පෙබරවාරි හෙවත් නවම් මාසයට නැතැක් නැතැයි සමහරැන් අතර මතයක් පවතී. ඇතැම් ජ්‍යෙතිෂවේදීන් ද මෙම අදහසට අවනත වනු දැකගත හැකියි. තමන් වෙත නැකැත් තනා ගැනීමට එන අයට පෙබරවාරි මස හැර වෙන මාසයක් යොදා ගනිමුයැයි යෝජනා කරන්නෝද සිටිති. ඇතැම් අයගේ අදහස වන්නේ නවම් මාසය අඩු මාසයක් හෙවත් දින 28ක මාසයක් නිසා එහි නැකැත් නැති බවය.
එවැනි පදනම් විරහිත කතා ජ්‍යොතිෂයේ කොතෙකුත් ඇත. ඒ හැම එකකින්ම අතිශයින්ම අසත්‍ය කතාව වන්නේ පෙබරවාරි මාසයේ නැකැත් හොඳ නැතැයි කියන කතාවයි. නැකැත් සාදන්නේ කැලැන්ඩර් මාස ක්‍රමය අනුව නොව චන්ද්‍ර මාස ක්‍රමය අනුවයි. පෙබරවාරි මාසයේ නැකැත් සෑදීම අශුභයයි කියා කිසිම පංචාංග ලිතක නැත. නැකැත් හදන්න පටන්ගත්ත දා පටන්ම ඒ කියන්නේ ජ්‍යොතිෂයේ මුල් යුගයේ සිටම ඒවා සෑදුවේ චන්ද්‍ර මාස ක්‍රමයටයි. සමහර ක්‍රියාකාරකම් සඳහා නැතැක් සෑදීම හොඳ නැතැයි කියා ගණන් ගන්නා වකවානු පවා ගණන් ගැනෙන්නේ (කෝණ මාස) සූර්ය සාම ක්රමයටය.
ජ්‍යොතිෂ ඉතිහාසය සමඟ සසඳන විට ජනවාරි, පෙබරවාරි, මාර්තු ආදී වශයෙන් වර්ෂයක් මාසවලට බෙදීමේ ක්‍රමය රටවල් කිහිපයක ප්‍රචලිත වූයේ ක්‍රි.ව. 1582 තරම් මෑතකදීය. එවකට සිටි 34 වෙනි ග්‍රෙගරි වාස්තුමා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම කැලැන්ඩරය “පෝප් ග්‍රෙගරියන් කැලැන්ඩර්ය වශයෙන් නම් කරනු ලැබීය. මෙය එවකට ලෝකයේ ප්‍රචලිත වූයේ ප්‍රංශය, රෝමය, ස්පාඤ්ඤය, ජර්මනිය, එංගලන්තය වැනි රටවල පමණි. එම කාලයේ පවා සෙසු රටවල් බොහොමයක් මෙය නිල වශයෙන් පිළිගත්තේ නැත.
14 වෙනි සියවස්වල බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව ඇතුළු තම යටත්විජිතයන්ට මෙය හඳුන්වා දෙනු ලැබුවේ රාජකාරී කටයුතුවල පහසුව සඳහාය. දැනට වුණද මුළු ලෝකයේම තම තමන්ගේ ඔරලෝසුවල එම රටවල්වල ප්‍රමිති වේලාවන් අනුව එකම වේලාව පවතින්නේ ද රාජකාරි කටයුතුවල පහසුව සඳහාය. අප එම පොදු වේලාව දරැවෙකුගේ ඡන්ම වේලාව වශයෙන් යොදන්නේ සංශෝධනය කිරීමෙන් පසුවය. ඊට හේතුව නම් ඔරලෝසුවේ ඇති වේලාව කෘත්‍රීම වේලාවක් නිසාය.
ග්‍රෙගරි පෝප්තුමාට පවා නැවත වරක් නිවැරදි කිරීමට සිදුවූයේ ජූලියස් සීසර් විසින් සාදන ලද ජූලියන් කැලැන්ඩරයේ දින ගණනක වරදක් තිබූ නිසායයි කියැවේ. ක්‍රි.පූ. 44 පමණ එවකට සිටි රෝම අධිරාජ්‍යයා වූ ජූලියස් සීසර් තම තාරකා විද්‍යාඥ සොසෙජිනස් ලවා වර්ෂයක දින ගණන මාස වශයෙන් නම් කර කැලැන්ඩරයක් සෑදෙව්වේය. ජූලියස් සීසර් ද එසේ කළේ රාජකාරි කටයුතු සඳහා නිශ්චිත දින ගණනක් තිබිය යුතු වූ බැවිනි.
ජූලියස් සීසර් යුගය දක්වා රටවල් කිහිපයක (හැම රටකම නොවේ) ප්‍රචලිතව තිබුණේ රොමාණු සමූහාණ්ඩු කැලැන්ඩරයයි.
මේ හැම දෙයක්ම සිදුවූයේ රෝම අධිරාජ්‍ය නමැති ඉතා පටු ලෝකයක් තුළයි. විශාල දේශ දේශාන්තර හා භූමි ප්‍රමාණයකට හිමිකම් කියූ ආසියාතිකයන් මේ ගැන දැනසිටියේ නැත. දැන සිටියත් ගණන් ගත්තේ නැත. නැකැත් සෑදීම කරගන්නේ චන්ද්‍ර මාස ක්‍රමයටයි.
රෝමය ගොඩනංවනු ලැබුවේ රොමියුලස් බව කියවේ. මුල් යුගයේ රෝම සමූහාණ්ඩු කැලැන්ඩරයට තිබුණේ දින 304ක වර්ෂයකි. මාස වශයෙන් බෙදා තිබුණේ දහයකටය.
ක්‍රි.පූ. මුල් යුගයේ බැබිලෝනියන්වරැන්ගේ ආභාසය ලැබූ ග්‍රීකයන් වර්ෂය ගණනය කළේ චන්ද්‍ර මාස ක්රමයටය. රෝම සමූහාණ්ඩු කැලැන්ඩරයට ක්‍රි.පූ. 425දී පමණ එවකට රෝම පාලක වූ පොම්පීලිස් ජනවාරි මාසය වර්ෂයේ අගටත් එකතු කළේය. අවසානයේ පෙබරවාරි මාසය. ජනවාරි සහ මාර්තු අතරට දමන ලදී.
මේවා සියල්ල සිදුවූයේ රාජකාරි කටයුතු පහසුව සඳහා පැවැති ක්‍රමය මඳක් වෙනස් වියයුතු බවට ජුලියස් සීසර්ලා සිතූ බැවිනි.
මෙම රෝමානු සමූහාණ්ඩු කැලැන්ඩරයේ සිට ග්‍රෙගරියන් කැලැන්ඩරය දක්වාත් එතැන් සිට බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ ආසියානුන්ට සහ අප්රිකානුන්ට මාස ක්‍රමය හඳුන්වා දෙන වකවානුව දක්වාත් ලෝකයේ වැඩි හරියක් මෙම මාස ක්‍රමය දැන සිටියේ නැත. එසේනම් ක්‍රි.පු. පන්දාහකට එහා (5,000) දුවන ජ්‍යොතිෂය ක්‍රි.ව. 1500-1800 අතර බ්‍රිතාන්‍යයන්ගේ ආසියා - අප්‍රිකා යටත්විජිත වකවානු දක්වා නැකැත් සෑදුවේ කෙසේද? බටහිරින් අප රට පාලනය කරන විට මෙහි වැඩි කාලයක් රාජ්‍ය කළේ රාජසිංහ රජ පෙළපතයි. ඊට එපිට සිටි පරාක්‍රමබාහු, විජයබාහු, කාශ්‍යප, වලගම්බා, දුටුගැමුණු අදී කාලවල නැකැත් හැදුවේ කෙසේද? ජනවාරි, පෙබරවාරියක් ගැන නොදැන සිටි වකවානුවක නැකැත් සෑදුවේ කෙසේදැයි නොසොයන්නේ ඇයි?
