Health
අජීර්ණයට බඩ පුරවා දැමීමට අසමෝදගම්
ඖෂධීය වටිනාකම ඉතා ඉහළ අගයක් ගන්නා අසමෝදගම් කටුක රසයෙන් තිබෙන අතර උෂ්ණ ගුණය පවතීග වසර පුරාම මල් හටගන්නා බැවින් අලංකාරය පිණිස ද වැවිය හැකියිග අසමෝදගම් විශේෂයෙන්ම ආහාර රුචිය වැඩි කරන ශාකයකිග පිත වර්ධනය කරන බැවින් බඩේ කැක්කුමට සුදුසුයග අජීර්ණයල බඩ පුරවා දැමීමල පණු රෝග සඳහා අසමෝදගම් බෙහෙවින් ගුණදායක වෙයිග ගුල්ම රෝග :සාමාන්‍යයෙන් බඩ පෙරලීම නිසා ඇතිවන තත්ත්වය- හෝ අධික වේදනාවට අසමෝදගම් වටිනා ඔසුවකිග
වාත නාශක අසමෝදගම් පාචනයල හා ආමාශගත රෝග ආදියට ගුණදායක වෙයිග සෙම් රෝග සඳහා භාවිතා කරනු ලබයිග අසමෝදගම් මව්කිරි අඩු කිරීමට හේතුවන නිසා කිරිදෙන මව්වරුන්ට සුදුසු නැතග හෘදය උත්තේජනය කරයිග
දහඩිය ජනනය කිරීමේ ගුණය පවතීග සමට හිතකරයිග සමේ රෝග දුරු කරයිග ශරීරයේ දුගඳට ඇට ඇල් දියෙන් අඹරා ආලේප කිරීමෙන් සිරුරේ දුගඳ දුරු කරයිග ස්ථානික වේදනාවලට බාහිර වශයෙන් අසමෝදගම් ඇට චූර්ණය ඇල් දියෙන් අඹරා ආලේප කිරීම තුළින් සුව වේග
අසමෝදගම් ඇට පොල් කිරෙන් අඹරා ගෑම වඩාත් සුදුසුයිග තරුණ වියේදී බොහෝ විට අබින් කා මත්වීමෙන් ඇතිවන විසට අසමෝදගම් චූර්ණය ලේහ කිරීම සුදුසුයිග මෙහිදී මත් ගතිය අඩුවී යථා තත්ත්වයට පත්වේග අබින්වලට ඇබ්බැහි වූ අයට අසමෝදගම් ඇට චූර්ණය භාවිතා කිරීමෙන් එම ඇබ්බැහි වූ තත්ත්වයෙන් මඟහරවා ගැනීමට පුළුවනග
සෙම් ගෙඩිවලට අසමෝදගම් ඇට තම්බා උගුර සේදීමෙන් සහනයක් ලබාගත හැකියිග
සියලුම ස්වාස රෝග:හතියල ඇදුම-වලට අසමෝදගම් ඇට පුලුස්සා දුම් ඇල්ලීමෙන් ස්වසනය පහසු වන අතර සෙම බුරුල් වී පිටවී යයිග පණු රෝගල අජීර්ණලග්රහනි රෝගල අතීසාරල වාත රෝගල අම්ල අජීරණ ආදියට ඔසුවක් වශයෙන් යොදනු ලැබේග
අසමෝදගම් අධික ලෙස ආහාරයට ගැනීම සුදුසු නැත්තේ හිසරදයල වමනයල අතීසාරයල හුස්ම ගැනීමේ අපහසුව ඇතිවිය හැකි බැවිනිග අසමෝදගම් ස්ප්‍රීතු කුඩා ළමුන්ගේ ආමාශයක වාත රෝග හා අජීර්ණ ආදියට සුදුසුම බෙහෙතකි
curtesy :
dinamina.lk