iranama
හත්වැන්නේ බල මහිමය මෙන්න
ජන්ම කේන්ද්‍රයක හත්වැන්න කාම ස්ථානය (කලතා) නාමයන්ගෙන් ව්‍යවහාර වේ. පලාපල කථනයේදී ද ඉතා වැදගත් වේ. විවාහ වන ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ ස්වභාවය තත්ත්වය මෙසේ හෙළිකරගත හැක.
ස්ත්‍රී - පුරුෂ දෙදෙනාගේ ශරීර අවයව හා ස්වභාවය තත්ත්වය, වෛද්‍යවරයා, මරණය, මහජන සම්බන්ධතා, ව්‍යාපාර හවුල්කරුවන්, කාමුකබව, ජන්මියාගේ චරිත ස්වභාවය, සතුරන්, අනුන් සමඟ කරන ගනුදෙනු, අනියම් කාමුක හැසිරීම්, වාද විවාද, සංසර්ගය නොහොත් රති කෙළිය, දරුවන්, ස්ත්‍රී රහසඟ, පුරුෂ ලිඟුව සම්බන්ධයෙන් සත්වැන්නේ බලය ප්රමුඛව සිටී.
සත්වැන්න අධිපති සහ එහි සිටි උච්ච ග්‍රහයන් නවාංශකයේ සත්වැන්නේ ග්‍රහයන් බලවත් වූ තරමට ඉහත කී කරුණු වලින් සුබපල ඇතිවිය හැක. දුර්වල නම් අශුභයි. හත්වැන්න අධිපති චන්ද්‍රයාගෙන් සහ ලග්නයෙන් හත්වැන්න යන ස්ථානයේ විවාහය කෙරේ විශේෂයෙන් බලපායි.
හත හිමි ස්ව උච්චබලයෙන් සිටීම උච්ච ග්‍රහයකු හත්වැන්නේ සිටීම උච්චස්ව රාශි බලයෙන් සිටි ග්‍රහයන්ට සත්වැන්න පෙනීම ඇති හිමියා සිටි නවාංශකය අධිපති බලයෙන් යුක්ත වීද චන්ද්‍රයාට 6, 7, 8 යන ස්ථානවල බලවත්ම බුධ ගුරු සිකුරු සිටියේ ද කුජ සිකුරු බලයෙන් යුතු ද මෙකී කරුණු හේතුවෙන් විවාහ දිවිය සාර්ථක වේ. විවාහයෙන් පසු දියුණු වේ. භව භෝග සැප සම්පත් ලැබී අනාගතය දීප්තිමත් වේ.
හතේ නීචයකු සිටීම හත හිමියා නීචවීම හතේ පාපයේ සිටීම පාප දැකුම් ලබා තිබීම හත හිමි පාපයන් සමඟ සිටීම දුෂ්ට ස්ථානගත වීම අස්නවීම පාපකර්තරී යෝගයට අසුවීම ආදීන් නිසා විවාහ දිවියේ අසාර්ථකත්වයක් පෙන්වයි. සහකරුට හෝ කාරියට අහිතකරයි. පාපබල අධික නම් සහකරුගේ විනාශය පෙන්වයි.
සත්වැන්න පාප රාශියක් වී පාපයන්ගෙන් පීඩා වූවේ නම් විවාහයට බාධා ඇතිකරයි. ග්‍රහයන් හතරදෙනකු යෝගවීම ද විවාහය පමාකරයි. මෙසේ ග්‍රහයන් හතර දෙනෙක් දුබලව හතේ නම් විවාහ සිදුනොවේ. චන්ද්‍රයා හා සිකුරු දෙදෙනාම හතේ කුජ ශනි සිටින විට ද විවාහයක් සිදුනොකරවන්නකි. අව චන්ද්‍රයා හත්වැන්නේ පාප රාශියක දුර්වලව පාප පීඩිත වූවේ ද විවාහයට බාධා ඇතිවේ. හත්වැන්නේ රාහු පාපයන් දෙදෙනකු සමඟ සිටියහොත් විවාහය සිදු නොවේ. හතේ පාපයෝ සිට නවයේ රාහු නම් විවාහය ප්‍රමාද වේ. පාපයන් 1, 7, 12 සිට අව චන්ද්‍රයා පහේ නම් විවාහයට බාධා ඇතිකරයි. චන්ද්‍රයා - සිකුරු හතේ සිටියදී කුජ ශනි දිෂ්ටි ලබයි ද ගුරුගේ දිෂ්ටි නොලදේ නම් කිසිදාක විවාහයක් සිදුනොවන තරමට නපුරුයි.
