. මේ නිසා පාදවල නිය පිරිසුදුවට හා වියළිව තබාගත යුතුය.
පාදවල ඉදිමුම
වැඩිපුර ඇවිදීම හා සිටගෙන සිටීම වැනි කරුණු නිසා සැලකිය යුතු රෝග තත්ත්වයක් නොතිබුණා වුවද පාදවල පිටිපතුල හා වළලුකර ප්‍රදේශයේ ඉදිමීමට ඉඩ තිඛෙනවා. එවැනි අවස්ථාවලදී පාද තරමක් උස්ව තබා වාඩිවී සිටීම වැදගත්. එසේම මඳ උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් මිෂ කර එම වතුරේ පාද ගිල්වා තැබීමෙන්ද ඉදිමීම අඩුවෙනවා.
පාදවල වෙහෙසට පිලියම්
දවස පුර විවිධ කටයුතුවල නියැළීමෙන් සහ ඇවිදීමෙන් පාදවලට වැඩි වෙහෙසක් ඇතිවන්න පුළුවන්. එවිට පාදවල හා ඒවායේ මස්පිඬුවල වේදනාවක් ඇතිවෙනවා. මෙහිදී උණුසුම් ජලයෙන් හා සිසිල් ජලයෙන් පාද මාරුවෙන් මාරුවට තෙමීම සුදුසුයි. එවිට වේදනාව අඩුවේ.
එසේම පාදවල මඳක් රත්කළ ඔලිව් තෙල් ස්වල්පයක් ආලේප කර සම්බාහනය කිරීමෙන් පාදවල වේදනාව හා විඩාබර බව අඩුවෙනවා. පා ඇඟිලිවල පුස් වර්ග ආසාදනයට පාද ඇඟිලිවල හා නියවල පුස්වර්ග ආසාදනය වී දැඩි කැසීමක් ඇත්නම් ඒවා හොඳින් සෝදා තෙතමාත්තු කර ර්ණසර්ව විෂාදී තෙල්” ස්වල්පයක් අලේප කිරීමෙන් සුව කර ගන්න පුළුවන්. ඒ වගේම කොන්ඩිස් මිශ්‍රකළ ජලයෙන්ද පාද හා නිය සෝදා පිරිසුදු කිරීම් සුදුසුය.
පාදවල දහදිය දුගඳ නැති කිරීමට
පාදවල හා පා ඇඟිලි අතර අපිරිසුදු නම් ඒවායෙන් දුඟදක් ඇතිවෙනවා. එවිට පාද හා ඇඟිලි හොඳින් පිරිසුදු කර තෙතමනය ඉවත් කර ඕඩිකොලොන් හෝ පවුඩර් ස්වල්පයක් අලේප කළ හැකිය.
පාදවල සම වියළීමට
පාදවල සම වියළිබවකින් යුක්ත නම් සම පිපිරී තුවාල ඇතිවීමට ඉඩ තිඛෙනවා. එම නිසා පාදවල දිනපතා ථධඪඵථපඪදඨ ඛ්පඥචථ එකක් ආලේප කර මසාජ් කිරීම සුදුසුය. එසේම ඒ සඳහා ඔලිව්තෙල් ගා සම්බාහනය කිරීමද වඩා සුදුසුය.
දණහිසේ රූපලාවණ්‍ය ගැටලු
දණහිස මත සම වැඩිපුර වියළී ගොරෝසු වී ඇතිනම් එය තරමක් අවලස්සනට කාරණයක් වේ. මෙම තත්ත්වය වැළැක්වීමට රටකජු තෙල් හෝ තල තෙල් ස්වල්පයකට විනාකිරි බින්දු කීපයක් මිශ්‍රකර ආලේප කර හොඳින් මසාජ් කරන්න. මෙහි දිනපතාම කිරීමෙන් දණහිස් ගොරෝසු වීම වළකිනවා.
පාදවලට සිසිල් බවක් ඇතිකිරීමට
පාදවල විඩාබර බව, වේදනාව සමනය වීමට සිහිල් ජලයට සුදු හඳුන් කුඩු ස්වල්පයක් දමා එම ජලයේ පාද ගිල්වා තැබීමෙන් එම විඩාබර බව සුවවේ. එසේම රාත්‍රියට සුවබර නින්දක් ලැබීමටද එය හේතුවේ.
සමේ (පාදවල) දහදිය දුගඳ නැතිකිරීමට
සැවන්දරා, සුදුහඳුන් ස්වල්පයක් බැගින් ගෙන තම්බා පෙරාගෙන එම ජලයට සහිඳ ලුණු කුඩු ස්වල්පයක් මිශ්‍රකර එම වතුරෙන් පා දෝවනය කරන්න. එවිට පාදවල දුගඳ නැතිවේ.
පාදවල දැවිල්ල සුවකර ගැනීමට
මේ සඳහා විනාකිරි, දෙහි ඇඹුල් මිශ්‍ර කළ නිකකොළ කොළ, පාවට්ටා කොළ තැම්බූ වතුරේ පාද ගල්වා තබන්න. එවිට පාදවල උණුසුම හා දැවිල්ල පහළ වේ.
එසේම ර්ණභෘංගාමලක තෙල්” පාදවල ආලේප කර සම්බාහනය කිරීමෙන්ද පාදවල දැවිල්ල සුවවේ.
සුවබර නින්දක් ලැබීමට
පාදවල උණුසුම් තලතෙල් හෝ ගිතෙල් හා මසාජ් කරන්න. එයට පෙර නිකකොළ, බේත් එරඬු කොළ, අමු ඉඟුරු තැම්බූ උණුසුම් ජලයේ පාද ගිල්වා ටික වේලාවක් තබන්න. පසුව ඉහත තෙල් ගා හොඳින් පිරිමදින්න.
පාදවල සම ගොරෝසු වීම
පළමුව පාද අබ කුඩු හා ඉඟුරු කුඩු ස්වල්පයක් මිශ්‍රකර උණුසුම් ජලයේ විනාඩි 15ක් පමණ ගිල්වා තබාගන්න. ඉන්පසුව තලතෙල් ගා හොඳින් පිරිමදින්න. එවිට සම ගොරෝසු වීමෙන් වළකිනවා.
සම්බාහන පාද සත්කාරයක්
උදෑසනම අවදිවූ විගස පාහන්වලින් තොරව තණ බිමක ඇවිදීම සුදුසුයි. ඒ තුළින්ම සිරුරම උත්තේජනය කරනවා. මේ තුළින් කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය වර්ධනය වන බව සොයාගෙන ඇත.
(under the courtesy of goodhousekeeping.lk web)