iranama
හත් වැන්නේ අඟහරු
ජ්‍යෝතිෂ විද්‍යාව පිළිබඳ දැනුමක් නැත්තෝ පවා අඟහරුගේ නම ඇසූ පමණින් බියට පත් වෙති. විවාහයට වින කරන ග්‍රහයකු වශයෙන් වැඩි දෙනෙකු සලකති. විවාහ යෝජනාවක් සම්බන්ධයෙන් කේන්ද්‍රයක් ලැබුණු විට එහි හත් වැන්නේ අඟහරු සිටී නම් එය දුටු අවස්ථාවේ දී ම ඉවත දැමීමට වැඩි දෙනා සූදානම් වී සිටිති. අඟහරු සම්බන්ධයෙන් එපමණ බියක් දක්වන්නේ අඟහරු සිටින ස්ථානයට අයත් දේ විනාශ කරන්නේ ය යන අදහස පෙරදැරි කර ගෙන ය. මෙහි සත්‍යයක් තිබේදැයි පළමුවෙන්ම විමසා බැලිය යුතු කාරණයකි.
අඟහරු, කේන්්ද්රයක යම් ස්ථානයක සිටි පමණින් එම ස්ථානයට අයත් දේ හැම අවස්ථාවේ දී ම විනාශ නොකරන බව මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවල දී අනාවරණය වී ඇත. බොහෝ අය විවාහය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගෙන ඇත්තේ සිය සහකරුට හෝ සහකාරියට විපත්ති පමුණනු ඇතැයි යන ආකල්පය පෙරදැරි කර ගෙන ය. අඟහරු හත් වැන්නේ සිටි පමණින්ම සිය සහකරු හෝ සහකාරිය අකාලයේ මිය යෑමට ඉඩ නොදෙන බව සනාථ වුණු අවස්ථා ඇත. සෞම්‍ය ග්‍රහයන්ගෙන් ද විවාහය බිෙඳන අවස්ථා ඇත. ඒ බව වැඩි දෙනෙකු නොදන්නා කාරණයකි.
විවාහය බිඳ වැටීමට හෝ පවුලේ අවුල් වියවුල් ඇතිවීමට අඟහරු පමණක් නොව වෙනත් ග්‍රහයන්ගේ බලය ද ඉවහල් වේ. මේ සම්බන්ධයෙන් තීරණයන්ට එළඹීමට පෙර ඒ ඒ ග්‍රහයා සිටි ස්ථානය, රාශිය, ලබන ග්‍රහ දෘෂ්ටි සම්බන්ධයෙන් විමසා බැලිය යුතුය.
අඟහරු ස්වෙකෂ්ත්රව හෝ උච්ච බලයට පත් වීමෙන් අනතුරුව පංච මහා පුරුෂ යෝග පද්ධතියට අයත් zzරුවකZZ යෝගය යෙදේ. මෙම යෝගය බොහෝ ශ=භඵල ලබා දෙන අතර හත්වැන්නේ යෙදුණ විට බලවත් විවාහයක් සිදු වේ. මෙම යෝගයෙන් උපන් අයගේ විවාහ ජීවිත ඉතා හොඳින් සාර්ථක වී ඇත. එහෙත් සමහරුන්ගේ විවාහ අසාර්ථක වී ඇත්තේ යෝග කාරක අඟහරු පාපයන්ගේ දෘෂ්ටියට ලක්වීමෙනි. පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ගොදුරු වූ විට ශ=භඵල වෙනුවට අශ=භඵල ලැබේ. එබැවින් අඟහරුගේ බලය පමණක් සලකා බලා විවාහය සම්බන්ධයෙන් තීරණ නොගත යුතුය.
අඟහරු ලග්නය, දෙක, හතර, හත, අට, දොළහ යන ස්ථානයක සිටිය දී විවාහයට සුදුසු නොවන්නේ අඟහරු කෙරෙන් භෞම දෝෂය යෙදෙන බැවිනි. එවැනි අවස්ථාවල දී අනෙක් පාර්ශවකරුගේ කේන්ද්‍රයේ ඉහත කී ස්ථානවල අඟහරු සිටී දැයි පරීකෂා කොට බැලිය යුතුය.
