Health
අවධානයෙන් ඉන්නෟ මේ දිනවල ඩෙංගු මෙන්ම වෙනත් වෛරස් උණ රෝග පැතිරීමේ අවදානමක් තිබෙනවා
කායික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
උපුල් දිසානායක
මේ දවස්වල ඕනෑම කෙනෙකුට උණ ඇති වුණාමල එයාට තියෙන්නේ ඩෙංගු කියලා හිතන්න බොහෝ අය පුරුදු වෙලාග අද ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයට පත්වෙලාග රෝහල්වල අතුරු සිදුරු නැතිව ඩෙංගු රෝගීන් පිරෙනකොට එහෙම හිතෙන එකත් එක්තරා දුරකට සාධාරණයිග ඒත් උණ කියන්නේ ඩෙංගුම දරෑ ඩෙංගු හැරුණාම උණ ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නට පුළුවන් වෙනත් රෝග තිබෙන්නට බැරි දරෑ උණල ඩෙංගුල වෛරස්ල මදුරුවන්ල මරණය මේ වගේ වචන උණ හැදුණු කෙනෙක්ගේ හිස වටේ කරකැවෙන කොට තියෙන උණ තවත් වැඩි වෙනවා මිස අඩුවක් නම් වෙන එකක් නැහැග ඒ නිසා වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු වලට අනුව මේ ප්‍රශ්නවලට පිළිතුරක් මෙම ලිපිය යටතේ සොයා බලන්නයි මේ සූදානමග
රෝගයක්දරෑ රෝග ලක්ෂණයක්දරෑ
උණ යනු රෝග ලක්ෂණයක්ග බොහෝදුරට ශරීරයට බාහිරින් ඇතුළු වූ උණ යම් විසබීජයකට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශි‍්‍රත ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශරීර උෂ්ණත්වය ඉහළ යාමක් සිදුවිය හැකියිග සාමාන්‍ය මිනිස් සිරුරක උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 37 ක් වන අතර එය ෆැරන්හයිට් අංශක 98ග7 කිග නමුත් සාමාන්‍යයෙන් විවිධ හේතු යටතේ මෙහි සුළු වෙනස්කම්ග :දශමයකල දෙකක- සිදුවිය හැකි අතර එය රෝගීතත්වයක් නොවන සාමාන්‍ය තත්ත්වයක් වශයෙන් හැඳින්විය හැකියිග කෙසේ වෙතත් ඉහත සඳහන් කළ සාමාන්‍ය අගයන් යම් සැලකිය යුතු මට්ටමක වෙනසක් දක්වනවා නම් එය උණ තත්ත්වයක් වශයෙන් හඳුනාගත හැකියිග
මෙම උණ මද උණල හෝ තද උණ තත්ත්වයන් යටතේ ද සාකච්ඡාවට ලක් වේග පිළිකාල ක්ෂය රෝගය වැනි අවස්ථාවල මද උණ රෝග ලක්ෂණයක් වන අතර වෛරස් ශරීරගත වූ රෝග තත්ත්ව වලදී බොහෝවිට තද උණ තත්ත්වයක් පෙන්නුම් කළ හැකියිග එසේ වුවත් යම් පුද්ගලයෙකුට ඇති වී තිබෙන උණ තත්ත්වයේ අඩු වැඩි ප්‍රමාණ මත අදාළ රෝග තත්ත්වය කෙතරම් බරපතලද යන්න ස්ථීරව පැවසීමට අපහසුයග
උණ ඇති වීමට බලපාන හේතුරෑ
