සිවි කාච එහෙමත් නැත්නම් (Contact Lense) දැන් විලාසිතාවක්.
එක එක පාටට Contact Lense දාන්න අපේ යුවතියන් හරි ආසයි.
හැම දේකම වගේ Contact Lense වලත් ප්‍රවේසම් වෙන්න ඔබ දැනුවත් විය යුතු කාරනා කිහිපයක් ගැනයි අද අවධානය.
මේවා දිගු කාලයක් පැළඳීම මගින්, වැරදි ලෙස භාවිතා කිරීම මගින් හෝ වැරදි ක්‍රමයට පිරිසිදු කිරීම මගින් හානි වෙන්නේ ඔබේ ඇහැට.
ඉතින් ඇස් දෙක පරෙස්සම් කරගන්න එක මොන තරම් වැදගත්ද කියලා ඔබට කියන්නට ඕනෑ නැහැනේ.
Contact Lense මගින් ඇහැ ආවරණය වෙන නිසා ඇහැට ස්වාභාවිකව සපයන ඔක්සිජන් ප්‍රමාණය අඩු වනවා. ඇස නිරෝගිව තබා ගන්නට මේ ඔක්සිජන් සැපයුම ඉතා වැදගත් වනවා.
මේ හානිය මග හරවා ගැනීමට නම් ඔබ Contact Lense පාවිච්චි කරන්නට කලින් වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ලබා ගත යුතුමයි.
එම උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්නටත් ඕනෑ.
Contact Lense පාවිච්චිය හෝ ඉවත් කිරීම වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මතම සිදු කල යුතුයි.
දැන් වෙළඳපොලේ තිබෙනවා හොඳ වායු සැපයුමක් සහිත Contact Lense නිෂ්පාදන. එවැනි නිෂ්පාදනයක් කෙරෙහි යොමු වෙනවා නම් හොඳයි.
වියදම ටිකක් වැඩි වුනත් එය ඔබේ ඇස ආරක්ෂා කරනවා.
තවත් අලුත් නිෂ්පාදනයක් තිබෙනවා gas permeable (GP) contact lenses කියලා. ඒ මගින් ඔබ අහි පිය සලන හැම මොහොතකම කාචය සුළු සෙලවීමක් ඇති කරමින් වායු සංසරණය යහපත් මට්ටමක පවත්වා ගන්නවා.
කාච පිරිසිදු කරද්දී ඔබ දැනුවත් විය යුතු කරුණු මොනවාද?
ඇහැ සමග කෙලින්ම ස්පර්ශ වන නිසා කාචය ඉතාම පිරිසිදු වෙන්නට ඕනෑ.
මොකද එසේ නොවුවහොත් බාහිර ආසාදන ඇහැට ඇතුල් වෙලා විවිධ අක්ෂි රෝග ඇති වනු ඇති.
ඒ වගේම නිවැරදිව පිරිසිදු නොකලොත් විවිධ අනවශ්‍ය විෂබීජ ඇහැ මත එකතු වෙලා විවිධ අසනීප ඇති විය හැකියි.
අක්ෂි වෛද්‍යවරයෙකුගෙන් කාච පිරිසිදු කිරීම සඳහා සුදුසු ද්‍රව්‍යයක් නිර්දේශ කරවා ගන්න.
වෛද්‍ය අනුමැතියක් නැතිව ඔබට අවශ්‍ය විදියට පිරිසිදු කරන ද්‍රව්‍ය වෙනස් කරන්න යන්න එපා. මොකද කාච එකකට එකක් වෙනස්නේ. ඒ නිසා ඒ එක එකක් සඳහා පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය වර්ග වෙනස් වනවා.
කාචය පිරිසිදු කරද්දී අතුල්ලන්නට එපා. පිරිසිදු කරලා නැවත පළඳින්නට කලින් එය වාතයේ වියලෙන්නට දෙන්න ඕනෑ.
කිසිම දෙයක් පාවිච්චි කරලා එය පිසදන්න යන්නත් එපා.
කාචය තබන කවරය මාස තුනකට වරක්වත් අලුත් කරගැනීමත් වැදගත් වනවා.
අවසාන වශයෙන් ඔබට වෛද්‍ය වරයා නිර්දේශ කර ඇති කාල වකවානු වලදී ඔබේ පෙනීම පරික්ශා කරවා ගන්නටත් ඕනෑ.
-රුවනි-
(under the courtesy of goodhousekeeping.lk web)