සිකුරු හා හත්වැන්න අධිපති උභය රාශිගත වීම එක විවාහයකට වඩා සිදුකරන්නකි. හත හිමි හෝ සිකුරු උභය රාශිගතව කුජ දොළහේ සිටියේ ද හතේ හෝ අටේ පාපයෙක් වීද විවාහ එකකට වැඩිවේ. හතේ පාපයන් සිට හත හිමි උභය රාශියක හෝ නවාංශකයක වූවේ නම් විවාහ බොහෝය. හත හිමි බලවත්ව කේන්ද්‍ර ත්‍රිකෝණගතව සිටියදී දහය හිමිගේ දෘෂ්ටි ලැබුවේ නම් බහු විවාහ යෝගයයි. රාශි බලයෙන් යුක්ති නොවූ ශනි හතේ සිටීමත් සුබයක් දකින ලද පුර චන්ද්‍රයා හතේ සිටීමත් විවාහ කීපයක් ඇතිකරගන්නකි. මොවුන් කාමාධිකයි. එනිසා එක් අයකුගෙන් පමණක් තෘප්තිමත් නොවේ. චන්ද්‍රයා සිකුරු හත අධිපති කේන්ද්‍රගතවී ද ත්‍රිකෝණ ගතවී ද නැතොත් දෙක හත හිමියන්ට ස්වරාශි බලයෙන් ද ඉතා යහපත් විවාහයක් සිදුවේ.
හත අධිපති දුබලව සිටියදී චන්ද්‍ර ග්‍රහයා ද දුබලව වේ නම් එම ස්ත්‍රීය ස්වාමියාට නොයෙක් කෲරකම් හා හිතුවක්කාර ක්‍රියාවල යෙදේ. කම් සැපට ප්‍රිය නොවේ. වෙනත් සුබ දිෂ්ටි සංයෝග වී නම් එසේ වන්නේ නැත.
හත හිමියා ගුරුගේ බලවත් සංයෝගයට හෝ සුබ නවාංශකයට ගියේ ද ඇය ස්වාමියාට ඉතා හිතවත් වේ. ආදරවන්ත අයකු සමඟ විවාහ වේ. හත්වැන්න අධිපති සමඟ හෝ සුබ නවාංශකයට ගියේ ද ස්වාමියාට ඉතා හිතවත් වේ. ආදරවන්ත අයකු සමඟ විවාහ වේ. හත්වැන්න අධිපති ගුරු සමඟ හෝ සුබයකු සමඟ ජල රැසක කටක, වෘශ්චික, මීන සිටියේ නම් ඉතා වටකුරු ආකර්ෂණීය පියයුරු දෙකක් ඇති කතක් විවාහයට ලැබේ.
ලග්නාධිපති සමඟ හත හිමියා සංයෝග වූයේ ද විවාහය සතුටුදායක එකක් වේ. ආලය ආදරය දැඩිවූ ඉක්මන් විවාහයකි. දෙදෙනාගේ අදහස් සමවේ. නමුත් හත හිමි ලග්නාධිපතිට වඩා බලවත් වී නම් අසුබ පල අත්වන අතර සහකරු යටත්කර ගැනීමට සිතයි. එයින් අඬදබර ඇතිවී අමනාපකම් තුළින් විවාහය බිඳීයයි. හතර හිමියා සමඟ හතහිමියා යෝගවීම නිසා තමාගේ හිත අනුවම සහකරු සොයාගනී. සහකරුට ඉතා ආදරය ඇතිවේ. එයින් සාර්ථක විවාහයක් කරගනී.
පහහිමියා සමඟ හත හිමි යෝගවීමෙන් ආලය අනුව විවාහයකි. එය යහපත් වාසනාවන්ත විවාහයකි. නවය හිමියා සමඟ යෝගවීම ඉතා ශුභයි. යහපත් ගතිගුණ වලින් හෙබි අවංක අයකු විවාහයට ලැබේ. තම වයසට ගැළපෙන සහකරුවකු සමඟ විවාහ වේ. හත දහය හිමියන් සංයෝග වීමෙන් දැඩි උත්සාහයෙන් දියුණුවන අයකු සමඟ විවාහය සිදුවේ. එකොළහ හිමියා සමඟ හත හිමියෝග වීමෙන් ප්‍රේම ආලය ආදරය තුළින් විවාහයක් සිදුවේ.