උණ ඇතිවීම සඳහා බලපාන හේතු ගණනාවකිග සාමාන්‍යයෙන් උණ තත්ත්වයක් ඇති වීමට මුල්ම හේතුව බවට පත් වන්නේ ශරීරයට පිටතින් විසබීජ ඇතුල්වීමයිග මේ විසබීජ අතරින් වැඩි ප්‍රමාණයක් වෛරස් වන අතර කලාතුරකින් බැක්ටීරියා නිසාද උණ ඇතිවනු ලැබේග තවද ර්ණප්රොටොසෝවා”වැනි දිලීර ද උණ ඇති කිරීමට හේතුවිය හැකි නමුත් ඒවා ඉතාමත් කලාතුරකින් දැකගත හැකි තත්ත්වයන්යග ඒ වගේම ඛ්ධදදඥජබඪමඥ බඪඵඵභඥ ඤඪඵධපඤඥපඵ මෙන්ම පිළිකා තත්ත්ව වලදීත් උණ රෝග ලක්ෂණයක් වශයෙන් දැකගත හැකියිග
වෛරසයන් උණ ඇති වීමට ප්‍රබල හේතුවක් දරෑ
පෙර පැහැදිලි කළ පරිදි බැක්ටීරියාල දිලීර වෛරස් ආදී ඕනෑම ආකාරයේ විසබීජයක් නිසා උණ ඇතිවිය හැකි වුණත් වෛරස් මඟින් ඇතිවන උණ වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වීම සිදුවිය හැකියිග ඒ අනුව වෛරස් යනු උණ ඇති වීමට හේතුවන ප්‍රබලම සහ වර්තමානයේදි සුලබව දැකගත හැකි සාධකයක්ග උදාහරණ ලෙස එක් පවුලක කිහිපදෙනෙකුට උණ පවතිනවා නම් එසේත් නැතිනම් එක් පන්ති කාමරයක් තුල බොහෝ දෙනෙකුට උණ තිබෙනවා නම් ඊට හේතුව වෛරසයක් විය හැකියිග
වෛරස් නිසා ඇතිවන උණට ප්‍රතිවෛරස් ඖෂධ තිබෙනවාදරෑ
සාමාන්‍යයෙන් වෛරස් ආශි‍්‍රත රෝග තත්ත්වයක් ඇති වුණු විට ඊට ලබාදෙන ප්‍රතිවෛරස් ඖෂධ පවතින්නේ ඉතාම අඩු ප්රමාණයකිග පැපොලල ඩ්ධ්ඍ වැනි වෛරස් සඳහා ඒවාට විරුද්ධව ක්‍රියා කරන ප්‍රතිවෛරස් ඖෂධ වර්ග පැවතිය ද ඩෙංගු වැනි වෛරස් නිසා ඇතිවන උණ රෝග සඳහා එවැනි ඖෂධ වර්ග නොමැතග නමුත් එවන් අවස්ථාවකදී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් අදාළ වෛරසය මර්ධනය කරන තුරු ශරීරයට ඇතිවන අපහසුතාව අවම කිරීම සඳහා නම් ඖෂධ නොමැති වුවත් කාලයත් සමඟ ඒවා බොහෝමයක් සුවපත් වන නිසා වඩා වැදගත් වන්නේ ඖෂධ ලබා ගැනීම නොව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත්ව පවත්වා ගැනීමයිග
හිතුමතේට ප්‍රතිජීවක ඖෂධ ලබා ගතහොත් මොකද වෙන්නේරෑ
බොහෝදෙනා කැස්සල සෙම්ප්රතිශ්යාල උගුරේ අපහසුතා ඇතිවන අවස්ථාවල ඊට පිළියම් වශයෙන් හිතුමතේට ඇන්ටිබයොටික්ස් එසේත් නොමැති නම් ප්‍රතිජීවක ඖෂධ ලබා ගනු ලැබේග සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම අනුව ඉහත කුමන රෝග ලක්ෂණයක් හෝ ආශ්‍රය කරගත් රෝගයට හේතුව වෛරසයක් නම් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම හරහා ඊට පිළියමක් යෙදීම අර්ථයක් රහිත ක්රියාවකිග ඒ වගේම එම ප්‍රතිජීවක ඖෂධ හිතුමතේ ලබා ගැනීම නිසා ඇතිම්විට අතුරු ආබාධ ද එම රෝගීන්ට ඇතිවිය හැකියිග ඒ නිසා මෙවැනි දේ සිදු කිරීම මඟින් තමාගේ මුදල් අපතේ යවා ගැනීමක් වගේම තම ජීවිතය පවා අවදානමකට යොමු කරගනු ලැබේග නමුත් මෙවැනි වෛරස් ආසාදනයක් මත උණ ඇති වී ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව සිදු කළ යුත්තේ අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත උණ අඩු කර ගැනීම සඳහා ඖෂධ ලබා ගැනීම බව අවධාරණය කළ යුතුයිග
