ආතරයිටිස් යනු සන්ධි ආශ්‍රිතව ඇතිවන ඉදිමුම, තදගතිය සහ චලනය ආශ්‍රිතව ඇතිවන වේදනාවක්. මෙය වයස්ගත පුද්ගලයන්ගේ බහුලව දැකිය හැකි රෝග තත්ත්වයක්. ඇතැම් විට ගර්භණී වීමෙන් පසුව ශරීරයේ සිදුවන වෙනස්වීම් නිසා සන්ධි සහ මාංශ පේශිවලට සිදුවන බලපෑම හේතුවෙන් සන්ධි ආශ්‍රිතව වේදනාවක් ඇතිවිය හැකියි. එය සුව වීමට යම් කාලයක් ගතවිය හැකියි. නමුත් ඔබ නිධන්ගත ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳිනවා වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසු වෙනවා.
ප්‍රසූතියෙන් පසු ඇතිවන ආතරයිටිස් තත්ත්වය සාමාන්‍යයද?
ආතරයිටිස් රෝගය ඕනෑම වයස් ඛාණ්ඩයක දැකිය හැකි රෝගයක්. නමුත් ගර්භණී සමයේ සිදුවන ශාරීරික වෙනස්වීම් සහ ප්‍රසූතියෙන් පසු නිරතවන යම් යම් කාර්යන් ආදිය හේතුවෙන් කාන්තාවන්ට arthritis flare-ups තත්ත්වය ඇතිවිය හැකියි. මැණික් කටුව, අත්, වළලුකර සහ පාද වල යම් වේදනාවක් අත්විඳිය හැකියි.
දරු ප්‍රසූතියෙන් පසු ආතරයිටිස් ඇතිවීමට හේතු
වයස, ජානමය බලපෑම, තරබාරුව, ශාරීරික අක්‍රියතාව, දුම්පානය, ආසාදන, රැකියාවේ නිරත වීමා, ප්‍රමාණවත් පරිදි ආහාර නොගැනීම ආදී හේතුන් ප්‍රසූතියෙන් පසු ආතරයිටිස් රෝගයට බලපානු ලබනවා.
සාමාන්‍යයෙන් ගැබ් ගැනීමෙන් පසු ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වන අතර එය කලින් පැවති යම් යම් රෝගයන් නැවත මතුවීමට බලපෑ හැකියි.
ගර්භණී සමයේදි සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ බැවින් ඇතැම් ස්වභාවිකව ඇතිවන ප්‍රතිශක්තිය මගින් පාලනය වන රෝග වන rheumatoid arthritis වර්ග පාලනය වන අතර ප්‍රසූතියෙන් අනතුරුව එම රෝගයන් නැවත ඉස්මතුවීමට ඉඩ තිබෙනවා.
පසු ප්‍රසව සන්ධි වේදනාව හෝ ආතරයිටිස් රෝගය තිබේනම් ඔබ කුමක් කළ යුතුද?
වෛද්‍ය උපදෙස් ලබාගන්න
ඔබ දැනටමත් ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳිනවා නම් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. වේදනාව අවම කිරීමට සහ සන්ධිවල හානි පාලනයට අදාල ඖෂධ වෛද්‍යවරයා ඔබට ලබාදෙන අතර නිසිපරිදි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි.
සමබර ආහාර වේලක් ලබාගන්න
පෝෂණවේදියකු හමුවී ඔබට ගැලපෙන ආහාර සැලැස්මක් සකස් කරගන්න. කැලරි සහ මේදය අඩු ආහාර වේලක් මගින් ශරීරයේ බර නිසිපරිදි පාලනය සිදුවනවා.
ශරීරයේ බර පාලනය
ශරීරය අධි බරකින් යුතුවීම ආතරයිටිස් රෝග ලක්ෂණ වැඩිකරන අතර නියමිත පරිදි ව්‍යායාම්, ආහාර පාලනය ආදිය මගින් නිසිපරිදි ශරීරයේ බර පාලනය කරගත යුතුවනවා.
ක්‍රියාශීලි ජීවන රටාව
ක්‍රියාශීලි ජීවන රටාවක් පවත්වා ගැනීම ඔබගේ වේදනා අඩුකර යහපත් මනෝභාවයන් පවත්වා ගැනීමට සහය වන අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග පාලනයට උපකාරී වෙනවා.
නිවැරදි ප්‍රමාණයේ සුවපහසු පාවහන් තෝරාගන්න
අඩි උස පාවහන් පැළඳීමෙන් වැළකී පතුල සමතලා පාවහන් තෝරාගන්න.
ප්‍රසූතියෙන් පසු රූමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid Arthritis) ඇතිවිය හැකිද?
රූමැටොයිඩ් ආතරයිටිස් වැනි ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වර්ධනය වීමේ අවධානමක් තියෙනවා. නමුත් මෙය තවමත් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නැහැ. නමුත් ගර්භණී සමයේදී සහ ඉන්පසුව කාන්තා සිරුරේ හෝමෝන හා ප්‍රතිශක්තිකරණය සම්බන්ධ වෙනස්කම් සිදුවන බව තහවුරු වී තිබෙනවා.
මවුකිරි දීම හා රූමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid Arthritis) අතර සබදතාවයක් තිබේද?
මව්කිරි දීමෙන් රූමැටොයිඩ් ආතරයිටිස් රෝගය ඇති නොවන අතර ඇතැම් රූමැටොයිඩ් ආතරයිටිස් රෝගයෙන් පෙළෙන මවුවරුන්ට දරුවාට මවුකිරි ලබාදීමට අල්ලා සිටින ඉරියව්ව හේතුවෙන් සන්ධි වේදනාව ඇතිවිය හැකියි. එමනිසා මවුකිරි ලබාදීමේදි සුවපහසු ඉරියව්වක් තෝරා ගැනීම වැදගත්.
ප්‍රසූතියෙන් පසුව ඇතිවන ආතරයිටීස් රෝග තත්ත්වය ඉක්මණින් සුවවනවාද?
ආතරයිටීස් රෝගයේ ඇති අවාසනාවන්ත තත්ත්වය වන්නේ එයට නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වීමයි. රෝගයේ මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීමත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමත් මගින් ආතරයිටීස් රෝගය පාලනය කරගත හැකියි.
ඔබට ආතරයිටීස් රෝගය හා සම්බන්ධ ඉතිහාසයක් තිබේ නම් හෝ ප්‍රසූතියෙන් පසු එය පාලනය හා ප්‍රතිකාර සම්බන්ධයෙන් රූමැටික රෝග විශේෂඥයෙකු (rheumatologist) හමුවී උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසු වෙනවා. පසු ප්‍රසව සන්ධි වේදනාව හෝ ආතරයිටිස් නිට්ටාවට සුව කළ නොහැකි නමුත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමත් සමබර ආහාර වේලක් ගැනීමත් මගින් රෝග ලක්ෂණ මනාව කළමණාකරණය කිරීමට ඔබටත් හැකි වෙනවා.