iranama
සෙනසුරු ඒරාෂ්ඨක අපල ගැන ඔබ දැනුවත්ද ?
සෙනසුරු කියූ පමණින්ම මිනිසා භීතියට පත්වන්නේ සෙනසුරු ග්‍ර හයා කරන දෙයක් මිනිසාට දැනෙන්නටම කරන ග්‍රහයා නිසාය. අපි හැමවිටම සිතන්නේ මෙලොව දියුණුව ගැනයි. බිරිඳ, දරුවන්, ගේදොර, යාන වාහන ආදී දේ ගොඩනඟමින් අපි තාවකාලික සතුටක් සොයා දිව යයි. එහෙත් සෙනසුරු දකින්නේම අපගේ විඤ්Æනයයි. එසේ දකින සෙනසුරුම අපි පසුපසින් ආත්ම පෙරහැරක්ද, ඉදිරියෙන් ආත්ම පෙරහැරක් ද දකියි. පසුගිය ආත්මභාවවලදී අප කෝටි ප්‍රකෝටි ගණන් අඹු දරු, යාන වාහන, නිවාස, දිව්‍ය විමාන, ප්‍රේaත විමාන, ගොඩනඟමින්. විනාශකරමින් නැවත මෙහි පැමිණ එවැනි ලෞකික දේම ගොඩනඟමින් සිටින බව සෙනසුරු දකියි. ගොඩනඟන ලෞකික සැප නැවත අත හරිමින් හෝ බාගෙට අවසන් කර මේ ආත්මයෙන් අතරමගදී සමුගන්නා මිනිසාට මේ බොරුව පැහැදිලි කරදෙන එකම යථාර්ථවාදී ග්‍රහයා සෙනසුරුම වේ. ලෞකික සැප අතරේ නොනිමි අරගලයක යෙදෙන මිනිසාව සෙනසුරු ග්‍රහයා විසින් එකවර බිමට ඇද දැමූවිට යන්නේ කොහේටද?තම ආගම, පන්සල, හඳහන සොයාගෙන යයි. එම තැන්වලින් මිනිසාව යොමු කරවන්නේ කොහේටද? අධ්යාත්මයටයි. කුසලයටයි. ලෞකික දිවියේ සුර සැප යෑයි සිතාගෙන දිය කෙළියේ ජබුංගසනා කකුළුවා සේ මනෝ ලෝකයක සැරිසරනා මිනිසාගේ දැස් විවර කරවනා සෙනසුරු ගැන අපි හරියට අවබෝධ කරගෙන නැත. අපි ඇඳුම් මාරු කළාට ඇඟ මාරු කරන්නේ නැත. අපි ආත්ම මාරු කළාට විඤ්Æනය මාරු කරන්නේ නැත. අපි හැමවිටම දකින්නේ අපගේ ආත්මයයි. සෙනසුරු දකින්නේම අපගේ විඤ්Æනයයි. ආත්ම පෙරහැරයි. මේ යථාර්ථවාදී සෙනසුරුට රාශි දොළහේ එක රාශියක් ගත කිරීමට පුරා වසර 2 1/2 ක් ගත වේ. එවැනි දීර්ඝ කාලයක් ගත කරන එකම ග්‍රහයාද සෙනසුරුම වේ. එසේ ගමන් කරන සෙනසුරු ඔබගේ ලග්න රාශියට පැමිණීම ලග්න ඒරාෂ්aඨකයයි. එය එතරම්ම සැර නැත. ශනි ඔබගේ ජන්ම පත්‍රයේ 12 වැනි රාශියේ වසර 2 1/2 ක් ලග්නයේ වසර 2 1/2 ක් දෙවැන්නේ වසර 2 1/2 ක් බැගින් වසර 7 1/2 ක් ගෙවන කාලය ලග්න ඒරාෂ්ඨකයයි. දෙවැනි ඒරාෂ්ඨකය වන්නේ ඔබගේ ජන්ම පත්‍රයේ 8 වැනි රාශියට සෙනසුරු පැමිණීමයි. එය අෂ්ඨම ඒරාෂ්ඨකයයි. එය පුරා වසර 2 1/2 කි. තුන්වැන්න සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ඨකයයි. එය තද බලයි. එය ඔබගේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින රාශියට ශනි ගමනින් පැමිණීමයි. එයත් වසර 7 1/2 කි. චන්ද්‍රයා සිටින රාශියට කලින් වසර 2 1/2 චන්ද්‍රයා සිංහ රාශියේ වසර 2 1/2, චන්ද්‍රයා සිටින රාශියට පසුව තිබෙන වසර 2 1/2 බැගිනි. මැද 2 1/2 එනම් චන්ද්‍රයා සිටිනා රාශියේ ගෙවන වසර 2 1/2 අතිශයින්ම තදබල අපල කාලයකි. එම චන්ද්‍රයා සිටින්නේ ඔබගේ 4 වැන්නේ නම් මවට, පපුවට දේපළට හානි පැමිණේ. 