නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වරුන් යොමු කරන අවධානයම මානසික වර්ධනය කෙරෙහිත් යොමු කිරීම ඉතාම වැදගත් වේ.
අවුරුද්දක් වන පුංචි දරුවෙකුගේ කායික සංවර්ධනය
සෙල්ලම් කිරීමෙන් හා අත්පොළසන් ගැසීමෙන් විනෝද වේ.
සියුම් හා දළ චාලක හැකියාවන් වර්ධනය වී ඇත.
දළ චාලක - ශරීරයේ විශාල පේශී උපයෝගී කරගෙන ශරීරය සම්පූර්ණයෙන් චලනය (ඇවිදීම, බඩගෑම, දණගෑම)
සියුම් චාලක - මහපටඟිල්ල හා අනෙක් ඇඟිලි භාවිත කරමින් යමක් ඇහිඳියි.
හැන්ද කෝප්පය අල්ලාගෙන සිටියි.
තනිව ආහාර ගැනීමට උත්සහ කරයි.
උපකාරයක් නොමැතිව ඇවිදියි.
දබරැගිල්ල දික් කරයි.
හුණුකූරුවලින් “බලි” රුව අඳියි.
දළ රවුම් ඇදීමට සමත් ය.
බොරුවට මවාපාන ආකාරයේ සෙල්ලම් කරයි.
බිම යමක් ඇහිඳීමට උක්කුටියෙන් වාඩි වේ.
බිම ඇති සෙල්ලම් බඩු ඉඟටියෙන් නැවී ඇහිඳියි.
ඇඟිලිවලින් ආහාර ගනී.
සරල වාක්‍ය ඛණ්ඩ පවසයි.
මල, මුත්‍රා පිට කිරීම පාලනය අරඹයි.
අවුරුද්දක් වන පුංචි දරුවෙකුගේ මානසික සංවර්ධනය
යම් යම් මෙවලම් හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇති බව දැන සිටීම.
උදා: පනාව - හිස පිරීම
දුරකථනය - කතා කිරීම
Building Blocks අධාරයෙන් කැබලි 2 කින් යුතු කුලුණු සාදයි.
තම පිංතූර පොත උඩ යට හරවා ඇති විට එය හඳුනාගනී.
අවධානය ලබාගැනීමට ශබ්ද හා හැඟීම් ඇති කරයි.
කෙලින් ඉරක්, රවුමක් ඇඳීම අනුකරණය කරයි.
පළමු වසර තුළ ප්රතිශක්තීකරණය
මාස 18 දී අවු. (1 ½ ) ත්‍රිත්ව එන්නත හා පෝලියෝ මුඛ එන්නත ලබාදේ. මින් ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම හා පෝලියෝ රෝග තත්ත්ව වළක්වයි.
නින්ද
සාමාන්‍යයෙන් රාත්‍රියට පැය 10 - 12 නින්දක් ලබාගනී. දිවා කාලයේ උදේ හා හවස කෙටි නින්දවල් 2 ක් ලබාගනී.
දිනපතා කතන්දර පොත් කියවන්න.
දරුවාට යම් ද්‍රව්‍යයක් සෙවීමට හෝ ශරීරයේ කොටස් නම් කිරීමට පවසන්න.
විවිධ හැඩ සහිත පිංතූර, සෙල්ලම් බඩු ලබාදීම.
අලුත් දෙයක් සෑදීමට හා ගායනයට උනන්දු කරන්න.
පොදු දේවල් හඳුනාගැනීමට හා කුතුහලය ඇති කිරීමට උනන්දු කරන්න.
පිංතූර පොත්, කතන්දර පොත් කියවයි.
Building Blocks වලින් නිර්මාණයන් සඳහා උනන්දු කිරීම.
දරුවා තුළ වර්ධනය වන සහයෝගීතාවය උත්සාහය පසසන්න.
දරුවා ප්‍රතික්ෂේප කිරීම් කළ විට අමනාප නොවන්න.
තම චර්යාවන් නිසා විඳීමට සිදුවන ඵල විපාක දරුවාට තේරුම් ගත හැකිවන සේ විනය පියවර මෘදු ලෙස ක්‍රියාත්මක කරන්න.
නාන වේලාව පැමිණි විට ඔබ විසින් වතුර ගලා ඒමට සලස්වන ආකාරය දරුවාට දැනීමට ඉඩ හරින්න.
තමා විසින් තමාද තම සිරුරද ආරක්ෂා කරගත යුතු ආකාරය දරුවාට තේරෙන ආකාරයට කියාදෙන්න.
එහෙත් දරුවාට කතා කරන ලෙස බල නොකරන්න.