iranama
හතර කේන්ද්‍රස්ථාන පාලූවීම
ලග්නය, හතර, හත, දහය යන ස්ථානවල කිසිදු ග්‍රහයකු නොමැති කේන්ද්‍ර විටින් විට දක්නට ලැබේ. එවැනි කේන්ද්‍ර හඳුන්වන්නේ හතර කේන්ද්‍ර පාලූ කේන්ද්‍ර වශයෙනි. මෙවැනි කේන්ද්‍ර හිමිකරුවන් අවාසනාවන්ත පුද්ගලයන් යයි සමහරු හඳුන්වති. එහෙත් මෙවැනි හතර කේන්ද්‍ර පාලූ පුද්ගලයන් අතර උසස් මට්ටමේ සැප සම්පත් විඳින්නෝ ද සිටිති.
හතර කේන්ද්‍ර පාලූ වූවෝ මහණකමට යෝග්‍ය බවට අප සමාජයේ මුල්බැසගත් මතයක් ඇත. මහණකම යනු අවාසනාවන්ත ජීවිතයක් නොවේ. එය පුද්ගලයෙකුට ලැබිය හැකි උසස්ම තනතුරකි. හතර කේන්ද්‍රය පාලූවූවන් අවාසනාවන්තයන් නම් ඔවුන් මහණකම වැනි උසස් තනතුරකට පත් කිරීම සම්බුද්ධ ශාසනයට කරන නිර්දය නිග්රහයකි.
සතර කේන්ද්‍රය යනු කේන්ද්‍රයේ බලවත් ස්ථානයන් ය. ඊට අමතරව පහ, නවය ත්‍රිකෝණගත රාශි බලවත් වේ. සමහර කේන්ද්‍රස්ථාන පාලූ වී තිබිය දී පහ, නවය ඛෙහෙවින් දුර්වල නම් එම අයගේ ජීවිතය වාසනාවන්ත නොවේ.
සතර කේන්ද්‍රස්ථානවල ග්‍රහයන් නොමැති අයගේ විවාහ ජීවිත එතරම් හොඳින් සාර්ථක නොවී ඇති බව මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවල දී අනාවරණය වී ඇත. ඔවුන්ගේ විවාහ ජීවිත වැඩි වශයෙන් අසාර්ථක වී තිබේ. එසේත් නැත්නම් සිය සහකරු හෝ සහකාරිය අකාලයේ මිය ගොස් ඇත. එහෙත් ති්රකෝණගත රාශිවල බලවත් ග්‍රහ යෝග යෙදී තිබේ නම් එම හතර කේන්ද්‍ර පාලූවීමේ දෝෂ තත්ත්වය පහවී ගිය අවස්ථා ද ඇත.