“මගේ වයසේ ඉන්න හැමෝම ලිංගික සම්බන්ධකම් පවත්වන නිසා මාත් ඒක කළාට ප්‍රශ්නයක් නැහැනේ” කියලා සමහරවිට ඔයාට හිතිලා ඇති.
ටිකක් හිතන්න!
හැම යෞවනයෙක්ම ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ.
හැම යෞවනයෙක්ම වගේ ලිංගික සම්බන්ධකම් පවත්වනවා කියලා ඔයා හිතනවා ඇත්තේ ඔයා කියවලා තියෙන සමහර තොරතුරු නිසා වෙන්න පුළුවන්. උදාහරණයකට එක්සත් ජනපදයේ තිබුණ සමීක්ෂණයකින් හෙළි වුණේ ඉස්කෝලෙන් අස් වෙන වයසට එද්දී යෞවනයන් තුන්දෙනෙක්ගෙන් දෙන්නෙක්ම ලිංගික සම්බන්ධකම් පවත්වලා තියෙනවා කියලයි. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි ළමයි තුන්දෙනෙක්ගෙන් එක් කෙනෙක් එහෙම කරලා නැහැ කියන එක. ඒක අමතක කරන්න එපා.
ලිංගික සම්බන්ධකම් පවත්වන හුඟක් යෞවනයෝ මේ වගේ කටුක අද්දැකීම්වලට මුහුණ දෙනවා කියලා සමීක්ෂණවලින් පෙන්නනවා.
හිත් වේදනාව. හුඟදෙනෙක් ඒ ගැන පස්සේ පසුතැවෙනවා.
වටිනා චිත්‍රයක් පාපිස්සක් හැටියට පාවිච්චි කරනවා
විවාහ වෙන්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එක හරියට වටිනා චිත්‍රයක් පාපිස්සක් හැටියට පාවිච්චි කරනවා වගේ
විශ්වාසය බිඳෙනවා. සම්බන්ධකම් පැවැත්තුවට පස්සේ, ‘මෙයා තව කීදෙනෙක් එක්ක මෙහෙම ඉඳලා ඇද්ද’ කියන සැකය දෙන්නටම ඇති වෙනවා.
කලකිරෙනවා. සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක් කැමති එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න පිරිමි ළමයෙක්ට නෙමෙයි. එයාව ආරක්ෂා කරන කෙනෙක්ටයි. ඒ වගේම ගැහැනු ළමයෙක් හරිම ලේසියෙන් සම්බන්ධකම් පවත්වන්න කැමති වුණාමත් පිරිමි ළමයට පස්සේ එයාව එපා වෙනවා.
මේක හිතට ගන්න: පොඩි වයසෙම ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඇති වෙන ආසාවට වහල් වෙලා ඔයාගේ වටිනා ජීවිතේ විනාශ කරගන්න එපා. බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදියි කියලා දෙවියන් පැහැදිලිවම කියලා තියෙනවා. ඒ නීතිට කීකරු වෙන්න. එහෙම කරලා ඔයාට ඔයාවම පාලනය කරගන්න පුළුවන් කියලා පෙන්නන්න. විවාහ වුණාට පස්සේ ඔයාට ඔයාගේ සහකරු නැත්නම් සහකාරිය එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න පුළුවන්. හැබැයි එතකම් ඉවසන්න!