7 වැන්නේ චන්ද්‍රයා සිටියි නම් විවාහයට, කොන්දට, වකුගඩු, හවුල් කටයුතුවලට හානි පැමිණේ. අනෙක් රාශීන් ගැන ද මෙලෙස අපි තේරුම් ගත යුතුයි. එලෙස චන්ද්‍රයා සිටින රාශියට අදාළ කරුණට විනාශයක් අනර්ථයක් සිදු කිරීම සෙනසුරුගේ සිරිතයි. එම රාශිය කටකය නම් අපලය වඩාත් ප්‍රබල වේ. එහෙත් සෙනසුරු ඒරාෂ්ඨක අපලවලින් දරුණුම අපලය වන්නේ සෙනසුරුගේ ජම්ම ඒරාෂ්ඨකයයි. ඊළඟ ඒරාෂ්ඨකය චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකයයි. එය ඔබගේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින රාශියෙන් අටවැන්නට සෙනසුරු ගමනින් පැමිණීමයි. චන්ද්‍රයා උපතින්ම පළමු රාශියේ සිටින අයට අෂ්ඨම ඒරාෂ්ඨකයත්, චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකත් දෙකම එකවර යෙදේ. එවැන්නන්ට ලග්න ඒරාෂ්ඨකයත් ජම්ම ඒරාෂ්ඨකයත් යන ද්විත්ව ඒරාෂ්ඨක එකවර යෙදේ. එවිට ටිකක් තද බල වේ. ධනු ලග්න කාරයාට උපතින්ම චන්ද්‍රයා 8 වැන්නේ සිටියොත් ධනු ලග්නයට 8 වැන්න කටකය නිසා, එවැනි අයට සෙනසුරු ගමනින් 8 වැන්නට පැමිණීම මහත් අපල විපත් ගෙන දේ. අනියත මාරක, කොන්දට, වකුගඩුවලට විවාහයට, බලවත් පීඩා ගෙන දේ. සෙනසුරු ඒරාෂ්ඨකයක් යනු සසරේ අප විසින්ම කරන ලද අකුසල් අප කරාම නැවත පැමිණෙන කාලයයි. "රජෙක් වුණොත් තමන්ගේ තරමේ හැටියට පිරිහෙන අතර යාචකයෙක් වුණොත් හිඟමන් නොලැබී ගොස්a පීඩාවට පත්වනු ඇත තීරණ වරදින අතර ළඟ හිත මිතුරන් හැර යනවාය. පාත්තියක් කොටල ජලය, පොහොර දමල තිබෙනව සසර ගත කර්ම බීජ තිබුණොත් පැළ හට ගන්නව, ශාරීරිකව, මානසිකව, ධනයෙන්, බලයෙන්, ගුණයෙන්, ශක්තියෙන් පිරිහෙනවාය. මාගේ ජ්‍යෙdතිෂ ජීවිතයේදී ලද අත්දැකීම්වලින් පැහැදිලිව ප්‍රකාශ කළ යුතු කරුණක් තිබේ. තමන්ගේ ජීවිතය තුළ යෙදෙන ඒරාෂ්ඨකයක් යෙදෙන කාල සහ එහි තරම පිළිබඳව විදිමත්ව තක්සේරුවක් දක්ෂ ජ්‍යෙdතිර්වේදියකුගෙන් සිදු කරගෙන එම කාලවල සැබෑ ප්‍රතිකර්ම ක්‍රමවේදයකට යොමුවීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් ධනයෙන්, බලයෙන්, ගුණයෙන්, ශක්තියෙන් පිරිහුණු තත්ත්වයකට ඒරාෂ්ඨක කාලවල පත්වී තිබෙන අය මේ සමාජයේ සුලබය. ප්‍රතිකර්ම සමගම ධාර්මික ජිවිතයක් ගත කිරීම තුලින් මෙම කර්ම විපාක අඩු මට්ටමකට පත් කර ගත හැක.