හත හිමියා දුබල වුවද සුබයනට පෙනේ නම් අයහපත් නොවේ. හත හිමි ලග්නාධිපතිට අංශක වශයෙන් කිට්ටු වූ තරමට විවාහය ඉක්මන් වන අතර බාලකාලයේදීම විවාහයට යොමුවේ. කුජ සිකුරු එක්වීම ද විවාහය ඉක්මන් කරවීමකි. නමුත් චරිතය එතරම් පිsරිසිදු නොවේ. පරදාරයි. කුජ සිකුරු දෙදෙනා රාශියේ හෝ නවාංශකයේ රාශි මාරු කර සිටීම ද චරිතය අයහපත්වීමට හේතුයි. අධික රාගික කම නිසා ස්වාමියා හැර අන් අය සමඟ රහසේ රතිකෙළියේ යෙදෙයි. හතේ හෝ එහි අධිපති බව ලැබීමෙන් බාල මහළු නොසිතා ඉතා උග්‍ර කාමාශාව හා රාගික හැඟීම් මතුවීමෙන් ඉඩක් ඇතිවූ විටකම තම ආශාවන් ඉටුකර ගැනීමට බාල මහළු නොතකා පොලඹවා ගෙන රතියෙහි ගිලේ. එවැනි අය එක්වරකින් පමණක් තුටු නොවේ. එනිසා ඇයට සරිලන අයකු සමඟම විවාහ වුවොත් අනංගයා සමානව රති සැප විඳී මල් රස හතකි.
හත්වැන්නේ අනාවැකි එසේ වුවත් හතේ ඇති හාස්කම් නම් බලමහිමයි. සිද්ධාර්ථ කුමරු සත් පියුම් මත පියවර තබමින් "අග්ගෝ හමස්මි ලෝකස්ස" කියා ප්‍රථම ධර්ම ප්රචාරක ආරම්භය ද ඇරඹීම, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් හත්දෙනා සත්පියුම නියෝජනය කළ බවත් නෙළුම් මලේ මූල්‍ය අඩිතාලමේ පෙති හතකි. තවද වෙනත් ආගමික දර්ශනයන්හිද හතේ සංඛ්‍යාව ඉදිරියට පැමිණ ඇත. එනිසා කේන්ද්‍රයේ හතේ බලය බිඳ නෙළුම් මලේ පෙති හතෙහි බලයෙන් පුරුෂ සැමගේ විවාහ බාධක බිඳ ඉක්මන් විවාහයක් ඇතිවීමට මෙම පෙන්ඩනය හෝ රිදී මුදුවෙහි අක්ෂරයන් කොටා ශුක්‍ර දිනක පුරපක්ෂයේ පුෂ නැකතින් මල් යහන තනා නිසි පුද තබා 786 වරක් ජපකර ශුක්‍ර හෝරාව තුළ උතුරු දිශාව බලා පළඳින්න. ඔබගේ පාප කර්මයන් සමනය වී යහපත් විවාහයක් ඉක්මනින් සිදුවේ.
මෙම පෙන්ඩනය හෝ මුදුව සත්සඳ මුලකින් ගැටගසා සත්වරක් පෙරූ නොයිඳුල් දිය බඳුනකට ඖෂධ වර්ග යොදා එහි බහා දියට මතුරන්න. එවිට මුද්දටත් මැණිකටත් ප්‍රාණය පිහිටයි. මුදුවේ හෝ පෙන්ඩනයේ මැදට ඔබේ ලග්නයට ගැළපෙන මැණික යොදන්න. ශුභ පල ලැබෙන්නේ එවිටයි. නැතිනම් පලක් නොවේ.
ජප මන්ත්‍රය (- ඕම් භර්ගෝ ස්වහඃ සර්ව ලෝක වසං කරාය. සර්ව ස්ත්‍රී පුරුෂ වසංකරාය කුරු කුරු ස්වාහඃ (786) වරක් ජප කරන්න. මේ අංක තුළින් 7 වැන්නෙන් චන්ද්‍රයා ද 8 වැනි අංකයෙන් සෙනසුරු ද 6 වැනි අංකයෙන් සිකුරුගේ බලය ද විවාහයට ශුභවේ. වැඩිවිස්තර 0770730062 න් විමසන්න.
ගුප්තවිද්යාකීර්ති රඹුක්කන
ජිනදාස එදිරිසිංහ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks