Health
ආතරයිටීස් රෝගයට තෙල්-පත්තු සත්කාරයෙන් සුවයක්
සන්ධි අමාරුවකදී වඩාත්ම සැලකිලිමත් වීමෙන් ඔබගේ සිරුර තුළ පැන නගින විවිධ සංකූලතා පෙර පරිදි ඇතිවීම අඩු කරගත හැකියිග අත පයේ දැනෙන වේදනාව එසේත් නැතිනම් පිට කොන්දේ එන වේදනාවක් හෝ ඔබට දැනෙනු ඇතග එවිට ඔබ කළ යුත්තේ ගෙදර දීම අත්බෙහෙත් සඳහා යොමුවනවාට වඩා ආයුර්වේද රෝහලක් වෙත යාමයිග සන්ධි රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා හමුවීම මෙහිදී විශේෂ බව සලකන්නග අවුරුදු 50 පමණ වනවිට ඔබගේ අස්ථි දුර්වලවීම්ල ස්ත්‍රීයකගේ නම් අර්තව හරණය වැනි කාරණා හේතු කොටගෙන ආතරයිටීස් රෝගය හට ගැනේග
අවුරුදු 50දී ඇතිවන තත්ත්වය
දෝෂ ධාතුවල අසමතුලිතතාවල ස්ත්‍රීයක් නම් අර්තවහරනය වැනි කාරණා මත අස්ථි දිරායාම ඇති වී ඒ මඟින් සිරුරේ කොතැනක හෝ සන්ධියක් දුර්වල වී ඇත්නම් ඒ ඔස්සේ මෙම සන්ධිගත රෝග අවස්ථාවට මුහුණ පෑ හැකියිග
සන්ධී ඇද විය හැකියි
දුර්වල වී ගිය අස්ථිය යම් හෙයකින් බාහිරව සිදු කරන දෛනික ක්‍රියාවන් නිසා ඇදවීමකට ලක්විය හැකියිග සමහරවිට එය ඔබේ කොන්ද විය හැකියිග පාදයේ දුර්වල වූ අස්ථිය විකෘතිවීමකට පවා ලක්විය හැකියිග ඔබේ අතක සන්ධියේ මෙවැනිම තත්ත්වයක් හට ගැනිය හැකියිග
මුලින් ඔබ කළ යුතු වන්නේ වෛද්‍යවරයෙකු වෙත ගොස් අවශ්‍ය උපදෙස් මත රෝගයට පිළියම් සෙවීමයිග අවුරුදු 50 නම් හෝ එම සීමාව ඉක්මවා ඇත්නම් ආතරයිටීස් රෝගයට ගොදුරු වීමේ හැකියාව ඉතාමත් වැඩියිග විශේෂම හේතුව ලෙස සැලකිය හැක්කේ පවතින සන්ධි දුර්වලතාවය හා පෝෂක ඌනතාවයයිග
ඇවතුම් පැවතුම් ප්‍රධානයි
සමහරවිටෙක මෙම රෝග අවස්ථාව දණහිස අමාරුව නිසා ඇතිවන සන්ධි රෝග තත්ත්වයක් නම් මේ සඳහා බාහිර හෝ අභ්‍යන්තර යන ක්‍රම දෙක තුළින්ම ප්‍රතිකාර කළ යුතුව ඇතග නමුත් මුල් කාලයේදීම රෝගය වෛද්‍යවරයා හඳුනා ගැනීම නිසා ප්‍රතිකාර කිරීම අවම තත්ත්වයෙන් තබා තමාගේ ඇවතුම් පැවතුම් තුළින් සෞඛමත් ජීවිතයකට හුරු කරගත හැකියිග
බාහිරව සිදු කරන ප්‍රතිකර්ම
ආතරයිටීස් රෝග තත්ත්වයේදී තෙල් ගෑමල පිචු දැමීමල කටී වස්තිය සිදු කරනුයේ ස්නේහ කර්මයක් ලෙසිනිග මෙය ආයුර්වේදයේදී ඔබට ලබාදිය හැකි ගුණාත්මක සංසිද්ධියයිග දණහිස් අමාරුවක් නම් හෝ කොන්ද ඇදවීමක් හෝ ඇත්නම් එය සන්ධිගත වාත රෝග අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියිග මෙහිදී ස්නේහය එනම් තෙල් දමා සිදු කරන ප්රතිකර්මය බොහෝ වැදගත් වේග තෙල් ගෑම සිදු කරනවිට ඉහළ සිට පහළට කළ යුතුව ඇතග දණහිස් පොල්කට්ට අභියසදී තෙල් ගල්වන විටදී එකතැන රවුමට කිහිපවරක් කළ යුතුයිග පසුව දණහිස් පොල්කටුවේ සිට පහළ ඇඟිලි තුඩු තෙක් තෙල් ගෑම කළ හැකියිග තෙල් ගෑමෙන් සිදුවන්නේ සිරුර තුළ පවතින විෂ කොටස් මෘදු කිරීමයිග මෙම සන්ධි ආශි‍්‍රතව ඉදිමුමක් ඇත්නම් තෙල් ගෑම සුදුසු නැතග එම අවස්ථාවට පත්තු වර්ග යොදා ගෙන ඉදිමුම අඩු කිරීම ආයුර්වේදයේදී සිදු වේග
පසුව ස්නේහයට රෝගියාව යොමු කළ හැකියිග පත්තුව යොදාගනු ලබන්නේ ස්වේදය ලෙසයිග මෙහිදී ස්නේහය මඟින් මෘදු වූ විස කොටස් සම හරහා මතුපිටින් ඉවත් කිරීම කළ හැක්කේ සිරුර ස්වේදනයට ලක් කිරීමෙනිග කැඳ ධාර සිරුර මතුපිටින් ගලා යාමට සැලැස්වීම තුළින් එය සිදු කරයිග
සමබර ආහාර වේලක්
ආහාර රටාව
විහරණ විධි ලෙස දෙආකාරයට වර්ග කළ හැකියිග
ආහාර රටාව
පෝෂ්‍යදායී සමබර ආහාරවේලක් ගැනීමට අවුරුදු 50 වන හෝ ඊට එහා ගිය වයසක් ඇත්නම් ඔබ මනාසේ දැනගත යුතුයිග ෂඩ් රස ආහාරවේල මේ සඳහා ලබාගත යුතුයිග ආහාර ගැනීමේදි එකවර වැඩි ප්‍රමාණයක් ගැනීම සුදුසු නැති බව කිව යුතුයිග ඒ සඳහා සුළු ආහාරවේල් කිහිපයක් ගැනීම සුදුසුයිග
එළවළුල පලතුරුල පලා වර්ගල ධාන්‍ය වර්ගල කුඩා මාළුල හීනටි සහල් කැඳල හාල් මැස්සන්ල ජලයල කොළ කැඳල ඔසු පැන්ල නිවුඩ්ඩ සහිත සහල්ල ඇල් හාල්ල මෙවැනි දේ ඔබ ආහාර සඳහා යොදා ගත යුතුයිග අතර වැඩිපුර ගන්නග අඩුම තරමේ පැය 6ක් වත් නින්ද අත්යවශ්යයිග රාත්‍රී නින්ද වැදගත් වේග නමුත් කෑමෙන් පසු එන බුදිමත වැදගත් නොවෙයිග
නොගත යුතු ආහාර ලෙස බර ආහාරල දිරවීමේ අපහසු ආහාර තෙල් අධික ආහාර මස්ල මාළුල අධික ලෙස ගැනීම මෙන්ම වරින් වර එකම තෙලේ බැදපු ආහාර වේග
උස් පාවහන් හොඳ නෑ
පුද්ගලික :ස්වස්ථතාවය- ස්නානය කළ යුතුයග ඇඳුම් පැළදුම් හිරට ඇඳීමල උස පාවහන් පැළඳීම සුදුසු නැතග
හදිසි අනතුරු වළක්වා ගැනීමග මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපක් වේග කලබල වීමල වැටීම්රැතැලීම්ල ලිස්සා වැටීම්ග
සීනි කොලෙස්ටරෝල පරීක්ෂාව කරගන්න
වෛද්‍ය පරීක්ෂණවලට යොමුවීමග රුධිරයේ සීනි පරීක්ෂාවල අධි රුධිර පීඩන පරීක්ෂාවල කොලෙස්ටරෝල් පරීක්ෂාව
විශේෂයෙන් මල බද්ධතාවය වළක්වා ගැනීම හා කෙඳි සහිත ආහාර බහුලව ගැනීම කළ යුතුයිග අවුරුදු 50ට වැඩි ස්ත්‍රීන් විශේෂයෙන් සන්ධි රෝගවලට ගොදුරු වේග ඒ දෝෂ ධාතුවල පවතින අසමතුලිතතාවය හා ආර්තවහරනය වැනි කාරණා මතයිග සමහර අවස්ථාවලදී පෝෂණයේ පවතින හීනභාවය මත එනම් කැල්සියම් විටමින් හා අස්ථි වර්ධක ආහාර නොමැති වීමෙන් එසේ සන්ධි රෝග වලට ලක් වේග
සිරුරේ බර අඩු කරගන්න
කායික හා මානසික ව්‍යායාම තිබිය යුතුයිග ල කායිකව ස්ථානිකව සිදු වේගල මානසිකව සිදු කරන විට යෝග ව්‍යායාම කිරීමල භාවනා ක්‍රම ආචාර විධි බොහෝ වැදගත් වේග ශරීරයේ බර අඩු කර ගැනීම ද කරගත යුතු සුදුසු ක්‍රියාවකි
curtesy :
dinamina.lk