Health
අවු 50යි ගර්භාෂය පහත් වෙලා
පේරාදෙණිය වෛද්‍ය පීඨයේ
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ
ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාමින්ද කන්දඋඩ
ගර්භාෂය පහත්වීමේ ගැටලුව කාන්තාවන්ට බලපාන ගැටලු අතර කතාබහට ලක්වන තත්ත්ව වලින් එකකිග ගර්භාෂය පහත්වීමක් සිදුවන්නේ ඇයිගගගගරෑ සමහර කාන්තාවන්ට පමණක් මේ තත්ත්වය බලපාන්නේ ඇයිගගගගරෑ මීට ප්‍රතිකාර තිබෙනවාදගගගරෑ මෙය වළක්වා ගන්නට නොහැකිදගගගගරෑමේ ආදී කරුණු පිළිබඳ අවබෝධයක් ලබාගත යුත්තේ එබැවිනිග
ගර්භාෂය පහත්වීම
මෙය බොහෝ විට වයසත් සමඟ ඇතිවන තත්ත්වයකිග විශේෂයෙන් අවුරුදු 40න් පසු දැකගත හැකියග
හේතුව කුමක්දගගගගරෑ
මීට බොහෝ දුරට බලපාන හේතුවක් වනුයේ ඩිම්බකෝෂවල නිෂ්පාදනය කෙරෙන ඊස්ට්‍රජන් හෝර්මෝනය ක්‍රමයෙන් අඩුවීමයග විශේෂයෙන් අවුරුදු 40ට පෙරත් අවුරුදු 40න් පසුවත් ඊස්ට්‍රජන් හෝර්මෝනයේ විශාල වෙනසක් සිදුවෙයිග තවද අවුරුදු 50න් පසුව ද විශාල වෙනසක් හඳුනාගත හැකියිග
අවුරුදු 50න් පසුව කාන්තාවක් ආර්තවහරණයට ලක්වනුයේ ඊස්ට්‍රජන් නිෂ්පාදනය අඩුවීම හේතු කොටගෙනයග
මේ නිසා ඇතිවන බලපෑම් මොනවාදගගගගරෑ
ගර්භාෂය ඊට අදාළ වූ නිසි තත්ත්වයෙන් පවත්වාගැනීමට ඒ සඳහා වූ ආධාරක අවශ්‍ය වේග :එනම් පේෂි- එසේවුවත් ඊස්ට්‍රජන් අඩුවීම නිසා මෙම ආධාරක දුර්වල තත්ත්වයට පත්වේග
ඒ හේතුවෙන් ගර්භාෂයේ ශක්තිමත් භාවය හීන වී සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගත නොහැකිව එල්ලා වැටීමක් සිදුවේග
මීට අමතරව බලපාන කරුණු මොනවාදගගගගරෑ
සාමාන්‍ය දරු ප්‍රසූතීන් වැඩිපුර සිදුවී තිබීම තවත් හේතුවකිග විශේෂයෙන් නියමිත කාල සීමාවන්ට වඩා දීර්ඝ කාලයක් ප්‍රසූත වේදනාවෙන් පෙළීම නිසා ඇතිවන තෙරපුම මඟින් පසුකාලීනව මෙවැනි තත්ත්වයකට බලපෑමක් ඇතිකළ හැකග
විශේෂයෙන් ගර්භනී අවස්ථා 5ක් හෝ 6ක් පමණ පසුකළ පසු මෙවැනි තත්ත්වයක් හටගැනීමේ හැකියාව පවතීගමීට අමතරව ඒ සඳහා වූ ජානමහය බලපෑමක් සහිතවීමල පුරුද්දක් ලෙස කාලයක් පුරා පවතින අධික කැස්සල මලබද්ධය එවැනි තත්ත්වයක් හට ගැනීමට බලපෑ හැකි අනෙකුත් තත්ත්ව වේග
ඉක්මන් ආර්තවහරණය
වයස අවුරුදු 40-45 වැනි වයස් සීමාවලදී ආර්තවහරණයට ලක්වීමේදී කාන්තාවකට දිවියේ වැඩි කාලයක් පුරා ඊස්ට්‍රජන් අඩුවීමකට මුහුණදීමට සිදුවේග මෙවැනි කාන්තාවන්ද අන් කාන්තාවන්ට සාපේක්ෂව ගර්භාෂය පහත්වීමේ අවදානමට ලක්විය හැකග
ලැජ්ජාව නිසා සඟවාගෙන සිටීමග
