Beauty
Oily skin එකට තක්කාලි වලින් කරගත හැකි Treatment
තක්කාලි සමට හරිම හිතකරයි. තක්කාලිවලින් සමට හොඳ සිසිලසක් ලැබෙනවා. එ වගේම එහි ඇති විටමින් C වලින් pimples , අදුරු ගතිය නැති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තක්කාලිවල තියෙන විටමින් A අපේ සම නිරෝගි කරනවා. එහි ඇති ඇසිඩ් අපේ මුහුණේ තියෙන තෙල් ගතිය පාලනය කරනවා. මුහුණේ තෙල් ගතිය තිබෙන විට අපිට pimples නැති කරගන්න අමාරුයි. ඒක අපි කවුරුත් දන්න දෙයක්නේ. ඉතිං මේ තරං ගුණවත් තක්කාලි එක්ක ගෙදර ඉඳලම අපිට කරගන්න පුළුවන් මොනවද කියලා දැන් අපි බලමු.
Tomato Face Mask – තක්කාලි ෆේස් මාස්ක්
තක්කාලි ගෙඩිය දෙකට කපාගන්න. (හරි මැදින්) කපා ගත් තක්කාලි බෑ දෙක හොඳට මුහුණේ ගාන්න.
අපේ මුහුණේ pores වලට හොදට උරාගන්න තුරු තක්කාලි juice එක මුහුණේ මිනිත්තු 5ක් පමණ තියාගන්න.
දැන් සීතල වතුරෙන් මුහුණ හොදට සෝදන්න. සීතල වතුර නිසා මුහුණේ තියෙන pores වැහිලා බැක්ටීරියා ඇතුල් වෙන එක වළක්වනවා. ඒ වගේම මුහුණට තෙතමනය රඳවා ගන්නවා.
දැන් මුහුණ වේලාගත් තුවායකින් පිස දමන්න.
විකල්ප
තමන්ට තක්කාලි mask එක ඝනකමට හදාගන්න ඕනේ නං තක්කාලි බ්ලෙන්ඩ් කරලා හදාගත්ත juice එකට මී පැණි එක් කරන්න. මී පැණිවල තියෙනවා ස්වභාවික තෙතමනයක් ඒ වගේම එමගින් බැක්ටීරියා මර්ධනය කළ හැකි ගුණයක් තියෙනවා.
Tomato Pore Minimizing Mask
තක්කාලි ජූස් මේස හැන්දකට දෙහි බිංදු 2ක් හෝ 4ක් දාන්න.
මෙම මිශ්‍රණය ඇගේ ඕනම තැනක ගාන්න. මිනිත්තු 15ක් පමණ තියාගන්න.
පසුව හොදින් සෝදාගන්න.
Tomato Cleansing Mask
තක්කාලි ගෙඩියක් හා අලිගැට පේර ගෙඩියක් හොඳින් පොඩි කරගන්න.
මුහුණ පුරාම ගාන්න.
මිනිත්තු 20-30කට පසු හොදින් සෝදා ගන්න.
මෙම මාස්ක් එක combination සමකට වඩාත් සුදුසුයි. සමට සිසිලසක් ලබාදීමටත්, තෙල් ගතිය ඉවත් කිරීමටත් තක්කාලි වඩාත් සුදුසු වන අතර අලිගැට පේර මගින් සමට අවශ්‍ය තෙතමනය ලබාදෙයි. ඒ වගේම විෂබීජ විනාශ කරයි.
Tomato Cooling Mask
මේ mask එක අව්වට පිච්චුණු සම ඉවත් කරන්නට උදව් වෙනවා. තක්කලි ගෙඩි බාගයක් පොඩි කරලා යෝගට් මේස හැදි 2ක් දාලා හොදට මිශ්‍ර කරන්න.
මුහුණේ සෑම තැනම හොදින් ගාන්න.
මිනිත්තු 20කින් සෝදා හරින්න.
මුහුණ හොදින් පිසදා ගන්න.
(under the courtesy of goodhousekeeping.lk web)