ර්‍ණඅනේ ඩොක්ටර්ල බේත් වේල් දෙකක් දැන් දුන්නාග ඒත් තාම උණ බහින්නේ නෑනේග”
බොහෝදුරට වෛරස් හේතුවෙන් හට ගන්නා උණ තත්ත්වයන් ඉක්මනින් අඩු කිරීමට අපහසුයග ඊට හේතුව අදාළ වෛරසයට ප්‍රති වෛරස් ඖෂධ නොමැති නිසා එය ශරීරය විසින් ප්‍රතිශක්තිකරණය භාවිතා කර මර්ධනය කිරීමට උත්සාහ කරනු ලැබීමයග ඒ වනතුරු කෘත්‍රිම ලෙස උණ අඩු කිරීමට ඖෂධ ලබාදීම පමණක් සිදු කරනු ලැබේග
මෙසේ උණ අඩු කිරීම සඳහා ලබා දෙන ඖෂධ අතර පැරසිටමෝල් භාවිතා වන නමුත් තද උණ පාලනය කිරීමට තරම් එම ඖෂධය ප්‍රමාණවත් නොවේග ඒ අනුව තද උණ පාලනය සඳහා NSAID වර්ගයේ ඖෂධ ලබාදිය යුතු අතර එම ඖෂධ වර්ග සඳහා උදාහරණ වශයෙන් Brufen,
Diclofenac sodium, Mefenamic acid ආදිය පිළිබඳ හැඳින්විය හැකියිග
උණ අඩු කිරීමට ඖෂධ දුන් පමණින් රෝග හේතුව වන වෛරස ශරීරයෙන් ඉවත් වෙන්නේ නැතිදරෑ
පෙර පැහැදිලි කළ කුමන ආකාරයේ ඖෂධයක් ලබා දුන්න ද උණ සඳහා හේතුවන ශරීරයට ඇතුළු වී ඇති වෛරසය මර්ධනය කිරීමක් ඉන් සිදු නොවේග ඉන් සිදුවන එකම කර්තව්‍යය රෝගියාගේ ශාරීරික අපහසුතාව මඟහැරීම පමණයිග
වෛරස් මුල් කරගත් ඩෙංගු තත්ත්වය නිසා ඖෂධ භාවිතා කර උණ අඩු කිරීමේ අවදානමක් තිබෙනවාදරෑ
වර්තමානය වනවිට අධි වසංගත තත්ත්වයට පත්ව ඇති ඩෙංගු රෝගයේත් මූලිකවම දැකගත හැකි රෝග ලක්ෂණය උණ තත්ත්වයයිග මේ නිසා පෙර සඳහන් කළ ව්ඉඒධ්ච් කාණ්ඩයේ ඖෂධ භාවිතා කිරීම තරමක් භයානක ප්‍රතිඵල ඇති කරවිය හැකි නිසයිග ඊට හේතුව අදාළ පුද්ගලයාට ඇති වී තිබෙන උණල ඩෙංගු උණ නම් මෙම ඖෂධ හරහා උණ යටපත් කිරීම මත ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් වුවොත් රෝගියාගේ ජීවිතයට පවා මරණීය අවදානමක් ඇතිවිය හැකියිග ඒ නිසා ව්ඉඒධ්ච් වර්ගයේ ඖෂධ යම් රෝගියෙකුට ලබාදිය යුත්තේ අදාළ උණට හේතුව ඩෙංගු නොවන තත්ත්වයක් බව 100්‍ර ක් සැකහැර දැන ගැනීමෙන් අනතුරුවයිග බොහෝ උණ තත්ත්ව වල පවතින තවත් විශේෂත්වයක් වන්නේ එය ඩෙංගු බව තහවුරු කර ගන්නවාට වඩා ඩෙංගු නොවන බව තහවුරු කර ගැනීම අපහසු වීමයිග
උණ නිසා රෝගියාට ගැටලු ඇති වේ දැයි ඇතැම් අය බියයිග
