iranama
හතේ පාපයන්ගෙන් ජීවිතේටත් හතේ හත
විවාහය පතන ළඳුන් හට නිසි කල නිසි විවාහයක් හිමි කර දීමට මවුපියන්ගේ උනන්දුව අතිමහත්ය. එය පමාවීම පවුලේම මානසික වේදනාවකි.
ජේයාතිෂය කාන්තා කේන්දරයක හත් වැනි භාවයට යොමු කිරීමෙන් ඇගේ විවාහයේ බල දුබලතා නිසි අයුරින් අවබෝධ කරගත හැකිය. කේන්දර සටහනක ඇත්තේ පූර්ව කර්ම ශක්ති මහිමයයි. පෙර කුසල් අකුසල් ස්වභාවයන් මත මෙලොව හිමි අහිමිකම් කේන්දර සටහනින් නිරූපිතය.
කාන්තාවකගේ කේන්දරයේ හත්වැන්නේ සුබ ග්‍රහයන් සිටී නම් ඇය සැමියාට ප්‍රිය උපදවන ළඳක් වනු නොඅනුමානය. පාප ග්‍රහයන් හත්වැන්නට යෙදීම විවාහයට අහිතකර බව පොදු පිළිගැනීමයි. හත්වැන්නේ පාප ග්‍රහයන් පිහිටි කාන්තාවන් මානසිකව දුර්වල වීමට එයම හේතුවක් නොවන්නේද? රාහු, කේතු වැනි පාප ග්‍රහයන් හත්වැන්නට වෙසෙසින්ම අහිතකරය. සෙනසුරු, අඟහරු සත්වැන්නේ බලවත් වීමෙන් විවාහයේ වැඩිදියුණුවක් ඇති වන විශේෂතාද ඇත. කේන්දර සටහන් දෙකක් අතරින් හඳුනාගත් ගැළපීම් අනුව විවාහය නිගමනය වෙයි. කාන්තා කේන්දරයේ බලවත් යෝග තුළින් එය වඩාත් ඉස්මතුව පෙනෙයි.
තොටිල්ල පදවන අත ලොව පාලනය කරන්නේ හත්වැන්නේ බල දුබලතාව මතමය. හත්වැන්නට කවර ආකාරයකින් හෝ සෙනසුරුගේ අයහපත් බලපෑමක් ඒරාෂ්ටකයක් පැවැති මහ දසා අතුරු දසා පැවැතීම විවාහයට බාධකයක් බව කියැවෙයි.
සුබ ග්‍රහයන් දෙදෙනකු හත්වැන්නේ සිටීම හෝ හත දැකීම යහපත් විවාහයක පෙරනිමිත්තකි. සුබයන් තිදෙනකු හත්වැන්නේ පිහිටි කාන්තාව වඩාත් යහපත් වූ විවාහයකට හිමිකම් කියයි.
කුජ හත සෑම ලග්නයකටම කේන්දරයකටම අයහපත් නැත. බලවත් කුජ හත ගුරුගේ සිකුරු දැකීම බිය සැක නොහඳුනන ප්‍රියමනාප සහකරුවකුගේ හිමිකම පෙන්වයි. අසුබ කුජ හත සැමියාට අකල් මරණ ගෙන දෙයි. දෙදෙනාගේම කලහකාරී බව විවාහය නීරස කරවයි.
අසුබ කුජ හත අසුබයකු දැකීම කාන්තාව ගර්භාෂ, උදරාබාධ, වකුගඩු ආබාධ ශල්‍යකර්ම ආදියට ඉතා පහසුවෙන් ගොදුරු වීමකි. යහපත් කුජ හත දුටුවන් මනබඳින රූ සපුවක් කාන්තාවට ලබාදෙයි. සඳු, සිකුරු වැන්නවුන් එම කුජ හත දැකීම කාන්තා ලාලිත්‍ය වඩාත් ඔප කරවයි.
නීච කුජගේ දුබලකම් පුරුෂයාගේ ආයුෂ ප්‍රමාණය අවම කිරීමකි. කාන්තාව පරපුරුෂයන් කෙරෙහි බැඳෙන්නියකි. හතේ රාහු උච්ච වීම බලවත් සහකරුවකුගේ හිමිකම් පෙන්වයි. එම කේන්දරයේ සඳු, කටක රාශි ගතවීමද කාන්තා සුරූපිනියකගේ උරුමයද කඩිනම් විවාහයද ගොනු කරවයි.