එසේ නොමැතිව ඉහත කී ස්ථානවල රවි, ශනි, රාහු, කේතු සිටී නම් මෙම දෝෂ තත්ත්වය පූර්ණ වශයෙන් භංග වේ. මෙම දෝෂය සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට පෙර අඟහරු ඒ ඒ රාශියේ සිටින්නේ කුමන අංශකයේ දැයි විධිමත්ව පරීකෂා කළ යුතුය. ඒ ඒ රාශියේ මුල හෝ අග අංශක පහ ඇතුළත සිටිය දී මෙම දෝෂය නොයෙදෙනු ඇත.
අඟහරු යහපත් තත්ත්වයේ සිටින අයගේ ද විවාහ බිඳ වැටී ඇති අවස්ථා ඇත. එසේ වූයේ එම කේන්ද්‍රවල විවාහය බිඳ හෙලන වෙනත් යෝග ඇති හෙයිනි. එවැනි අවස්ථාවල විවාහය බිඳ වැටීමේ වරද පැටවෙන්නේ අඟහරු වෙත ය. අඟහරු බලවත් භාවයෙන් යුක්තව හත් වැන්නේ සිටිය දී අශ=භ ග්‍රහයන්ගේ දෘෂ්ටියට ගොදුරු වුවහොත් අඟහරුගේ ප්‍රකෘති තත්ත්වය වෙනස්වීමෙන් අයහපත් ප්‍රතිඵල ඇති කෙරේ. එබැවින් අඟහරු ලග්නයේ හෝ හත්වැන්නේ සිට පමණින් විවාහය බිඳ වැටෙතැයි අස්ථාන බියක් ඇති කර නොගත යුතුය.
අඟහරු හත් වැන්නේ සිටි සමහරුන්ගේ විවාහ සාර්ථක වීමටත් අසාර්ථක වීමටත් හේතු ගණනාවක් ඇත. හත් වැන්නේ අඟහරු නීච හෝ සතුරු තත්්ත්වයෙන් සිටීම සහ පාපයන්ගේ දෘෂ්ටියට ලක් වූ අයගේ විවාහ බිඳ වැටීමට අයහපත් මහ දශා, අන්තර් දශා මෙන්ම ග්‍රහ ඝෝචරය ද ප්‍රධාන වශයෙන් බලපා ඇති බැව් තහවුරු වී ඇත.
උත්පත්තියේ දී යහපත් හෝ අයහපත් ග්‍රහ යෝග යෙදී තිබේ. එවැනි ග්‍රහ යෝගයන්ගේ ශ=භාශ=භ තත්ත්වයන්ට පවතින මහ දශාව හා ග්‍රහ ඝෝචරය බලපෑම් ඇති කරති. ශ=භ හෝ අශ=භ ග්‍රහ යෝග යෙදී තිබිය දී එම යෝගයේ එම යෝගයේ ශ=භාශ=භ ලැඛෙන්නේ ඊට අනුකූල මහ දශාවක් ආරම්භ වූ අවස්ථාවේ දී ය.
අඟහරු හත් වැන්නේ සිටි සමහරුන්ගේ විවාහ සාර්ථක වීමටත් අසාර්ථක වීමටත් හේතු ගණනාවක් ඇත. හත් වැන්නේ අඟහරු නීච හෝ සතුරු තත්ත්වයෙන් සිටීම සහ පාපයන්ගේ දෘෂ්ටියට ලක් වූ අයගේ විවාහ බිඳ වැටීමට අයහපත් මහ දශා, අන්තර් දශා මෙන්ම ග්‍රහ ඝෝචරව බලපෑම් ඇති කරති. ශ=භ හෝ අශ=භ ග්‍රහ යෝග යෙදී තිබිය දී එම යෝගයේ ශ=භාශ=භ ලැඛෙන්නේ ඊට අනුකූල මහ දශාවක් ආරම්භ වූ අවස්ථාවේ.