මේ ගැටලුව බොහෝ දෙනෙක් වෛද්‍යවරුන්ගෙන් විමසන අතර යම් පුද්ගලයෙකුට තදබල ලෙස උණ පවතිනවා නම් ඉන් රෝගියාට ගැටලුවක් ඇති වන්නේ නැහැග නමුත් ගැටලුවක් ඇතිවනවා නම් එය ඇතිවන්නේ අදාළ උණ තත්ත්වයට මූලික වන රෝග හේතුවයිග උදාහරණ ලෙස නියුමෝනියා රෝගියෙකුට මාරාතික තත්ත්වයක් ඇති වන්නේ උණ නිසා නෙවෙයි නියුමෝනියාව නිසයිග
විවිධ වෛරස් වර්ග නිසා ඇතිවන රෝග ලක්ෂණ විවිධාකරදරෑ
එක් එක් වෛරස් වර්ගවලට ආවේනික එක් එක් රෝග ලක්ෂණ තිබේග උදාහරණ ලෙස සෙම්ප්‍රතිශ්‍යා සඳහා හේතුවන වෛරසය නිසා කැස්සල සොටු දියර ගැලීමල උණ තත්ත්ව ඩයරියා තත්ත්ව සඳහා හේතුවන වෛරස් නිසා බඩඑළිය යාමලවමනය ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකියිග නමුත් සමහර වෛරස් වර්ග මේ සෑම රෝග ලක්ෂණයක්ම පෙන්නුම් කරන අවස්ථා ද තිබෙනවාග උදාහරණ ලෙස ඩෙංගු රෝගයේදී සෙම්ප්රතිශ්යාල ඩයරියා තත්ත්ව වලදි දැකගත හැකි රෝග ලක්ෂණ පොදුවේ දැකගත හැකියිග ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාවකදී හෝ වෙනත් වෛරස් රෝගයක් මූලික කරගත් ලක්ෂණ පිටතට දැකගත හැකි වූ පමණින් අදාළ රෝගය පිළිබඳ ස්ථීරව නිගමනය කිරීම අපහසුයිග
උණ තිබෙනවා නම් ශරීරය වෙහෙසන්න හොඳදරෑ
යම් අයෙකුට උණ තත්ත්වයක් තිබෙනවා නම් ඊට නිසි හේතුව සොයා ප්‍රතිකාර කර සුවපත් වනතුරු ශරීරය වෙහෙසවීම පමනක් නොවෙයි රැකියාවට යාමල පාසැල් යාම පවා තාවකාලිකව නවතා දැමිය යුතුයිග ඊට හේතු දෙකක් පිළිබඳ හඳුන්වා දිය හැකියිග ඉන් පළමුවැන්න වෛරස් ඉතා වේගයෙන් පැතිරෙන නිසා රෝගී නොවන අනෙකුත් බාහිර පිරිස්වලට ද රෝගය පැතිරීමේ අවදානමක් තිබේග අදාළ රෝගයට හේතු වූ වෛරසය කුමක් වුවත් එක්කෝ ස්වසන මාර්ගයෙන් නැතිනම් ඩෙංගු වෛරසය නම් ඩෙංගු මදුරුවන් හරහා ද බෝ වීමේ අවදානමක් තිබේග
දෙවැනුව උණ තිබෙන විට මහන්සි වී වැඩ කළහොත් අදාළ රෝගයට හේතුව ඩෙංගු නම් විශේෂයෙන් රෝගය රක්තපාත තත්ත්වයක් දක්වා පත්වී තිබුණෙත් මරණීය අවදානමකට පවා අදාළ පුද්ගලයාට මුහුණ දීමට සිදුවිය හැකියිග
උණ තිබෙන බව හඳුනා ගන්නේ නම්ල මුලින්ම මොකද කරන්නේරෑ
පැය 24 කට වඩා වැඩි කාලයක් උණ යම් අයෙකුට පවතිනවා නම් ප්‍රතිජීවක ඖෂධ හිතුමතේ ලබා ගැනීමල රෝගී තත්ත්වය ගණන් නොගෙන සිටීම ආදී දේ සිදු නොකර නොපමාව රජයේ රෝහලකට ගොස් අදාළ පරීක්ෂණල ප්‍රතිකාර කරා යොමුවිය යුතුයිග විශේෂයෙන් ඩෙංගු වැනි වෛරස් රෝග අධි වසංගත තත්ත්වයක්ී පවතින මෙවැනි වටපිටාවක මේ පිළිබඳ පවතින අවධානය අධි අවදානයක් බවට පත්කර ගැනීමට ඔබගේ වගකීමක්ග
නුවන්ති කුලරත්න
curtesy :dinamina.lk