මෙවැනි තත්ත්වයක් සහිතව පසුවන බොහෝ කතුන් ලැජ්ජාව නිසා එය සඟවාගෙන බොහෝ විට මීට ප්‍රතිකාර ලබා නොගෙන දිවි ගෙවන බවද හඳුනාගත හැකගදිගුකාලයක් පුරා මේ තත්ත්වය ඉවසා දරාල සඟවා ගෙන සිටින මුත් තුවාල ඇතිවීමල ගර්භාෂය හා ගැබ්ගෙල යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම මෙවැනි අවස්ථාවල සිදුවිය හැකග
දිගු කාලයක් පුරා මේ තත්ත්වය පැවතීමේදී තුවාල ඇතිවීම මෙන්ම එයින් දියර ගැලීම ආදියද සිදුවිය හැකග
හඳුනාගන්නේ කෙසේදගගගරෑ
කොන්දේ වේදනාවක්ල ගර්භාෂය සමඟ මුත්‍රාශය හා ගුද මාර්ගය පහළට පැමිණීම මෙවැනි තත්ත්වයකදී දැකගත හැකග මීට අමතරව මුත්‍රා පිටකිරීමේ අපහසුවල මුත්‍රා ආසාදන මෙන්ම මුත්‍රා පිට කළද මුත්‍රා සම්පූර්ෂයෙන් පිට නොවූ බවක් දැනීම මෙවැනි අවස්ථාවල සිදුවිය හැකග
තවද රෝගී තත්ත්වයන් මූලික ලක්ෂණයක් ලෙස දැකගත හැකගමෙවැනි තත්ත්වයක් හඳුනාගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේග තවද මෙවැනි අවස්ථාවකදී තමාටම කණ්ණාඩියක් මාර්ගයෙන් යම් වෙනසක් ඇත්දැයි හඳුනාගත හැකග
වළක්වා ගැනීමට
එදිනෙදා ජීවන පුරුදු යහපත් හා සෞඛ්‍ය හිතවත්ව පවත්වා ගැනීම වැදගත්යග අවුරුදු 40ට ආසන්න වනවිට තමන්ගේ බර පාලනය කර ගැනීම එදිනෙදා ව්‍යායාමවල නිරතවීමද වැදගත් වේග
තවද මෙවැනි තත්ත්වයක් සඳහා අවදානමක් සහිත කාන්තාවන් වෛද්‍ය උපදෙස් යටතේ ඒ සඳහා වූ විශේෂිත ව්‍යායාම පුහුණුවීම හා දිනපතා එම ව්‍යායාමවල නිරතවීමද වැදගත් වේග
තවද සමබර ආහාර ලබාගැනීමට උනන්දුවීමද වැදගත් වේග යම් කාන්තාවක් වයස අවුරුදු 40-45ත් අතර කාලයේ ආර්තවහරණයට ලක්වූයේ නම් වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය අවස්ථාවල හෝර්මෝන ප්‍රතිකාර ලබාගත හැකග
එමගින් මෙවැනි තත්ත්ව අවම කර ගැනීමේ හැකියාව පවතීග
ප්‍රතිකාර
මෙවැනි තත්ත්වයන් ශල්‍යකර්ම මඟින් සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ හැකියාව පවතීග
එසේ නොවන අවස්ථාවලදී එනම් ශල්‍ය ප්‍රතිකාර සඳහා අකමැති හෝ එවැනි ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයක නොසිටින අවස්ථාවක ඒ සඳහා වූ වෙනත් ප්‍රතිකාර ක්‍රම පවතීග ඒ අනුව මෙවැනි තත්ත්වයකට පත්වී සිටින හෝ එවැනි අවදානමක් සහිත කාන්තාවන් හොඳින් අවබෝධ කරගත යුතු කරුණ නම් මෙවැනි තත්ත්වයක් හඳුනාගත් මුල් අවස්ථාවේදීම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම බොහෝ වැදගත් බවයග එමඟින් ඇතිවිය හැකි අමිහිරි හා වේදනාකාරී තත්ත්ව පාලනය කර ගැනීමේ හා මඟහරවා ගැනීමේ හැකියාව පවතී
curtesy :
dinamina.lk