ඔයාගේ Balance එක කොයි තරම් හොඳද ? ඔයාට පුලුවන්ද තනි කකුලෙන් තත්පර 20ක් හිටගෙන ඉන්න. නැත්නම් විනාඩියක්.. ඇස දෙකත් වහගෙන.. පුලුවන්ද?
එහෙම කරන්න පුලුවන්නම් ඔයාගේ Balance එක හුගක් හොඳයි. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ ඇඟ ඇතුලේ ලෙඩ රෝග ගණනාවකට එරෙහි වෙන්න පුළුවන් විදියේ හැකියාවක් තිබෙනවා.
මෑතකදී කරන ලද පරීක්ෂණයක් මගින් ඔප්පු වෙලා තිබෙනවා තත්පර 20 කට වඩා වැඩි කාලයක් එක පාදයක් උඩ ශරීරයේ බර සමතුලිතව පවත්වා ගැනීම මගින් අංශ භාගය නමැති භයානක රෝග තත්වය ඇති වීමට ඇති හැකියාව අඩු වන බව.
මීට අමතරව විවිධාකාරයේ මානසික රෝග තත්ත්ව වගේම රුධිර සංසරණ පද්ධතිය ආශ්රිත රෝගත් විශේෂයෙන්ම මොළය හා ස්නායු පද්ධතිය ආශ්රිත රෝගත් ඇති වෙන්නට ඇති අවධානම හොඳ ශරීර සමතුලිතතාවයක් පවත්වා ගැනීම මගින් අවම කරන බව වෛද්‍ය වරුන් පවසනවා.
විවිධ වයස් කාණ්ඩ වලට අදාලව සමතුලිතතාවයේ මට්ටම වෙනස් වනවා.
අවුරුදු 40 ට අඩු ඔබට,
අවම වශයෙන් ඇස් වසා ගෙන තත්පර 45කුත් ඇස් ඇරගෙන තත්පර 15 කුත් ඉන්නට හැකි විය යුතුයි.
අවුරුදු 40 ත් 49 ත් අතර ඔබට,
අවම වශයෙන් ඇස් වසා ගෙන තත්පර 42කුත් ඇස් ඇරගෙන තත්පර 13 කුත් ඉන්නට හැකි විය යුතුයි.
අවුරුදු 50 ත් 59 ත් අතර ඔබට,
අවම වශයෙන් ඇස් වසා ගෙන තත්පර 41කුත් ඇස් ඇරගෙන තත්පර 8 කුත් ඉන්නට හැකි විය යුතුයි.
අවුරුදු 60 ත් 69 ත් අතර ඔබට,
අවම වශයෙන් ඇස් වසා ගෙන තත්පර 32කුත් ඇස් ඇරගෙන තත්පර 4 කුත් ඉන්නට හැකි විය යුතුයි.
අවුරුදු 70 ත් 79 ත් අතර ඔබට,
අවම වශයෙන් ඇස් වසා ගෙන තත්පර 22කුත් ඇස් ඇරගෙන තත්පර 3 කුත් ඉන්නට හැකි විය යුතුයි.
එසේ හැකියාවක් තිබෙනවා නම් ඔන්න ඔබේ Balance එක ගැන බය වෙන්න එපා. ඔබ රෝග ගණනාවකින් ආරක්ෂිතයි.
(under the courtesy of goodhousekeeping.lk web)