Health
අත් හෝදනවා නම් ලෙඩ නෑ
විෂබීජ සහ බෝ වෙන රෝග වැලැකීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුරුදු මගින් හේතුවේග මෙහිදී අප දැඩි අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ අත් පිරිසිඳුව තබාගැනීම කෙරෙහියග
එහිදී විශේෂයෙන් පහත සදහන් අවස්ථාවන්ට පෙර සහ පසු ඔබගේ අත් පිරිසිදු කිරීම වැදගත්වේග
ආහාර ගැනීම
ආහාර සැකසීම
වැසිකිළි භාවිතය
දරුවන්ගේ නැපි මාරු කිරීම හෝ දරුවා අත පත ගෑමේදී
රෝගියෙකුට සත්කාර කිරීම තුවාලයකට ප්‍රතිකාර කිරීම හෝ අත අපිරිසිදු වූ ඕනෑම අවස්ථාවක
කදවුරුවල සේවය කිරීමේදී ලමුහුණු ආවරණ ඉවත් කිරීමේදී හෝ එම ආරක්ෂිත උපකරණ ගලවා ඉවත් කිරීමේදී
ඊට අමතරව පහත සදහන් ක්‍රියාවන් කිරීමෙන් පසුව ඔබගේ අත් පිරිසිදු කරගන්නථ
කිවිසුම් යනවිට ල කහින විට හෝ ඔබේ නාසය බුරුල් කරන විට
කිවිසුම් යෑමේදී ල කහින විට හෝ ඔබේ නාසය බුරුල් කරන විට එක් වරකට ටිෂූ එකක් භාවිතා කිරීමද සුදුසුය
තවත් පුද්ගලයෙකු අත් ස්පර්ශ කිරීමෙන් පසු හෝ සතෙකු ස්පර්ශ කිරීමෙන් හෝ සතුන් සුරතල් කිරීමෙන් පසු
කුණු කසල අත ගෑමෙන් පසු
අපිරිසිඳු භාණ්ඩ ස්පර්ශ කිරීමෙන් පසුග
අත් සේදීම ද කළ යුත්තේ දෑත හොඳින් පිරිසිඳු වන අයුරිනිග සබන් හා ජලය යොදා අත් හොඳින් සේදීම කරන ආකාරය පියවර වශයෙන් පහත පරිදි වේග
1ගඅත් වතුරෙන් තෙමාගන්න
2ගසබන් හෝ අත් සෝදන දියරය අතෙහි ගල්වන්න
3ගතත්පර 20 ක් හොදින් අත් අතුල්ලන්න
4ගඉන්පසු තත්පර 10 ක් අත වතුරෙන් සෝදන්න
5ගපිරිසිදු වියලි තුවායකින් වියලි කරන්න හෝ ටිෂූ එකකින් පිසදාගන්න
කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී - පුෂ්පා රම්‍යානි සොයිසා
සටහන - ඩයනා උදයංගනී
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks