iranama
සූනියන් දෙවියන්ගේ පිහිට ලබාගන්නේ මෙහෙමයි
යමෙක් දුකකට විපතකට පත් වූ විට දෙවියන්ගේ පිහිට ආධාරය පතා දෙවොල් කරා යැමට අපේ ජනතාව පුරුදුව ඇත. දෙවියන්ගේ පිහිට ආධාරය පතනවා වගේම විවිධ අවශ්‍යතා සඳහා ගුරුකම් කිරීමටද පුරුදුව සිටී. එහෙත් තමන්ගේ අවශ්‍යතා නොපෙනෙන බලවේගයන් තුළින් ඉටු කරගනු ලබන්නේ කීයෙන් කී දෙනාද. ඔබගේ දැවෙන ප්රශ්නය කුමක් වුවත් එයට නිසි ප්‍රතිඵල ලබාගත හැකි පරම්පරාගත සුවිශේෂී ශාන්ති කර්මයක් නැකැත පාඨකයින් වෙත ඉදිරිපත් කරමි. ඔබ දෙවියන් පිළිබඳ විශ්වාසයක් ඇත්නම් මේ අපූරු ක්‍රමය ඔබටද අත්හදා බැලිය හැකි අතර අනිවාර්යයෙන්ම නිසැක නියත ප්‍රතිඵල මේ තුළින් අත්විඳිය හැකිය.
සූනියන් දෙවියන් යනු ශ්‍රී ලංකාව තුළ විශේෂ පුද සත්කාර සඳහා පාත්‍ර වී ඇති ප්‍රබල දෙවි කෙනෙකි. උන්වහන්සේගේ ප්‍රබල බලය තුළින් ඔබගේ සිතට පීඩා ගෙන දෙන ප්‍රශ්න සඳහා ඉක්මන් විසඳුම් මෙම ක්‍රමය තුළින් ලබා ගත හැකිය.
සුනියන් දෙවිඳු වෙනුවෙන්ම පුද සත්කාර කරන ස්ථානයක මෙය සිදුකිරීම විශේෂයෙන්ම කළ යුතුය. මේ සඳහාම තැනූ මණ්ඩපයකට වඩා පෙර සිට පහන් දල්වන ස්ථානයක් තෝරා දෙවියන් වෙනුවෙන් පුද සත්කාර කරන කපු මහතකු විසින් මෙය සිදු කරනවා නම් ප්‍රතිඵල ඉක්මන් වීමට හේතු වේ. මන්ද යත් ඇතාට කතා කරන ඇත් භාෂාව ඇත් ගොව්වා දන්නවා මෙන් දෙවියන්ට පුද සත්කාර කරන උදවිය විවිධ වත්පිළිවෙත් හොඳින් දන්නා නිසාය.
සූනියන් දෙවිඳු ඉදිරිපස රතු මලින් සරසා බුලත් කොළ හතක් පිට මැටි පහන් හතක් පස්තෙලින් දල්වා පොල් ගෙඩියක් දෙකට බිඳ එක බෑයකට එළගිතෙල්ද අනෙක් බෑයට සමන්පිච්ච මල්ද පුරවා යහනේ තබා හකුරු හඳුන්කූරු දල්වා කපුරු පිනිදිය නැවුම් පලතුරු යහන් ගතකර දිවා හා රාත්‍රි කාලය තුළ සූනියම් දෙවිඳු ලොව බලන වෙලාවේදී (10 සිට 10.24 දිවා හා රාත්‍රි කාලයට පොදුයි) දේවාරාධනාව කර (ඕං ගුරු වරං ගුරු පත්‍ර කාලි වරං) ඉන්පසු ශ්‍රී රාම දිෂ්ටිය 21 වර ජීවම්කර සූනියම් දෙවි ආරාධනාව කර සූනියම් දිෂ්ටියෙන් දිනපතා 21 වර දිෂ්ටි කර අවශ්‍ය කාරණාව සිහිතබා වෙනම සපයා ගත් පොල් ගෙඩිය බිඳිනු. මෙම කාර්ය රාත්‍රි කාලයට ඉතාම ශුභයි. පුර පක්ෂයෙන් අරඹා දින 41 ක් නොකඩවා සිදුකිරීමෙන් අනිවාර්ය ප්‍රතිඵල ලැබේ. විදේශගත අයගේ ගැටලු ප්‍රශ්aaaනවලට, හැරගිය අය ගෙන්වා ගැනීමට, සතුරු දපනයට, ව්‍යාපාර දියුණුවට, අගහිඟකම් මඟ හරවා ගැනීමට, දුරස් වූ අය හිතවත් කර ගැනීමට, නඩු හබ ජය ගැනීමට, යාන වාහන ආරක්ෂාවට ආදී කොටගත් මෙකී නොකී සියලු දේට ඉතාම යහපත්. ගුරුකම්වලින් ලබන ප්‍රතිඵලවලට වඩා ප්‍රබල ප්‍රතිඵලයක් මේ තුළින් ලැබිය හැක. රතු රෙදිකඩක රිදි පඬුරක් ගැට ගසා සියල්ල ශාස්ත්‍රානුකූලව අරඹන්න. සියලු සූනියම් දේව ස්ත්‍රොaත්ර සීනුව නාද කරමින් හඬ නඟා කියවන්න. සියල්ල ජයගත හැකිය.
වැඩි විස්තර සඳහා 0786107052 අමතන්න.
ගුප්ත විද්‍යාවේදී -
කේ. එස්. යොදීන්ගේ
Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks