Health
අංශභාගයේ රෝග ලක්ෂණ කලින් හඳුනාගත හැකිද ?
ඔබත් අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නෙක් නම් හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් එසේත් නැත්නම් රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි නම් හෝ දුම් පානය කරන්නෙක් නම් ඔබට අංශභාගය හැදීමේ ප්‍රවණතාවය වැඩියිග
අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය :චලනයලසංවේදනයලපෙනුම ල කතාවල ඉරියව් පාලනය- හැම එකක්ම පාලනය කරන්නේ මොළයෙන්ග මොළයේ යම්කිසි තැනක ආබාධයක් ඇති වුවහොත් මොළයේල එම කොටසින් පාලනය වන ශරීරයේ අනුරූප කොටසේ ක්‍රියාව නැත්තටම නැතිවී යනවාග එහෙම නැත්නම් අඩාල වෙනවාග බොහෝ විට මෙය නිරූපණය වෙන්නේ ශරීරයේ එක පැත්තක පණ නැතිවීමක් ලෙසයිග එහිදී වන්නේ ශරීරයේ ඒ පැත්තේ පේශිවල චලනය පාලනය කරන මධ්‍යස්ථානය පිහිටි මොළයේ අදාළ කොටස ක්‍රියා විරහිත වීමයිග
එයට බොහෝ විට හේතු වන්නේ මොළයේ අනුරූප කොටසෙහි රුධිර සැපයුම අඩාල වීමයිග මෙය එම කොටසට සැපයෙන රුධිර නාලයක් පුපුරා යෑම නිසා හෝ සිහින් වී සිරවීම නිසා හෝ රුධිර කැටියක් වෙනත් තැනක සිට පාවී ඇවිත් හිරවීම නිසා හෝ සිදුවිය හැකියිග මීට අමතරව මොළයේ එම ස්ථානයට පිටතින් තුවාලයක් සිදු වුවහොත්ල විෂබීජ පැමිණ ආසාදනයක් ඇති වුවහොත්ල එහෙමත් නැත්නම් ගෙඩියක්ල අර්බුදයක් වැනි දෙයක් ඇති වුවහොත් එම රෝග ලක්ෂණ ඇති වන්නට පුළුවනිග
අංශභාගයට ලෙහෙසියෙන් ගොදුරු විය හැකි අයරෑ
ඔබත් අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නෙක් නම් හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් එසේත් නැත්නම් රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි නම් හෝ දුම් පානය කරන්නෙක් නම් ඔබට අංශභාගය හැදීමේ ප්‍රවණතාවය වැඩියිග හෘද රෝගවලින් පෙළෙන්නන්ගේ රෝගී හෘදයේ හටගන්නා ලේ කැටි රුධිර නාල දිගේ පාවී ගොස් මොළයේ සිහින් වූ නාල තුළ සිර වී අංශභාගය හැදෙන්න පුළුවනිග ඒ නිසා මේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගනිමින් රෝගී තත්ත්වය නිරතුරුව පාලනය කර ගත්තොත් අංශභාගය නමැති සංකූලතාවය ඇතිවීම වළක්වා ගත හැකියිග
ඇස්ප්‍රීන් ඉතා සුළු ප්‍රමාණයක් සහ ක්ලෙපිඩොග්රෙල් නැමැති ඖෂධය දිනපතා ගැනීම මඟින් රුධිරය කැටිගැසීම වැළැක්විය හැකි නිසා ඒවා අංශභාගය වැළඳීමේ අවදානමට ලක්ව සිටින අයට නිතිපතා ගැනීමට නියම කරන ඖෂධයන්ග
අංශභාගය හැදෙන එක කල් තියා දැන ගන්න ක්‍රමයක්
අංශභාගය හැදුන රෝගීන්ගෙන් 25්‍රකට පමණ කල්තියාම අනතුරු අඟවන රෝග ලක්ෂණ මතු වෙනවාග ශරීරයේ තාවකාලිකව ඇතිවන :පැය කිහිපයක් හෝ විනාඩි කිහිපයක් විය හැක-ග ඇඟේ පැත්තක හිරියල පණ නැති ගතියල ඇසේ පෙනුම තාවකාලිකව දුර්වලවීම ඉන් සමහරක්ග
