කළු හමක් යනු, බොහෝ දෙනෙක්ට කනගාටුවට හේතුවකි. හැමෝම කැමැති මොනවා හෝ කර සුදු වීමට ය. සුදු වෙන්න හිතාගෙන එක එක ක්‍රීම් වර්ග ගා, සමහරු අමාරුවේ වැටෙති. කොහොම වුණත්, ස්වභාවික ප්‍රතිකාරයකට යොමු වුණොත්, අප පොඩ්ඩක්වත් බිය වියයුතු නැත. ඒකට හේතුව, ඒ මඟින් අතුරු ආබාධ ඇති නොවීම ය.
සුදු හඳුන් ආලේපය
සම පැහැපත් කර ගන්න, නිවෙසේ දී ම ලෙහෙසියෙන් කරගත හැකි ප්‍රතිකර්මයක් ලෙස, සුදු හඳුන් ආලේපය හැදින්විය හැකි ය. සුදු හඳුන් කුඩු නොව, සුදු හඳුන් කැබැල්ලක් ගෙන, එය ඇල් වතුරින් ගලේ උරච්චි කර ආලේප කිරීමෙන්, පැහැපත් සමක් හිමිකර ගත හැකි ය. වියළි සමකට නම්, සුදු හඳුන් එතරම් සුදුසු නැත. එවැනි සමක් තිබෙන අයට, ඒ වෙනුවට බාර්ලි ඇට කුඩු කර, වතුරින් අඹරා ආලේප කළ හැකි ය.
කෝමාරිකා
කෝමාරිකාවලට, සමේ වියළි බව නැති කිරීමේ හැකියාවක් ඇත. ඒ වගේ ම, සම පැහැපත් කිරීමේ මහඟු හැකියාවක් ද තිබේ. මේ සඳහා, කෝමාරිකා ස්වල්පයක් අරගෙන, එහි මදය සූරා , පිරිසුඳු කරගත් ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10ක් පමණ හොඳින් සම්භාහනය කර, සෝදා හැරීම ප්‍රමාණවත් ය.
පිරිසුඳු ජලය
සම පැහැපත් කර ගැනීමට නම්, සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම ඉතාමත් ම වැදගත් ය. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට දිනපතා හොඳින් ජලය පානය කරන්න. සම වියළීමට ඉඩ දීමෙන්, ඉක්මනින් සම දුර්වර්ණ වී, සමේ රැලි ඇති වේ. වියළි සමක් ඇති අයට, සමේ වියළි බව නැතිකර ගැනීම සඳහා කෝමාරිකා අඩංගු මොයිස්චරයිසර් එකක් ආලේප කළ හැකි ය. දිනපතා සුදුසු ඖෂධීය තෙල් වර්ගයක් ආලේප කිරීමෙන් ද සම වියළීම වළක්වා ගත හැකි ය.
අධික හිරු එළියෙන් ආරක්ෂාව
සම නිරන්තරයෙන් අධික හිරු එළියට නිරාවරණය වීම වළක්වා ගැනීම ද , පැහැපත් සමක් අපේක්ෂා කරන ඔබට බෙහෙවින් ම වැදගත් ය. අධික සූර්යාලෝකය නිසා සම වියළීමට ලක් වේ. හිරු එළියේ ඇති අහිතකර කිරණ නිසා, සම පිළිස්සීමට ලක් වේ. එවිට, සමේ පටක ක්‍රමයෙන් විනාශ වේ. ඒ වගේ ම, ඉක්මනින් සම දුර්වර්ණ වී, රැලි වැටීමට ලක් වේ. නිවෙසෙන් පිටතට යන එන අවස්ථාවල දී, ශරීරය ආවරණය කර ගැනීම මෙන් ම , සුදුසු sun cream වර්ගයක් ආලේප කිරීම ද වැදගත් ය.
එළවළු සහ පලතුරු
දෛනික පෝෂණය නිසි පරිදි පවත්වා ගන්න. සමේ පැහැපත් බව ඇති කිරීමට හේතුවන කොළ එළවළු වර්ග, කහ පැහැති පලතුරු වර්ග, කැරට් යනාදිය දිනපතා ආහාරයට ගැනීමෙන් සම පැහැපත් කරගත හැකි ය. එසේ ම, සම නිරෝගී වේ. එම නිසා, හැකිතාක් ඔබේ ආහාරයට එළවළු වර්ග, පළා වර්ග එකතු කර ගන්න. පිටින් ආලේප කරන ක්‍රීම් එකකට වඩා, මේ ආකාරයෙන් සිරුර අභ්‍යන්තරයෙන් ම එන පැහැපත් බව , කාලාන්තරයක් පවතිනවා වගේ ම, අහිතකර බලපෑම්වලින් තොර වේ.
ව්‍යායාම
දිනපතා කිසියම් ව්‍යායාමයක නියැළෙන්න. එවිට වැඩිපුර දහදිය දැමීමෙන් සමේ රෝම කූප විවෘත වී, අනවශ්‍ය විෂ ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර වේ. එවිට සම නිරෝගී වේ. සම පැහැපත් වේ.