පෙබරවාරි මාසය පවා ලෝකයේ ඉතා බලගතු දේවල් සිදු වූ මාසයකි. ඒ ගැන කියනවා නම් වෙනම පොතක් ලියන්නට සිදුවෙයි. ඒ නිසා අප පෙබරවාරි මාසයේ සිදුවූ සිදුවීම් කීපයක් පමණක් ඉදිරිපත් කරමු.
• අපට නිදහස ලැබුණේ පෙබරවාරි 4 වෙනිදායි.
• ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවේ පළමුවෙනි විධායක ජනාධිපති වශයෙන් දිවුරැම් දුන්නේ 1978 පෙබරවාරි 4 වෙනිදායි. ඒ මහතා තමන්ට අයත් මුළු නිල කාලයම සම්පූර්ණ කළේය.
• ඉතා සාර්ථක මහවැලි ව්‍යාපාරයක් වන කොත්මලේ ජලාශය පටන්ගත්තේ ද පෙබරවාරි මාසයේය.
• ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාව ආරම්භ කළේ ද සුබ නැකතින් 1982 පෙබරවාරි 15 වෙනිදාය.
• ඉතා දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටි කියුබාවේ පිදෙල් කැස්ත්‍රෝ දිවුරුම් දුන්නේ 1959 පෙබරවාරි 17 වෙනිදාය.
• අමෙරිකාවේ ජෝන් ග්ලේන් අජටාකාශ ගතවූයේ 1962 පෙබරවාරි 20 වෙනිදාය.
• ඉතා සාර්ථක වූ “ඇපලෝ* රොකට්ටු පෙළේ පළමුවැන්න අහසට විඳින ලද්දේ 1966 පෙබරවාරි 26 වෙනිදාය.
• ඇපලෝ අජටාකාශගාමීන් දෙදෙනෙක් පළමු වතාවට අජටාකාශයේ ඇවිද්දේ 1971 පෙබරවාරි 05 දිනයි.
• අවුරුදු 30කට අධික කාලයක් පැවති ඉතා අසීරැ වූ ශිතල යුද්ධය අමෙරිකාව හා රුසියාව අවසන් කළේ 1992 පෙබරවාරි පළවෙනි දින දෙරට අත්සන් කළ කැම්ප් ඩේවිඩ් ගිවිසුමෙනි.
මේ අනුව අපට පෙනීයන්නේ වැදගත් කටයුතු සඳහා පෙබරවාරිය යොදාගත යුතු නැතැයි දක්වන මතය මිථ්‍යාවක් බවය. එයට කිසිදු පදනමක් නැති බව කිව යුතුය. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂවේදීන් විසින් අවශ්‍ය අවස්ථාවල පෙබරවාරි මාසය නැකැත් තනා දෙනුලබයි. එම නැකැත්වලට සුබ කටයුතු කර එය වැරදුණායැයි කියන අය විරලය. යමකට අශුභ ඵල ගෙන දෙන්නේ නම් මොන මාසයේ නැකැත් ගත්තත් බේරෙන්නට අපහසුය.
පෙබරවාරි තුළ මඟුල් නැකැත් ආදී විවිධ නැකැත් වෙලාවල් පංචාංග ලිත්වල පවා සඳහන් කර ඇත. මෙම වසරේ දී පෙබරවාරි 17 දින මඟුල් නැකැත් පංචාංග ලිත්හි දැක්වේ. ඒ නිසා පෙබරවාරි මාසයේ නැකැත් නැතැයි ප්‍රකාශ කිරීම කිසිම පදනමක් නැති බව පැවසිය යුතුය.
ජ්‍යොතිර්වේදි
පානදුරේ රෝහන් වීරරත්න
දුම්රියපළ පාර, සිතුමිණ