දවසක් මම ගාලු රෝහලේදී වාට්ටු රවුමෙ යනකොට එක් රෝගියෙක් කලබලයෙන් එයාගේ දත් ඇන්ද ගලවල අතට අරගෙන විමතියෙන් හා විමසිල්ලෙන් ඒ දෙස බලනවා මම දැක්කාග මම ඔහුගෙන් ඒ පිළිබඳව විමසූ විට ඔහුට කතා කර ගන්නට බැරිවයි හිටියේග ඒ පිළිබඳව ඔහු මට හස්ත්‍ර මුද්‍රාවෙන් කිව්වාග ඔහු හිතා හිටියේ ඔහුගේ දත් ඇන්ද නිසා ඔහුට කතා කරගන්න බැරිවුණා කියලාග ඒත් එයට හේතුව ඔහුගේ මොළයේ තාවකාලිකව හටගත් රුධිර සැපයුමේ අඩාල වීමක් යයි තේරුම් ගියේ විනාඩි කිහිපයකින් ඔහුට කතා කරන්නට හැකි වූ නිසයිග ඒ අවස්ථාවේ ඔහුගේ රුධිර පීඩනය වැඩි වී තිබුණාග වහාම ඖෂධ මඟින් රුධිර පීඩනය පාලනය කළ නිසා ඔහුට අංශභාග රෝගය හැදෙන එක වළක්වා ගන්න පුළුවන් වුනාග මෙවන් අනතුරු අඟවන ලක්ෂණ මතුවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නුවණය හුරුයිග අතීතයේ දී මොළයේ රුධිර නාල තුළ ඇති වූ අවහිරයන් නැති කිරිමට ශල්‍යකර්ම කළත් ඒවා එතරම් සාර්ථක වුණේ නැහැග මොළයට සැපයෙන විශාල රුධිර නාලයක සිහින්වීමක් තිබේ නම් ඒ සිහින් වූ කොටස ඉවත් කිරීම වැනි ශල්‍යකර්මවලින් අනාගතයේදී නැවත එය හිරවීම වැළැක්වීම තුළින් අංශභාගය වැළැක්වීමට හැකිවීම හැරෙන්නට අංශභාගය ඇතිවූු පසු සැත්කම් කිරීම සිදුකරන්නේ කලාතුරකින්ග
අංශභාගයෙන් පසු බොහෝ අයට නැවත කතා කරන්න පුළුවන් වෙනවාග එකවරම නොවේග ටිකෙන් ටිකගසමහර විට දින කීපයක් හෝ සති කීපයක් නොවේවිග සමහර අයට නැවත කතාව පුරුදු කිරීම සඳහා කථන ප්‍රතිකාර කරන්නට සිදුවෙනවාග
හාට් ඇටෑක් හෙවත් හෘදයාබාධයකදී සිදුවන්නේ හෘදයේ කොටසක ලේ සැපයුම නතරවීම හේතුවෙන් එම කොටස අක්‍රීය වීමයිග එසේ අක්‍රීය වූ බිත්තිය සහිත හෘදය වස්තු කුහරය තුළ රුධිර ගමන නිසි අයුරින් සිදු නොවීමේ හේතුවෙන් රුධිරය කැටි ගැසී අක්‍රීය බිත්ති මත රැඳෙන්නට පුළුවනිග එය පසුව ගැලවී රුධිරයේ පාවීගොස් මොළයේ රුධිර නාල තුළ හිරවී අංශභාගයද ඔහුට හැදෙන්නට පුළුවනිග
මුලින් ම කරන්නේ රෝගියාගේ මොළයට සිදු වූ ඇති හෝ සිදුවෙමින් පවතින හානිය අඩු කිරීමට පියවර ගැනීමයිග රුධිර වහනය නිසා හෝ රුධිර හිරය නිසා මොළයේ ඇතිවන ඉදිමීම අවට පැතිර යාම වැළැක්වීම සඳහා සේලයින් මඟින් අවශ්‍ය ඖෂධ ශරීරගත කිරීම පළමු පියවරයිග විශේෂඥ ශල්‍ය වෛද්‍ය පහසුකම් සහිත රෝගියා සිහිමුජ්ජා තත්ත්වයේ පවතී නම් ස්වසන මාර්ගය අවහිර නොවන සේ තබා උගුර තුළින් බටයක් දමා :ර්ණපධනඩචපරදඨඥචත බභඡඥ- උගුරෙහි එකතු වන සෙම :ඉභජබඪධද- යන්ත්‍රයක් මඟින් එළියට ගැනීමත් සිදුකරාවීගගිලීමේ අපහසුව ඇත්නම් නාසය තුළින් බටයක් උගුර හරහා ආමාශයට දමා :ව්චඵධඨචඵබපඪජබභඡඥ- එමඟින් ආහාර ලබා දේවීග
මුත්‍රා කිරීම කළ නොහැකි අයගේ මුත්‍රා මාර්ගය හරහා මුත්රාශයට බටයක් ඛ්චබඩඥබචපඪලචබඪධද දමා මුත්‍ර ඉවත් කිරීමට සලසාවිග මොළයේ සිදුවී ඇත්තේ රුධිර කැටියක් හිරවීමද :80්‍ර- එසේත් නැත්නම් රුධිර නාලයක් පිපිරීමක්ද කියාදැනගැනීම සඳහා සීගටීග ස්කෑන් සහ එම්ගආර්ගඅයි ස්කෑන් වැනි පරීක්ෂා කිරීම ඉතා වැදගත්ග ඉන්පසු රෝගියාගේ ශරීරයේ වේදනාව නොදැනෙන කොටස්වල ඇඳ තුවාල :ඕඥඤ ඉධපඥඵ- ඇතිවීම වැළැක්වීම සඳහා රෝගියා පැය දෙකකට වරක් පැත්තෙන් පැත්තට හරවාවීග රෝගියා සෝදා පිරිසුදු කරාවීග ර්ථඩරඵඪධබඩඥපචනර හෙවත් භෞතික චිකිත්සක ප්‍රතිකාර ලබාදේවීග මේ හැම කරුණක්ම සාරාංශ කළොත් අංශභාග රෝගයට ප්‍රතිකාර කිරීමේදී වෙදකමට වඩා වැදගත් වන්නේ හෙදකමයිග
අංශභාගය මාරාන්තික විය හැකි රෝගයක් වුවත් බොහෝ දෙනෙක් අර්ථ වශයෙන් හෝ පූර්ණ වශයෙන් සුවය ලබනවා
curtesy :
dinamina.lk