Health
අවුග 50-අවුග 80 දක්වා දීර්ඝ කරගන්නට ඔබට පුළුවන්
නීරෝගි දිවි ගෙවීමට අවුරුදු 50දී ඔබ කළ යුතු දේ
හැකි පමණ කාලයක් ජීවත්වීම අප කාගේත් බලාපොරොත්තුවයග මේ බලාපොරොත්තුවට වයස අවුරුදු 50 දී තිත තබන්නට අවශ්‍ය නොවේනම් ඒ සඳහා මූලික පියවර හා හුරුපුරුදු කිහිපයක් ගැනීම සහ අනුගමනය කළ යුතුයග
මෙහිදී පළමු තැන හිමිවන්නේ සෞඛ්‍යමත් ආහාර වේලකට හුරුවීම කෙරෙහියග නිවුඩ්ඩ ඉවත් නොකරන ලද ධාන්යල පියළි ඇටල එළවළු හා පලතුරුල මාළුල එළකිරි ආහාරවේලක ගුණවත්භාවයයිග එහෙත් තෙල් සහිත ආහාරල රතුමස් මේදය :තෙල්-ල ලුණු හා සීනි ඔබගේ දිගුකාලීන ජීවිතයට සෘජු ලෙස හරස් වෙයිග සීනි මිශ්‍රිත පාන වාතය මිශ්‍රිත සිසිල් බීමල ගැනද කිව යුත්තේ එයමයග පිරිසිදු පානීය ජලයල තැඹිලිල කුරුම්බාල වතුර වැනි සෞඛ්‍යයට හිතකර දියර වර්ග ගැනීමට මැලි නොවන්නග ආහාරවලට ලුණු හා සීනි එක් කිරීමේදී තද බල පාලනයකින්ග එසේ කිරීම නිසා දිගු ජීවීතයකට උරුම කිරීමට ඔබට වාසනාව ලැබෙනු ඇතග
දුම්පානයෙන් ඈත් වෙන්න
අප වෙසෙන ලෝකය තුළ ප්‍රසිද්ධියේ විකිණීමට අවසර ඇති මාරක විෂ ද්‍රව්‍ය අඩංගු ප්‍රධානම කාරකය වන්නේ දුම්වැටියග දවසකට දුම්වැටි 1-5 දක්වා තරම් වන අඩු දුම්වැටි ප්‍රමාණයක් පානය කළද හෘද්‍යාබාධයක් ඇති කිරීමට පවත්නා ඉඩකඩ සියයට 40කින් ඉහළ යන බව හෙළි වී තිබේග මෙහි ඇති සුබදායක පණිවුඩය නම් සිගරැට් ඉරීම අත්හැරීමට ඔබ අද තීරණය කළහොත් ඒ මඟින් පැවැති අවදානම පහව යන බවයග එහෙත් දැන් වයස අවුරුදු 50 ක් වන ඔබ දුම්පානයෙන් පමණක් නොව දුම්පානය කරන අය සමඟ ගැවසීමෙන්ද ඈත් වී නීරෝගී දිවියකට පා ඔසවන්නට පමා නොවිය යුතුයගග
දුම්පානය මෙන්ම දුම්කොළ හුණුල පුවක් සමඟ බුලත්විට සැපීමෙන්ද ඔබ ඈත් විය යුතුයග ඒ මුඛ පිළිකා හා ගලනාල පිළිකා ඇති කිරීමට බුලත්විට සැපීම හේතු වන බැවිනිග
මත්පැන් පානය අඩු කරන්න
මත්පැනින් සම්පූර්ණයෙන්ම ඈත්වීම ඔබට අසීරු නම් දිනකට පානය කරන මත්පැන් ප්‍රමාණය ඩ්රෑම් එකක් තරම් වූ සුළු ප්‍රමාණයකට සීමා කිරීමල ස්නායු පද්ධතියට මෙන්ම අක්මාව ඇතුළු ආහාර මාර්ග පද්ධතියටද හිතකරයග
සක්‍රීය වන්න
වයස අවුරුදු 50 ක් යැයි සිතමින් අලස නොවනන්තග කය වෙහෙසීම සීමිත ප්‍රමාණයකට හෝ සිදුකරන්නග ඇවිදින්නග වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම කරන්නග50 දී වුවත් ජීවිතය තිරිහන් කර ගැනීමට ව්‍යායාම ඔබට උදව් වේවිග
සිත් තැවුලෙන් තොරවන්න
මේ සඳහා සිල් ගැනීමල භාවනාවල දේව මෙහෙයන්ට සහභාගී වීම හා වෙනත් පූජා ක්‍රමවල නිතරවීම සුදුසුයග එමඟින් සිත් තැවුලෙන් තුරන් වී අධ්‍යාත්මික සුවයක් හිමිවෙයිග ලද දෙයින් සතුටුවීමල ක්‍රෝධ නොගැනීමල ඊර්ශ්‍යාව නොකිරීම මඟින්ද ආතතිය ඇති වීම වළක්වයිග
වෛද්‍ය උපදෙස් ගන්න
බය නිසා ලෙඩ වීම ඇතිවෙන්නේ නැහැග කියන මානසික්වයෙන් මිදී යම් සුළු උවදුරු තත්ත්වයක් ගැන ඉඟියක් ඇති වූ විට වෛද්‍ය උපදෙස් පතන්නග අමතක කරන්න එපාග එය අවුරුදු 50ක ජීවිතයට අවුරුදු 80 දක්වා ගෙන යාමට උපකාර වේවිග
තුසිත මලලසේකර
curtesy :dinamina.lk/