රාහු අයහපත්ව හත්වැන්නේ වෙසෙන කාන්තාව නොසන්සුන් ආශාවන් ඇත්තියක බව කියැවෙයි. රාහු හතේ කාන්තාවගේ සැමියා උස් ශරීරයක් ඇත්තෙකි. කල් ගතවීමේදී එකිනෙකා කෙරෙහි නොරිස්සුම් ස්වභාවයක් මතු වන්නේ රාහුගේ අයහපත් පිහිටීම නිසාය. සැමියා විසින් කාන්තාව අතහැර යෑම මෙහිදී විමසුමට යොමු කළ යුත්තකි. සැමියා විසින් කාන්තාව අතහැර නොගියද එක වහල යට පිටස්තරයන් ලෙස ජීවත් වන්නේ අසුබ රාහුගේ බලපෑම නිසාය. ගෘහණියකගේ යුතුකම පැහැරහැරීමේ චෝදනාවද මෙවැනි කාන්තාවන් හට යොමුවේ. දැඩි වියදම, නිවෙස් අපිළිවෙළ යුග දිවියේ අවුල් බව වඩාත් ප්‍රබල කරවයි.
කේතු හතේ කාන්තාව පිළිබඳවද විශේෂයෙන් විමසිය යුතු වෙයි. ගුරු, බුධ වැනි ග්‍රහයන් දකින ලද හතේ කේතු පිහිටි කාන්තාව ආවේගශීලී නොවෙයි. තැන්පත් ගති උරුම කරවයි. එහෙත් ඇය ගුප්තය. සහකරු විසින් නිවැරැදි වටහා ගැනීමකට යොමු නොවෙයි. විවාහ දිවියේ කරදර බාධක ඇති වීමට එයම හේතුවක් වෙයි.
කේතු හතේ අයහපත් කාන්තාව උදාසීන ලෙස විවාහ දිවිය දකියි. එය ඇගේ විකෘති ආශාවක් හෝ ලිංගික දුබලතාවක් විය හැකිය.
රහස් පෙම් සබඳතා, දරු පල අඩුවීම, ගර්භාෂගත රෝග එවැන්නියකට උරුමය වෙයි. එවන් කාන්තාවකගේ සහකරුද උදාසීන පුද්ගලයකු වෙයි.
සත්වැන්නේ කේතුට, රවි, කුජ, ශනි වැනි පාපී ග්‍රහයකු සංයෝග වූ විට යුගදිවිය අසාර්ථකය. රහසිගත සබඳතා ඇතුළු ඉහත සඳහන් විසමතාද අර්ශස්, මුත්‍රා ආබාධ ඇතිවීමද බලවත් වෙයි.
හත්වැන්නට සෙනසුරු බොහෝ දේ අහිමි කරවයි. එය විශේෂයෙන් පුරුෂයන් හටය. හත්වැන්න සෙනසුරුගේ දිග්බල ස්ථානයයි. කාන්තාවකට බලවත් වූ සෙනසුරු අයහපත් බලපෑමකින් තොරව හත්වැන්නේ විසීම රුවැත්තියකගේ කඩිනම් විවාහය සනිටුහන් කරවයි. අයහපත් සෙනසුරු පාපියන්ගේ දැකීම මත කාන්තාවකට කෙරෙන යහපතක් නැත. කේතු වැන්නකු හත දැකීම විවාහය පමාව, දරුපල පමාව, පරපුරුෂ සේවනය, නොගැළපෙන විවාහ ආදියට යොමු කරවයි.
කාන්තා කේන්දරයක හත්වැන්නට රවි ග්‍රහයාද යහපත් නොවන අවස්ථා ඇත. සහකරුගේ දැඩි මතයට අවනත වීමට ඇයට නිතැතින්ම සිදුවෙයි. ඇතැම් විට සමාජය සමඟ අනුගත වීමේදී ඔහුට යුග දිවියේ යුතුකම්, වගකීම් ඉටු කිරීම ප්‍රමාද විය හැකිය. කාන්තාවන් හට අර්ශස් වැනි උෂ්ණාධික රෝග, යටිබඩ, හිස, මනස දුර්වල වීමද අපේක්ෂා භංගත්වය මත විවාහය දෙදරා යෑමටද කාන්තා කේන්දරයේ හතපති රවි වීම සාධකයක් විය හැකිය.
කාන්තාවකගේ හත්වැන්න සුබයකු සිටීම, සුබයකු දැකීම ඇය ස්වාමියාට ප්‍රිය වෙයි. කුජ දෝෂයද කාන්තා විවාහයට සුබයක් නොවෙයි. හත්වැන්නේ සුබයන් සිටි පමණින් යහපතද අසුබයන් සිටි පමණින් අයහපතද සිදු නොවෙයි. සහකරුගේ කේන්දරයෙන් කාන්තා හත්වැන්නේ දෝෂ භංග වන අවස්ථාද නැත්තේ නොවේ. පොරොන්දම් විමසුමට වඩා නිවැරැදි කේන්දර විමසුම කාන්තාවකගේ විවාහය යහපත් කරවයි. හත්වැනි භාවයේ බල දුබලතා සහ පාපී ග්‍රහ බලපෑම් හඳුනා ගැනීමටද මෙම සටහන පිටිවහලකි.
Wmqgd .ekSu u