iranama
ළඳකගෙ සිරිය ඔප කරවන මුව මඬල
රුසිරු ලියන්ගේ සැඟවුණු ගති සොබා බොහෝයග ඒ ගැන පෙර කිවිවරු විවිධ අයුරින් උපමා යොදා ගනිමින් විවිධ තොරතුරු හෙළිකර තිබේග
කාන්තාවගේ
මුහුණ ගතිගුණ කියන කැඩපතකිග පුරාණයේ සිටි උගතුන් ඉසිවරුන් ඇගේ මුහුණේ
ඉරියව්ල පිහිටීමල හැඩය අනුව නොපෙනෙන ගති සොබා නිවැරදිව හෙළි කළහග ඒ පිළිබඳ
,භාව කුතුහලය, නමැති ග්‍රන්ථයේ ලියැවී තිබේග
නිහඬව සිටින්නිය සිය
අදහස් ප්‍රකාශ කරන්නේ මුවඟින් ඉඟිබිඟි කරමිනිග ඇය ලද වරමක් ලෙසින් විටෙක මේ
පිළිබඳ වර්ණනා කළ කවීහු පෙන්වා දී තිබේග පෙර පඬිවරු ඇගේ වතකමලේ ලියැවුණු
සැඟවුණු ගති හෙළිකර ඇති අයුරු මෙසේයග
,පුන්සඳ සේ නිතර සිනහවෙන් කල්
ගෙවන පිරුණු මුව මඬල හිමිකත නිවෙසට ශ්‍රියාකාන්තාවක් බඳුයග පෙර පින් ඇතිව
උපන්නියකිග ඉටු දෙවියකු ලෙස සලකා තම හිමි සුරකින්නීයග සැමියාට ගරු කරන්නීයග
කඩිසර ලෙස තබා අතින් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කරයිග
කෙට්ටු
වූ නොපිරුණු කම්මුල් සහිත මුහුණ ඇති කත අධික කම්සැප පතන්නියකිග නිතර සළෙළු
ඇසුර පතයිග කපටිල තියුණු නුවණඇත්තියක වුවද අන්‍යයන් රැවටීම ඇගේ ගතියකිග
එවන් කතක් පතා කෙනෙකු කෙසේ උපකාර කළද ඇය කිසිවිටෙක එසේ උදව් කළ අය තකන්නේ
නැතග
නපුරු දුක්මුසු පෙනුමෙන් යුතු පැල්ලම් සහිත කෙසඟ මුහුණක්
ඇත්තිය කුරිරු අව ගතිවලින් යුක්ත යැයි සඳහන් වේග කෙලෙහි ගුණ නොදත් ඇගේ මතයට
පමණක් මුල්තැන දෙන මෙවන් කතුන් පතන පුරුෂයාට දරු සැප නොලැබේග
මුහුණේ
දකුණු පැත්තේ රතුපැහැ ඉන්නකු වෙයි නම් සියලු සතුන්ට කරුණවෙන් සලකන්නියකිග
නිවෙසට සිරිකතකිග නමුත් මෙවැනි ලප කැළලක් මුහුණේ වම් පස වේ නම් නිතර රෝගී
වන කාන්තාවකිග
නිවෙසට මිණි පහණක් මෙන් සියලු දෙනාගේම සිත් නොබිඳෙන
අයුරින් කාරුණිකව කටයුතු කරන්නියගේ මුහුණ පියුමක් ලෙස නිතර සිනහවෙන් පිපී
විකසිත වෙයිග ඇගේ මුහුණෙන් නිතර යහතුණම පෙන්වයිග පිරුණු සඳවන් මුහුණ යුවතිය
සතු වටිනා සම්පතකිග
නිසසල හදවත් විකසිත කල හැකි වරමකි ළඳකට හිමි වන්නේ
සුපතල පඬිවරු අඟනක සතු ගුණ වැනුවත් නැත එය නිම වන්නේ
පළකල අදහස් පොරණෙහි ඉසිවරු කිසිදා විය නොම බොරු වන්නේ
පොබකළ පුන්සඳ මෙන් ලලනක සතු මුහුණෙහි වතගොත පවසන්නේ
පුන්සඳ මෙන් බබලන මුහුණක් ඇති ළඳකගෙ ගතිගුණ කියයි මෙසේ
නිවෙසට සිරිකත කැන්දන පින් ඇති සව්සත වෙත මෙත කරයි තොසේ
හිමිසඳ සුරකින ඉටු දෙවියකු ලෙස ගරුසරු කර අද නිතර මෙසේ
පින් ඇති කඩිසර යහ ගුණයෙන් සැදි අඟනක රූසිරි කියති මෙසේ
මසින් නොපිරුණු සිහින් මුහුණක් පිහිටියේ නම් ලොවේ ළඳකට
අධික කම්සැප පතා සලෙලුන් සොයා යනු ඇත නොතිර හැඟුමට
තියුණු නුවණක් සතුව තිබුණත් කපටි ගතිගුණ පෙනේ කදිමට
උදව් කළ මුත් අගය නොකරති එවන් අඟනුන් පැතුව දනහට
කුරිරු අව ගුණවලින් සපිරුණු ගැහැණියක සතු ලකුණු වන්නේ
නපුරු දුක්මුසු පැල්ලමින් යුතු කෙසඟ මුහුණකි සතු කරන්නේ
කෙලෙහි ගුණ තම කිසිත් නොතකන ඇගේ අදහසමය පතන්නේ
එවන් අඟනුන් පැතූ දනහට නොලැබ දරුසැප දුක දෙවන්නේ
දකුණු පැත්තේ උවන මතුපිට අතැති ඉන්නෙකු ඇතොත් ළඳකට
සතට කරුණා ගුණය පෙන්නා ගෙනේ සිරිකත වසන නිවසට
වමට බරවුණ මුහුණ මත්තේ ඇතොත් රතුලප කියන විලසට
නිතර රෝ දුක් වලින් බරවුන ළඳක් බව දත යුතුය හැම විට
නිවෙසට මිණි පහනක් ලෙස සව්සත වෙත සුවය සදන
ළඳකට නිසි උවන තුළින් දිස්වෙයි යහගුණය නිතින
සතහට මෙත් කරුණා ගුණ පෙන්වා නිති සතුට සදන
වට මට කළ පියුමක් වන් මුහුණ අගෙයි ළඳට සොබන
දන්ඕවිටගබීගආර්ගදයානන්ද
විශ්‍රාමික අධ්‍යාපනල අධ්යක්ෂ :ආගමික-
භාව කුතුහලය ඇසුරෙනිග
,ශස්තෞ කපොලෞ වාචක්ෂ්යඃ
පීතවෟත්තෞ ඝමුන්නතෙ
රොමශෞ පරුපෞ නිම්නෞ
නර්වතංසෞ පරිවර්ජංයතං,
,
යම් ස්ත්‍රියකගේ කොපොල් තල මනොඥ වූයේද ස්ථුල වූවේද වටවේදල උස්වේදල
උත්තමාවියකිග තවද රෝම සහිත වේද ටොර වේද ගිලුණ මාංස රහිත වුයේද එවන්
ස්ත්‍රිය දුරුකළ යුත්තේමයග