සෙනසුරු ඒරාෂ්ඨක අපලයක් තුළ කෙනෙකුට හටගන්නා රෝගාබාධ සඳහා බෙහෙත් පමණක් සිදුකරගෙන සුවපත් විය නොහැක. පැරැණි දක්ෂ වෙද මහතුන් රෝගාබාධ සුවපත් කිරීමට ජන්ම පත්‍රය ද ඉල්ලා සිටින්නේ ඔය හේතුව නිසාය. සෙනසුරු ග්‍රහයාට සහ රෝගයට යන දෙකටම එකවර ප්‍රතිකර්ම සිදු කිරීම තුළින් වහා සහනය සැලසේ. සෙනසුරු ඒරාෂ්ඨක අපලයක් සපල කර ගැනීමට අවශ්‍ය වන්නේ බුදුන්ගේ සරණ ගොස් විශේෂයෙන්ම විෂ්ණු දෙවියන් ප්රමුඛ දේව සමාගමේ පිහිට පැතීමයි. සෙත්කවි, ප්රාණකවි වලින් ද සිදුවන්නේ එයම නොවේද? පළමු පද දෙකෙන් දෙවියන්ගේ දේව වර්ණනාවත් අවසන් පද දෙකෙන් තමන්ගේ අරමුණ ඉටු කර දෙන ලෙස ඉල්ලීමත් වේ.
හරියාකාර නිසි ක්‍රමවේදයකින් කටයුතු කිරීම තුළින් බොහෝ දරුණු සෙනසුරු ඒරාෂ්ඨක අපල මර්දනය කළ හැක. එක දිගටම හොඳින් අධ්‍යාපන කටයුතු කරමින් සිටින දරුවන් නොසිතූ පරිදි අධ්‍යාපනය දුර්වල වන්නේ බොහෝ වේලාවට තද ඒරාෂ්ඨක අපල වලට හසුවීමෙනි. ඒරාෂ්ඨකයේ තද වැඩිකම නිසාම හතර අතේ දිව යන මව්පියන්ට නිවැරැදි වෛද්‍යවරයා හෝ ජ්‍යෙdතිර්වේදියා මුණගැසෙන්නේත් වැඩේ හොඳටම අවුල් වූ පසුබිමකය. හොඳින් ඉහළම ප්‍රතිඵල ලබා දෙන දරුවකුගේ 5 වැන්නේ චන්ද්‍රයා සිටී නම් සෙනසුරු ගමනින් එතැනට පැමිණ ඇත්නම් සඳුගේම මහ දශාවක් හා අසුබ අතුරු දශාවක් ද ගෙවමින් සිටීනම් කෙතරම් දක්ෂ දරුවකු වුවද අඩු ප්‍රතිඵලයක් ලබා ගන්නවාමයි. රාහු Ý සිකුරු වැනි ග්‍රහයකුගේ විදශා ගෙවමින්, සිටියොත් ප්‍රේමයක්ද එයට එකතු වීමෙන් අවුලෙන් අවුලට පත්වේ. මේවාට දරුවාට බැණ වැදී පලක් නැත ග්‍රහයා මෙල්ල කර ගත යුතුය. වැස්ස වහිනා බව සැබෑය. කෝ කුඩේ ? තද වැස්සකදී කුඩේ ගැලවී විසිවී යන්නා සේ තද ඒරාෂ්ඨක අපලයකදී යන්ත්‍ර මැණික්, ප්‍රතිකර්ම ගැලවී විසිවී යයි. නැතිනම් තමාම ගලවා දමයි. මෙම කාලයේදී සිහි බුද්ධියෙන් කටයුතු කළ යුත්තේ මේ නිසාය. සෙනසුරු ඒරාෂ්ඨක අපලයක් විඳීමක් ලෙස ප්‍රතිකර්ම සිදු කර ගැනීම තුළින් අවම හානියකින් ගෙවා දමන්නේ කෙසේද යන්න මීළඟ ලිපියෙන් විග්රහ කරමි. අවසන් වශයෙන් එක් දෙයක් ප්‍රකාශ කළ යුතුමය. කවුරුන් කුමක් ප්‍රකාශ කළ ද සැබෑ සෙනසුරු ඒරාෂ්ඨකයක තරම දන්නේ එයට මුහුණ දුන් පුද්ගලයාම පමණි. සෙනසුරු ඒරාෂ්ඨක අපල කියා දෙයක් නැතැයි පවසන පුද්ගලයන් ජ්‍යෙdතිර්වේදීන් නොවෙයි. ඔවුන් වක්රාකාර පාපයකට හසුවන්නේ ආතුරයාට ප්‍රතිකර්ම සිදු කර ගැනීමට තිබෙන අවසන් අවස්ථාවද නැති කර දමන නිsසාවෙනි.
වැඩිදුර විස්තර සඳහා 0778892039, 0112799846
ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී ධර්මාචාර්ය අජිත් ලොකුගේ
සටහන - ධම්මික හේවාවසම්

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks