ඊයේ (15) දිනයේදී පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ වන විට විරෝධතාවයක නියැලෙමින් සිටිනවා.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා කථානායකවරයාගේ අසුනේ අසුන් ගෙන සිටින අතර ඒ අසල රැස්වී සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සටන් පාඨ කියමින් විරෝධතාවයේ යෙදී සිටිනවා.
පාර්ලිමේන්තු අද පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතව තිබුනා. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම කිසිදු විසදුමකින් තොරව අවසන් වූ බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ.